Pyali (2022) Sinhala Subtitles

Pyali (2022) Sinhala Subtitles

Jul. 08, 2022India116 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Pyali (2022) Sinhala Subtitles) (Pyali (2022) Sinhala Subtitle) (Pyali Sinhala Subtitle)

සුබම සුබ දවසක් වේවා හැමෝටම ❤️ ඔන්න අරන් ආව තවත් මං අනිවාර්යෙන්ම බලන්න කියලා Recommend කරන සුපිරිම සුපිරි මලයාලම් ෆිල්ම් එකක් ?❤️ මගේ නම්බර් එකත් හොයාගෙනම, මේ ෆිල්ම් එකට සිංහල සබ් එකක් කරන්න කියලා මැසේජ් එකක් දාල ඉල්ලුවේ Kasun Widusha සහෝදරයා ♥️ ඔහුට ගොඩක් ස්තුතියි මේ වගේ සුපිරි ෆිලුමක් ගැන මට මතක් කලාට ?♥️

වැඩේට මහන්සි වෙලා ෆුල් සපෝර්ට් එක දෙන ආදරණිය අංජුල අයියාවත් මතක් කරගෙනම ෆිලුම දිහාට යමු.. ??

2022 ජූලි 08 වෙනිදා නිකුත් උන මේ ලස්සනම ලස්සන ආදරණිය කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babitha & Rinn කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..කතාවත් ඔවුන්ගේමයි..විශේෂම දේ තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය සපයල තියෙන්නේ සුපිරි නළු DQ නොහොත් Dulquer Salmaan ගේ Wayfarer films සමාගම විසින් ?❤️ මේ චිත්‍රපටිය IMDB අගයත් 6.9ක්‌ වගේ ඉහල අගයක් අරන් තියෙනවා ?

චිත්‍රපටියේ ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් ප්‍යාලිගේ චරිතය කරන්නේ Barbiee කියන චුටීම චුටී ලස්සන හුරතල් කෙල්ල.. එයාව අපිට 2018 නිකුත් උන Baaghi 2 ෆිල්ම් එකෙන් වගේම 2019 නිකුත් උන Bharat ෆිල්ම් එකෙනුත් දැකගන්න පුළුවන් උනා.. ? අනික්‌ ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් චිත්‍රපටයේ ප්‍රධාන බර කරට අරන් රංගනයේ දායක වෙන අවුරුදු 14ක් වන ළමා නළු George Jacob විසින්.. ? මේ දෙන්නගෙන්ම කවුරුත් බලාපොරොත්තු නොවෙන ආකාරයේ ඉතාමත් ලස්සන ආදරණීය රංගනයක්‌ දැක බලාගන්න පුළුවන් ?? ආරාධිත රංගනය සදහා කවුරුත් දන්න හදුනන නළු Unni Mukundan ද රංගනයෙන් දායක වෙනවා.. ඉන්නේ පොඩි කොටසකට උනත් මුළු චිත්‍රපටයටම ලස්සන අවසානයක් දෙන්න ඔහුට හැකි වෙනවා..

කතාව පොඩ්ඩක් බලමු ?

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හදවතට දැනෙනවා හරිම අඩුයි.. එහෙමත් ෆිල්ම් එකක් තමයි එහෙම හදවතටම දැනෙන්නේ..ෆිල්ම් එකක් බලද්දී ඇහෙන් කදුලක් එන්නෙත් කලාතුරකින්..ෆිල්ම් එකක් බලද්දී සමහර කොටස් නැවත නැවත ආපස්සට අරන් බලන්නෙත් හරිම අඩුවෙන්..මං මේ ඉහත කිව්ව සේරම අත්දැකීම් මේ ෆිල්ම් එක බලද්දී ඔයාලටත් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ?❤️කාත් කවුරුවත් නැතුව සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සුන්ගේ කරදර බාධාවන් මැද තමන්ගේ චුටී නංගිවත් බලාගෙන එයාව සතුටින් තියෙන්න, උගන්නන්න හීන බලාපොරොත්තු ගොඩක් තියන්න උපරිම මහන්සි වෙන අවුරුදු 14ක සියා කියල පොඩි පිරිමි ළමයෙක්ගේ කතාවක් මේක..? මේක ඔහුගේ කතාව නෙවෙයි! ඔබෙයි මගෙයි කතාව වෙන්න පුළුවන්! ?

කාශ්මීරයේ ඉපදිලා තමන්ගේ අම්මා තාත්තා දෙන්නම නැති උනාට පස්සේ මේ අයියයි නංගියි කේරලයට එනවා..ඇවිත් ටවුමට කිට්ටු දුප්පත් මිනිස්සුම ඉන්න එකතරා ගමක ජිවත් වෙනවා! මේ ගමේ මිනිස්සු ඔක්කොම කරන්නේ ගමේ ප්‍රධානියා වගේ ඉන්න මනුස්සයා එයාලට දෙන එක එක බඩු මුට්ටු, පාරේ මිනිස්සුන්ට විකුණලා ඒ හොයන සල්ලි අයිතිකාරයට ගෙනත් දෙන එක.. සියත් ඒ රස්සාවමයි කරන්නේ තමන්ගේ නංගිව සතුටින් තියන්න..? දවසක් සල්ලි එකතු කරන කෙනා සියාට පොඩි ප්‍රශ්නයක් ඇති කරනවා සල්ලි අඩුයි කියලා..සහීර් කියන සියාගේ යාළුවා මේක බලාගෙන ඉන්න බැරුව සියාගේ පැත්තට කතා කරන්න ගිහින් සල්ලි එකතු කරන කෙනත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නව.. සහීර් ගහන එකපාරක් නිසා සල්ලි එකතු කරන මනුස්සයා සිහිය නැතුව වැටුනට පස්සේ සහීර් ගමෙන් පැනල යනවා.. සියා නිසා මේ ප්‍රශ්නේ උන නිසා ගමේ ප්‍රධානියා සියාවත් නංගි එක්ක එයා ඉන්න තැනින් එලවනවා……?
මං මේ කිව්වේ මුල් විනාඩි 20 විතරයි.. ?❤️

මෙතනින් පස්සේ කාත් කවුරුත් නැති මේ අයියගෙයි නංගිගෙයි ඉරණම කොහොම විසදෙයි ද…? හැමෝටම අනිවාර්යෙන්ම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ?

තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්! බුදුසරණයි! ජේසුපිහිටයි!

“ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක් මිත්‍රයා! කෙනෙක් ජිවිතේ විදින මොහොතේ, තවත් කෙනෙක් ජීවත් වෙන්න යුද්ධයක්‌ කරනවා වෙන්න පුළුවන්”

Pyali (2022) Sinhala Subtitles
Original title പ്യാലി
IMDb Rating 6.8 446 votes

Similar titles

RJ Madonna (2021) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
Abhiyum Anuvum (2021) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published