මෙම දමිල චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි මස 24 වන දිනයි සිනමාශාලා තිරගතවීම් ආරම්භ කල පලමු දිනයේම පිස්සු හැදෙන තමිල්නාඩුව තුල Box Office Collection එකක් හිමි කරගන්නවා නිකංම නෙමේ රෙකෝඩ් එකකුත් තියන ගමන් , මම ලිස්ට් එක පහළින් දාන්නම්.
Total Day 1: Rs 34.12 Crore
ඒ අනුව දිනක් තුල තමිල්නාඩුවේ පමනක් වැඩිම ආදායමක් ලබපු දමිල චිත්‍රපටය ලෙස එවකට පලමු තැන තිබූ තලපති විජේගේ ” සර්කාර් ” දමිල චිත්‍රපටයද අභිබවමින් පලමු තැන හිමි කරගන්නවා.
කතාව ගැන ටිකක් කියන්නම් …
කතාව නම් ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය කතා තේමාවක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන තියෙනවා. සාමාන්‍ය කතාවක් වුනත් මේක පොඩි විශේෂයක් ගන්නේ මත්ද්‍රව්‍ය , පොලිස් රාජකාරිය හා පවුලක සෙනෙහස බැඳීම එකට සම්බන්ධ කර ඇති ආකාරයයි. තනි සටන් සිනමා නිර්මාණයක් විමට තිබුණත් ඒ තුළට පවුලක සෙහෙනහස ලස්සනට අතුල්කිරීම තුලින් සටන් මිශ්‍ර පවුලෙ සැවොම නැරඹිය හැකි , යුතු චිත්‍රපටක් බවට පත්කිරීමට අධ්‍යක්ෂක එච්. විනෝද් සමත්වෙලා තියෙනවා. මේකම අද මේ චිත්‍රපටය ආදායම් අතින් ඉහළම වාර්තා තැබිමට හේතුවක් වුනා කියන්න පුලුවන් .
සටන් ජවනිකා. මෙතෙක් දමිළ සිනමාවක නිර්මාණය කරපු වෙනස්ම හා ඉතා ඉහල තත්වයෙන් සටන් චිත්‍රපටයක් මෙය වනවා නියතයි.
අර්ජුන් සහකාර කොමසාරිස් කෙනෙක් , මෝටර්සයිකල් සම්බන්ධ කරගෙන මත්ද්‍රව්‍ය , මාල කැඩීම් හා මිනි මැරුම් කරන තරුණ මාෆියා කල්ලියක් එක්ක සිදුවන ගැටුම් හා එයට තම පවුලේ අයද ඇදි යන ආකාරය ඉතා අලංකාර ලෙස මේ චිත්‍රපටය තුලින් දක්වා ඇත