Vedha (2022) Sinhala Subtitles

Vedha (2022) Sinhala Subtitles

The Brutal 1960sDec. 23, 2022India156 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Vedha (2022) Sinhala Subtitles) (Vedha (2022) Sinhala Subtitle) (Vedha Sinhala Subtitle) (Vedha Kannada Movie Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් අපි ඇවිත් තියෙන්නේ තවත් අලුත්ම කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන..දවස් දෙකක විතර කාලයක් මේකට ගත වුණේ චිත්‍රපටය සමඟ ඇවිත් තිබුණු E sub එකේ දුර්වලතාත් මඟ හරවගෙන උපසිරැසි කරන්න වුණ නිසා..මේකට මාත් එක්ක අපේ මදුෂාන් සහෝදරයත් එකතු වුණා…මදුෂාන් සහෝදරයනම් අලුත්ම තෙලිඟු ෆිල්ම් වලට නිතරම උපසිරැසි අරගෙන ආවට මමනම් මේ ලොකු කාලෙකින් තමයි ආපහු ආපහු උපසිරැසියක් අරගෙන ආවේ..

ඉතින් අපි දෙන්නා උපසිරැසි අරගෙන එන්න තීරණය කරේ පහුගිය 10 වෙනිදා ඩිජිටල් රිලීස් වුණු Vedha (2022) කන්නඩ චිත්‍රපටය..මේක 2022 දෙසැම්බර් 23 තමයි සින⁣මාශාලා වලට නිකුත් වුණේ..Vedha කියන්නේ පැය 2 යි මිනිත්තු 36ක් පුරා දිවෙන Action/Drama ශාරණයට අයිති චිත්‍රපටයක්..මේක රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ කන්නඩ සිනමාව තුළ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වෙන A. Harsha විසින්..ඒ වගේම මේ චිත්‍රපටයේ Box office Collection එක ඇස්තමේන්තුගත රුපියල් කෝටි 19.8 ක් පමණ කියලා තමයි වාර්ථා වෙන්නේ..ඉතින් මේක Kannada Box Office Hit එකක්..Ratings පැත්තට හැරිලා බැලුවොත් මේක IMDB දර්ශකයේ 6.9/10 වගේ හොඳ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ඊට අමතරව ගූගල් පරිශීලක මනාප 93% ක් ලබා ගන්නත් මේකට හැකිවෙලා තියනවා..

ෆිල්ම් එකේ කාස්ට් එක පැත්තට හැරුණොත්, Vedha කියන්නේ කන්නඩ සිනමාවේ දැවැන්තයෙක් වෙන Shivarajkumar ගේ 125 වෙනි සිනමා නිර්මාණය..ඒ අතරිනුත් මේ Shivarajkumar, A. Harsha ත් එක්ක එකතු වෙලා කරණ 4වෙනි සිනමා නිර්මාණය…Bhajarangi (2013) , Vajrakaya (2015) , Bhajarangi 2 (2021) සහ Vedha (2022) තමයි ඒ නිර්මාණ හතර..ඉතින් මේ නිර්මාණ හතරම Kannada Supper Hit වීම තවත් විශේෂ දෙයක්..Shivarajkumar කියන්නේ Rajkumar පවුවේ වැඩිමහල් දරුවා..මෑතකදි කන්නඩ සිනමාවට අහිමි වුණු Puneeth Rajkumarගේ වැඩිමහල් සහෝදරයා..ඉතින් කොහොම හරි මේ Vedha ෆිල්ම් එක තෙලිඟු භාෂාවෙන් හඬ කවලා නිකුත් වුණේ මේ මෑත දවසක..එම උත්සවයේදීත් Shivarajkumar තම සහෝදරයාගේ අභාවය ගැන සංවේදී වුණ විදය දැක්වෙන ඡායාරූප කීපයක්ද අන්තර්ජාලය තුළ ගොඩක් කතා බහට ලක්වෙලා තිබ්බා..මේ චිත්‍රපටය තුළ Shivarajkumar එහෙමත් නැත්තන් චිත්‍රපටයේ චරිතය වෙන වේධටඅමතරව අනෙක් ප්‍රධාන චරිත වන කනකාගේ චරිතය වෙනුවෙන් Aditi Sagar , පුෂ්පගේ චරිතය වෙනුවෙන් Ganavi Laxman දායක වෙනවා..මීට අමතරව සෙසු චරිත වලට තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා..

දැන් එහෙනම් කතාව පැත්තට හැරෙමු..

මේ කතාවට පාදක වෙලා තියෙන්නේ 1960 වසරදි පමණ සිදුවුණු සිද්ධි දාමයක්..ඉතින් මේ ෆිල්ම් එක පුරාම අපිට දකින්න තියෙන්නේ ඒ කාලයට සම්බන්ධ පරිසරයක් තමයි..ගොඩක්ම ගැමි සංස්කෘතියක් හා සම්බන්ධව යන කතාවක් මේක..කතාවේ මුදුන් මුල වෙන්නේ වේධා..වේධට ඉන්නවා කනකා කියලා දියණියක්..ඉතින් කනකා පොඩි කාලෙදිම සිරගත වෙනවා..ඒ මොකද කියලත් ෆිල්ම් එක බලද්දි ඔයාලට දැනගන්න පුලුවන්..ඉතින් මේ කනකා අවුරුදු ගාණකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනවා..ඒ එන්නෙත් ලොකු අරමුණක් ඇතුව..අරමුණ තමයි පළිගැනීම..ඉතින් මේ මුලු ෆිල්ම් එකම දිවෙන්නේ මේ වේධා සහ කනකාගේ පළිගැනීම මත තමයි..වේධාගේ සහ කනකාගේ පළිගැනීමට හේතුව මොකද්ද? එයාලා පලිගන්නේ කාගෙන්ද? අවසානයේ එයාලගේ පළිගැනීම සම්පූර්ණ වෙයිද කියලා ඔයාලට චිත්‍රපටය නරඹලම දැනගන්න පුලුවන්..

එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා..ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..තවත් උපසිරැසියකින් හමුවන බලපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා..හැමෝටම,

ජයෙන් ජයම වේවා..!!!

Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Original title ವೇದ
IMDb Rating 6.8 1,359 votes
TMDb Rating 5 2 votes

Similar titles

The King’s Man (2021) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Slumberland
ACT-1978 (2020) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published