Video Sources 3599 Views

  • සිංහල උපසිරැසි සමග
My Name Is Shruthi (2023) Sinhala Subtitles

My Name Is Shruthi (2023) Sinhala Subtitles

When Intelligence injects with Crime.Nov. 17, 2023Unknown130 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(My Name Is Shruthi (2023) Sinhala Subtitles) (My Name Is Shruthi (2023) Sinhala Sub) (My Name Is Shruthi Sinhala Subtitles) (My Name Is Shruthi Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම.!

ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක..
සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..!

2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙලුගු ෆිලුම අයත් වෙන්නෙ මං සාමාන්‍යයෙන් අරන් එන ෆිල්ම් කැටගරියට..
ඒ ගොඩක් අය ආස Crime & Thriller කියන කැටගරි එකට..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ දමිළ සිනමාවෙන් ජනප්‍රියත්වට පත් වෙච්ච ගොඩක් දෙනා දන්න කියන Hansika Motwani.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..ඇයිදෝ මංදා කාලෙක ඉදන් හංසිකා රංගනයෙන් දායක වුන ෆිල්ම්ස් එච්චර සාර්ථක උනේ නම් නෑ…තලපතිලා, සූර්යලා, ජයම් රවීලා වගේ ලොකු ලොකු හිට් නළුවෝ එක්ක රගපාපු හංසිකා පොඩ්ඩක් පහු බැහැල වගේ ගතියක් තියෙනවා..

අනේ මංදා කොහොම හරි මේ ෆිලුමේ එයාගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ හොද මට්ටමේ තිබ්බා.. මුළු ෆිලුම පුරාවටම ලොකු තැනක් දීල තිබ්බේ එයාගෙ කැරැක්ටර් එකට තමා..හංසිකාට අමතරව තෙලුගු සිනමාවේ අපිට නිතර හමුවෙන ගොඩක් නළු නිළියෝ මේ සදහා රංගනයෙන් දායක වෙලා තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast
Hansika Motwani as Shruthi
Sai Tej as Charan
Prema as Dr. Kiranmayi
Murali Sharma as ACP Ranjith
Pooja Ramachandran as Anu
Raja Ravindra as Home Minister V. Prathap Reddy
Praveen as Bhabhi
Aadukalam Naren as MLA Gurumurthy
Jayaprakash

කතාව ගැන කියනව නම්, ඔයාල හැමෝම දන්නවනේ තරුණ ගැහැණු ලමයි පැහැරගෙන ඉන්දියාවේ සිද්ද වෙන අවයව ජාවාරම, හැබැයි මේක ඒ ගැන නම් නෙවෙයි, ඒ හා සමාන “සම්” ජාවාරම ගැන,මොකක්ද මේ “සම්” ජාවාරම කියන්නෙ.? සම් ජාවාරම කියන්නෙ එක එක ප්‍රශ්න නිසා, ඒ කියන්නෙ සමේ මොකක් හරි රෝගයක් හැදිලා එහෙමත් නැත්තම් වයස නිසා සම ඉරිතැලිලා වගේ දේවල් නිසා ගැහැණු අයගේ සමට මොකක් හරි උනොත්,අවයව බද්ද කරනව වගේ වෛද්‍ය විද්‍යාව හරහා “සම” බද්ද කරන එකට.. ඉතින් අපි කව්ද කැමති අපේ හොදට තියෙන හම වෙන කෙනෙක්ට දෙන්න.. ඔන්න ඕක නිසා තමයි ගැහැණු ලමයින්ව පැහැරගෙන මේ ජාවාරම කරන්නෙ..

ෆිලුමෙ නම් මේ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ හැම එහෙකම වගේ සුපුරුදු විදිහට මන්ත්‍රී කෙනෙක්… මේ ජාවාරමට කොටු වෙන අපේ ශෘතී (Hansika) මේකෙන් ගැලවෙන හැටියි, මේ ජාවාරමේ සුල මුළ පොලිසියට අහුකරල දෙන හැටියි තමයි ෆිලුම පුරාවටම දුවන්නෙ..ඔය අතරෙ ශෘතී අතින් සිද්ද වෙන මිනීමැරුම් දෙකක් වහන්නත් ශෘතී මාස්ටර් මයින්ඩ් ගේමක් ගහනවා.. ඒ ගේම් ටික කොහොමද කියල බලන්නකො ඔයාලම එහෙනම්..

අදට ගිහින් එන්නම්.! හැමෝටම බුදුසරණයි.! ජේසු පිහිටයි.! ජයම වේවා.!

My Name Is Shruthi (2023) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Subtitles
Original title My Name Is శృతి
IMDb Rating 8.5 2,174 votes
TMDb Rating 6.3 3 votes

Similar titles

Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published