
(Suryapet Junction (2025) Sinhala Subtitles) (Suryapet Junction (2025) Sinhala Subtitle) (Suryapet Junction (2025) Sinhala Sub)
අර්ජුන්, ශ්‍රිනු, භාෂා, හරිෂ් වගේම සූර්යා කියන්නේ හොදම යාළුවෝ පස් දෙනෙක්. එයාලා හෙනම ආතල් සෙට් එකක් කියලා කිව්වොත් නිවැරදියි. එයාලා ඉන්නේ කොලේජ් එකේ හොස්ටල් එකේ. එයාලා ඉගෙන ගන්නේ ඉංජිනේරු විද්‍යාව.
නරසිම්හා කියන්නේ මන්ත්‍රී වරයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. එයාගේ මල්ලි තමයි කර්ණා කියන්නේ. මේ නරසිම්හාගේ පාර හරස් කරන අයගේ ජිවිත ඉවරයක් වෙන්නේ එක ලිදකින්. මෙහෙම දේකට මුහුණ දෙනවා එක්තරා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ජෝති කියන කෙල්ලගේ තාත්තා..
ජෝති කියන්නේ කොලේජ් එක ඉස්සරහ කැන්ටින් එකක් කරගෙන ගියපු කෙනෙක්. හැබැයි මෙයා කැන්ටින් එක කලාට ජෝති කියන්නේ ඉගෙනගත්තු කෙල්ලෙක්. අර්ජුන් මේ ජෝති එක්ක පලහිලව්වක් පටන් ගන්නවා. හැබැයි අර්ජුන් පස්සේ දැනගන්නේ මේ නරසිම්හා කියන්නේ කවුද, කර්ණා කියන්නේ කවුද කියලා. මේ කාරණය ඔහොම යද්දී අවාසනාවන්ත විදිහට… එතැනින් එහාට කිව්වොත් කුතුහලය නැති වේවි. ඔයාලම බලන්නකෝ.
ඇක්ෂන් ඩ්රාමා ගණයට අයිති වෙන මේ චිත්‍රපටයේ නම ‘Suryapet Junction’. 2025 අප්‍රේල් 25 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රාජේශ් නාදෙන්ද්ලාගෙන්. රචනය රාජේන්ද්‍ර භාරද්වාජ් සහ සත්‍යා රිෂි ගෙන්. නිෂ්පාදනය අනිල් කුමාර් කටාරගද්දා සහ එන් ශ්‍රිනිවාස් රාඕ ගෙන්. සංගීතය රෝෂන් සලුරිගෙන්. තිර කාලය පැය 2 විනාඩි 30 යි (විනාඩි 150)..
රංගනයෙන් ඊස්වර්, නයිනා සර්වාර්, හින්දි සිනමාවේ ඉන්න තවත් විලන් චරිතයක් වෙන අභිමන්යු සිං, මුරලිදර් ගෞඩ්, වේනු යෙල්දන්ඩ්, චම්මක් චන්ද්‍රා ඇතුළු රංගන ශිල්පින් රැසක් දායකත්වය සපයනවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 5.5/10ක් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා අගෝස්තු 15 වෙනිදා මුදා හැරෙනවා.
අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.
හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.
ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි.. දෙවි දේවතාවුන්ගේ පිහිටයි..
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Telugu | ---- | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 720p - 1GB | 21 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 720p - 1GB | 25 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 720p - 1GB | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 720p - 1GB | 25 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 480p - 400MB | 21 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 480p - 400MB | 15 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 480p - 400MB | 10 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Telugu | 480p - 400MB | 12 | |
| HDRip720p | Telugu | 1.2 GB | 13 | |
| HDRip720p | Telugu | 1.2 GB | 15 | |
| HDRip720p | Telugu | 1.2 GB | 9 | |
| HDRip720p | Telugu | 1.2 GB | 14 |