Video Sources 1582 Views

  • Watch trailer
Love Story (2021) Sinhala Subtitles

Love Story (2021) Sinhala Subtitles

Sep. 24, 2021India165 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Love Story (2021) Sinhala Subtitles) (Love Story (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

බොහො දෙනෙක් කාලයක් තිස්සෙ ආසාවෙන් බලා උන්නු ආදරණීය තෙලිඟු සිනමා පටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ උනේ.

Love Story | ආදර කතාව

2020 වර්ශයේ තිරගත වෙන්න තිබුනු චිත්‍රපටයක්.අවාසනාවන්ත විදියට කොරෝන උවදුර නිසා නිතර කල් දමන්න සිද්ද වුනා මේ චිත්‍රපටය.මාත් ඉතින් නිවේදනය ගිය දවසෙ ඉදන්ම බලන්න ආසාවෙන් උන්නු චිත්‍රපටයක්.අවසානෙ පහුගිය සැප්තැම්බර් 24 වෙනිදා සිනමාශාලාවලට නිකුත් කෙරුනා.ඒ වගේම හොඳා සාර්තකව ගිය චිත්‍රපටයක් තමයි මේ Love Story.රේටින් බැලුවමත් හොද මට්ටමක තියේ කියලා පේනවනේ.ඒ විතරක් නෙමෙයි ඉන්දියානු රුපියල් කෝටි 30 ක් වියදම් කරල නිෂ්පාදනය කරපු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඉන්දියානු රුපියල් කෝටි 80.55 ක් ලබාගන්න සමත් වුනා.

ඉතින් හැමෝටම මතකයි 2017 සායි පල්ලවී සහ වරුන් තෙජ් දෙන්න රගපාපු Fidaa  චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුනා.ඒක අධ්‍යක්ෂණය කල Shekar Kammula මහත්තයගෙම අධ්‍යක්ෂණයක් තමයි මේ චිත්‍රපටයත්.රංගනයෙන් එක් වෙන්නේ තෙලිඟු සිනමාවේ තවත් අපූරු නලුවෙක් වන Naga Chaitanya සමඟින් දකුනු ඉන්දියාවේ නර්තන රැජිණ Sai Pallavi විසින්.ඉතින් සායි පල්ලවීට අපේ ලංකාවෙත් ඇත්තටම හොද ෆෑන් බේස් එකක් තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේත් සහ ඇය රංගනයෙන් එක් වන සෑම චිත්‍රපටයකම වගේ සාර්තකත්වයට ඇය විශාල පිටුවහලක් වෙනවා.

ඉතින් තවත් විශේෂ සිදුවීමක් උනේ චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින් ආව “Saranga Dariya” ගීතය.ඒ දකුනු ඉන්දියාවෙ Lyrical Video එකක් ලබාගත් වැඩිම යූටියුබ් විව්ස් ගානෙ වාර්තාවට Saranga Dariya Lyrical Video එක පත්වීම.ඒ අල්ලුගේ AlaVaikunthapuramulo හි ” Butta Bomma ” ගීතයද අභිබවා යමින් යූටියුබ් හි විව්ස් මිලියන 300 ලබා ගනිමින්.සායි පල්ලවීගේ දඟකාර නර්තනය වගේම Mangli ගේ ආකර්ෂණීය හඬත් එය මේ තැනට ගෙනාවා කිව්වොත් නිවැරැදියි.

හරි එහෙනම් මම පොඩ්ඩක් කතාව ගැන මතක් කරන්නම්.

රේවන්ත් කියන්නෙ හයිද්‍රාබාද් වල සුම්බා සෙන්ටර් එකක් කරගෙන යන කොල්ලෙක්.ඉතින් මෙයා උත්සහ කරන්නෙ බැංකු ණයක් අරගෙන ටිකක් ලොකුවට මේක කරගෙන යන්න.ඔය අතරෙ ඊට අල්ලපු ගෙදරට මෞනිකා කියල කෙල්ලෙක් එනවා.ඒ එන්නේ රස්සාවක් කරන්න ඉන්ටව් එකකට යන්න.ඉතින් එයා ගමේ යමක් කමක් තියෙන කෙනෙක් රේවන්ත් වගේ නෙමේ.නමුත් මෙයා සමහර දේවල් වලට හරිම බයයි.බයයි කියන්නෙ ආතතිය වැඩිකමට කලාන්තෙ පවා දානව නිතරම.ඉතින් මෙයා මේ ගෙදර ඉන්නෙ එයාගෙ යාලුව එක්ක.එයා රේවන්ත්ගෙ සුම්බා සෙන්ටර් එකට යන කෙනෙක්.

දැන් රේවන්ත්ට ඕන කරල තියෙන්නෙ මෞනිකාවටත් සුම්බා සෙන්ටර් එකට ගන්න.මොකද එයා ගොඩක් සල්ලි ප්‍රශ්න එක්ක ඉන්න නිසා.

බලන්නකො ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම..
ඉතින් කියන්න ඕන මේක නිකම්ම නිකං ආදර කතාවකුත් නෙමෙයි.සමාජේ ගොඩක් දේවලුත් ඈදගෙන නිර්මාණය කරපු අපූරු කතාවක්.

එහෙනම් සිංහල උපසිරැසි අරගෙන , සින්දු ටික යවන්නෙ නැතුව ඒවත් රසවිඳින ගමන් චිත්‍රපටය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.ඔක්කොම සින්දු වලටත් එක්කම උපසිරැසි දාල තියෙන්නේ.එහෙනම් ආයෙම උපසිරැසියකින් හම්බෙනකම් පතන්නම් හැමෝටම ජය !

Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Original title లవ్ స్టోరీ
IMDb Rating 6.8 4,232 votes
TMDb Rating 7.75 8 votes

Similar titles

Suryapet Junction (2025) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Most Eligible Bachelor (2021) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published