Video Sources 3276 Views

  • සිංහල උපසිරැසි සමග
Dasara (2023) Sinhala Subtitles

Dasara (2023) Sinhala Subtitles

Mar. 30, 2023India159 Min.Not Rated
Your rating: 0
8.7 7 votes

Synopsis

ආයුබෝවන් හැමෝටම !

කාලෙකට පස්සෙ තවත් අලුත්ම තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමා වෙබ් අඩවියට ගොඩ උනේ.වැඩ අස්සෙ බිසී වෙලා ඉන්න මොහොතක බොහෝම අමාරුවෙන් කාලය අරගෙන තමා මේක කලේ.ඉතින් ඔක්කොටම කලින් මේකෙ කාලරාමු සකසල දුන්න අපේ ඉඳුවර මල්ලිට ස්තූති කරන්න ඕන නැත්නම් මේක බොහෝවිට කරන්න බැරිවෙන්න තිබුනා මට.

හරි එහෙනම් මේ වසරේ ජයග්‍රාහී අති සාර්ථක තෙලිඟු චිත්‍රපටයක් තමා මේ Dasara කියන්නෙ.තිරගත වීම ආරම්භ කලේ පහුගිය මාර්තු 30 වෙනිදා.මාසයක් ගත වෙන්න ඔන්න මෙන්න තියල Netflix හරහා තමා ඩිජිටල් පිටපත් මේ විදියට අන්තර්ජාලයට මුදා හැරුනේ.චිත්‍රපටය ගැන කියනවනම් ඉන්දියානු රුපියල් කෝටි 65ක් වගේ මුදලක් වි‍යදම් කරලා නිෂ්පාදන කොට බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 110 වගේ ඉහල ආදායමක් ලබාගන්න සමත් වුනා මෙය.ශ්‍රීකාන්ත් ඔඩෙලා ගේ කුලුදුල් සිනමා නිර්මාණය ලෙසින් නිකුත් වන මෙය SLV Cinema හරහා තමයි ප්‍රේක්ෂකයන් අතරට පත් වන්නෙ.

තෙලිඟු සිනමාවේ Natural Star ⭐  ලෙස නම් දරා සිටින නානි සමඟින් සම්මානනීය ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ් තමා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ.ඉතින් නානිගෙ සිනමා ජීවිතය වෙනස්ම කඩඉමක් කරා ගමන් කරපු සිනමා නිර්මාණයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන්.මොකද කෝටි 100 ආදායම පසු කල ඔහුගේ පලවෙනි චිත්‍රපටය මෙය වන නිසා.ඒ වගේම කීර්ති සුරේෂ් චිත්‍රපට රැසක අසාර්ථකත්වය (වාණිජමය වශයෙන්) සමඟින්  සිටින මොහොතක තමා මෙහි ජයග්‍රාහී ගමන සිද්ද උනේ.ඉතින් ඔවුන් දෙදෙනාට අමතරව Dheekshith Shetty , Shine Tom Chacko , Samuthirakani වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඒ වගේම නානිගෙ මේ සිනමා පටය තෙලිඟු සිනමාවේ දෙවන මට්ටමේ ජනප්‍රිය නලුවෙක් පලමු දින ලබාගත් ඉහලම ආදායම වාර්තා කල චිත්‍රපටය ද වනවා.

ඉතින් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් සිංගරේනි ගල් අඟුරු පතල් ආශ්‍රිතව තමා මේ කතාවට පාදක ගම ඇතුලු පසුබිම අරගෙන තියෙන්නෙ.ගම තමා එතකොට වීරලපල්ලි.ගමේ ප්‍රධානම ස්ථානය තමා බාර් එක.බාර් එකේ අයිති කෙනාට ගොඩක් මිනිස්සු ගෞරව කරනවා.දරනී සහ එයාගෙ යාලුවො සෙට් එකත් ඉන්නෙ මේ ගමේ තමා.ඉතින් දේශපාලනිකව ගමේ වුනු වෙනසක් තමා මේ කතාව වෙනස්ම මානයකට ඇද දමන්නේ.

එහෙනම් හැමෝටම ආරාධනා කරනව මේ අපූරු තෙලිඟු චිත්‍රපටය නරඹන්න කියල.ආයෙම සබ් එකකින් හමුවෙමු.

ඔබට ජය !

Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Original title దసరా
IMDb Rating 7.5 4,858 votes
TMDb Rating 9 1 votes

Director

Cast

Nani isDharani
Dharani
Sai Kumar isRajanna
Rajanna
Shine Tom Chacko isChinna Nambi
Chinna Nambi
Poorna isVadinamma
Vadinamma
Rajsekhar Aningi isInspector Nagaraju
Inspector Nagaraju
Jhansi isVennela's Mother
Vennela's Mother

Similar titles

Mortal Kombat (2021) Sinhala Subtitle
DJ Tillu (2022) Sinhala Subtitles
Armor (2024) Sinhala Subtitles
Nizhal (2021) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Injustice (2021) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published