
(Baby John (2024) Sinhala Subtitles) (Baby John (2024) Sinhala Sub) (Baby John Sinhala Subtitles) (Baby John Sinhala Sub)
සුභ දවසක් වේවා හැමෝටම ❤️
ඔන්න ඊයේ අන්තර්ජාලයට සද්දයක් බද්දයක් නැතුව නිකුත් වෙලා තිබ්බ, 2024 අවුරුද්දේ තිරගත වෙච්ච Baby John හින්දි චිත්‍රපටියට උපසිරැසියක් අරන් තමයි, මායි අපේ ඉඳුවර මලයයි අද ආවේ…
මේක තිරගත වෙන්න පටන් ගත්තේ 2024 දෙසැම්බර් 25 වෙනිදා.. මේක අයත් වෙන්නෙ Action / Thriller කියන කැටගරි එකට.. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Kalees කියන අධ්‍යක්ෂකවරයා විසින් සහ මේකට නිෂ්පාදන දායකත්වය දෙන්නෙ දකුණු ඉන්දියානු ප්‍රසිද්ද අධ්‍යක්ෂක අට්ලි විසින්..
ගොඩක් දෙනෙක් දන්න කාරණයක් තමයි මේ කතාව 2016 නිකුත් වුන තලපති විජේගේ Theri ෆිල්ම් එක පදනම් කරගෙන හැදුන කියන එක.. ඔව් මේක Remake ගොඩට තමයි දාන්න වෙන්නෙ.. මොකද සමහර තැන් එහෙම් පිටින්ම ඒ විදිහටම මේකට අරන් තිබ්බ.. කොටින්ම කියනවා නම් ඇදුම් වල පාට පවා 🥲 හැබැයි සමහර තැන් වෙනස් කරල තිබ්බ.. විලන් රෝල් එක පවා යම්තාක් දුරට වෙනස්.. අනික තේරී එකේ නොතිබ්බ කාන්තා ජාවාරමක් තමයි මේකට මූලික වෙලා තිබුනේ.. තේරී එක නොබලපු කෙනෙක්ට නම් කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.. හැබැයි තේරී බලපු කෙනෙක් නම් තලපතිගේ රංගනය එක්ක සසදමින් මේක බලන්න එපා මොකද ඔයාලගේ බලාපොරොත්තු කඩ වෙයි.. වරුන් මේකේ සමහර තැන් වල තලපතිව ඇගට අරූඩ කරගන්න ගිහින් තිබ්බ එකයි ලොකුම අවුල.. මේක පොරගේ විදියට කරානම් මීට වඩා දෙයක් කරන්න තිබ්බ ඇත්තටම..
ඇක්ෂන් පැත්තට ගියාම පළවෙනි, දෙවනි, තුන්වෙනි ෆයිට් නම් දකුණු ඉන්දියානු ගතියට තිබ්බ.. අන්තිම ෆයිට් එක නම් මුල ඒවත් එක්ක බලද්දී කිසිම හරයක් නෑ වගේ තේරුනා.. ස්ටෝරි එක ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරි.. පොඩි පොඩි අඩුපාඩු ටිකක් විතරයි දැක්කේ.. ඒවගේම කීර්ති සුරේෂ්ගේ රංගනය හොද මට්ටමේ තිබුනා වගේම මේකට තෝරාගෙන තිබ්බ හුරතල් කෙලි පැටික්කිගේ රංගනයත් ඇත්තටම ලස්සනයි..ජැකී ශ්රොප් නම් ගින්දර ඇක්ටින් ආයෙ කියන්න දෙයක් නෑ.. ඒවගේම අවසානෙට කවුරුත් බලාපොරොත්තු නොවුන විදියට, අපේ සල්මන් ඛාන්ගේ කැමියෝ එකක් තිබුනා පොඩි ඇක්ෂන් පාර්ට් එකකුත් එක්ක 🔥
බලන අය තලපතිව ඔලුවෙන් අහක් කරල බලන්න, ෆන් එකක් තියෙයි..
අධ්‍යක්ෂණය – Kalees
කතාව – Atlee
රංගනය – වරුන් ධවාන්, කීර්ති සුරේෂ්, ජැකී ශ්රොප්
ධාවන කාලය – මිනිත්තු 161
කතාව පැත්තට ගියොත්,
ජෝන් කියන්නෙ එයාගේ දුව කුෂී එක්ක බේකරියක් කරගෙන අයින් වෙලා පයින් යන ජාතියේ පොරක්.. පොර ප්‍රශ්න වලට කැමති නෑ.. පොලිසියකට අඩිය තියන්නවත් කැමති නෑ.. දවසක් ඔහොම යද්දී මැරයෝ කට්ටියක් පැහැරගෙන ගියපු කෙල්ලෙක් උන්ගෙන් කොහොමහරි පැනගන්නව.. මේ කෙල්ලව හදිස්සියේම කුෂිගේ පාසලේ ටීචර් ජොන්ටත් හොරෙන් ජෝන්ගේ වෑන් එකට ගොඩ කරගන්නව.. කවදාවත් අඩිය තියන්නෑ කියල හිතපු පොලිසියට අන්න එදාට ජෝන්ට යන්න වෙනවා.. පොලිසියේදි කෙනෙක් ජෝන්ට සත්‍යා වර්මා කියලා කතා කිරීමත් එක්ක එයා පොඩ්ඩක් කලබල වෙනවා.. මේක බලන් ඉන්න පාසලේ ටීචර් ඒ නම ගැන හොයන්න ගන්නවා.. DCP සත්‍යා වර්මා කියන්නෙ මීට අවුරුදු 6කට කලින් මැරුණ කෙනෙක්ද.? එදා රෑම මැරයෝ පිරිසක් ජෝන්ට පහර දෙන්න එනවා.. ඔන්න එතකොට තමයි කට්ටිය දැනගන්නේ ජෝන් කියන්නෙ කව්ද කියලා..
නරක දේදී එයා යක්ෂයෙක්..
හොද වෙනුවෙන් එයා දෙවි කෙනෙක්..
DCP සත්‍යා වර්මා!
ගිහින් එන්නම් හැමෝටම ජය..
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 49 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 15 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 28 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 18 | |
WEB-DL 1080P | Hindi | 2.5 GB | 10 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 18 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 36 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 20 | |
WEB-DL 720P | Hindi | 1.4 GB | 12 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 1GB | 36 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 1GB | 29 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 1GB | 36 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 1GB | 10 |