Video Sources 389 Views

  • Watch trailer
Ghaati (2025) Sinhala Subtitles

Ghaati (2025) Sinhala Subtitles

Victim. Criminal. Legend.Sep. 04, 2025India155 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Ghaati (2025) Sinhala Subtitles) (Ghaati (2025) Sinhala Subtitle) (Ghaati (2025) Sinhala Sub)

ආන්ද්‍රා ඔඩිෂා දේශ සීමාවේ බටහිර ඝාට්ස් කියන්නේ ගංජා වගාවට සහ අපනයනයට ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ඝාටි ජනතාව වැඩ කරන්නේ කාස්තලා නායිදු කියන කෙනා යටතේ ශිලවති සහ දේසි රාජු තමයි මේක මෙහෙය වන්නේ. මෙතනදී බිස්නස් එකේ ලොකු ගැටුමක් ඇතිවෙලා ගම්මුන්වත් මරලා දානවා.. ඒ ප්‍රහාරයෙන් දේසි රාජු මිය යනවා. මිය යන්නේ ශිලවති ඉස්සරදිමයි. මෙතනින් එහාට මේකේ ඉතුරු කතාව මං නොකියා ඉන්නම්. බලන්න.

අනුෂ්කා ෂෙටිටි කියන නම තෙලිගු දමිල සිනමාවට නොඇසෙන නමක් නෙවෙයි. මොකද බාහුබලි 1, 2, සිංගම් 1, 2, 3 කියන ෆිල්ම් ටික බලපු අය දන්නවා ඇති ඇයගේ රංගන හැකියාව ගැන. මේ අවුරුද්දක නිහඩතාවයකින් පසුව ආ නවතම චිත්‍රපටය තමයි මේක. ඇය අවසානයට රගපෑවේ ‘Miss Shetty Mr Polishetty’ කියන චිත්‍රපටයේ.

ක්‍රිෂ් ජගර්ලාමුඩි ලගදි අධ්‍යක්ෂණය කලේ පවර් ස්ටාර් පවන් කල්‍යාන් රගපාපු ‘හරි හරා වීර මල්ලු’ කියන චිත්‍රපටය. මේක ඉතිහාසය සම්බන්ධ චිත්‍රපටයක්. ඒක අපේ අඩවියේ උපසිරැසි තියෙනවා. බලපු නැති අය ඒක අරගෙන බලන්න. මේ අවුරුද්දට එයාම කරන දෙවැනි චිත්‍රපටය තමයි මේ ‘Ghaati’. මේ අවුරුද්දේ සැප්තැම්බර් 5 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනය චින්තාකින්දී ශ්‍රීනිවාස් රාඕගෙන්. නිෂ්පාදනය යෙදුගුරු රජිව් රෙඩ්ඩි සහ සායිබාබු ජගර්ලාමුඩිගෙන්. සංගීතය නාගවල්ලි විද්‍යා සාගර් ගෙන්. මේකේ ධාවන කාලය විනාඩි 155 ක් වගේම මේක අයිති වෙන්නේ ඇක්ෂන් ක්‍රයිම් ඩ්රාමා ගණයන්ට.

දෙමළ නළුවෙක් විදිහට ඉදපු වික්‍රම් ප්‍රභූත් තමන්ගේ පළමු තෙලිගු ආගමනය සටහන් කරන්නේ මෙතනින්. අනුෂ්කා – වික්‍රම් දෙදෙනාට අමතරව චයිතන්යා රාඕ, ජගපති බාබු, බෙන්ගාලි නළු ජිශ්ෂු සෙන්ගුප්තා, ජෝන් විජේ, දෙමළ ප්‍රහසන නළුවෙක් වුනු VTV ගනේෂ් වගේ රංගන ශිල්පින් රැසක් දායක වෙනවා.

මෙි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර නමි ඒතරමි සුබ ප්‍රතිචාර නෙවෙයි. නමුත් මං දකින විදිහට අනුෂ්කා – වික්‍රමි ප්‍රභූ කෙමෙස්ට්‍රිය ඉතාමත් ලස්සනට ගෙන එන්න අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් අනුෂ්කාගේ සටන් ජවනිකා වල යමි මදිකමක් දකින්න ලැබුණත් ඇයගේ රංගනයට එය උපරිම සාධාරණයක් ඉටු කරලා තිබුණා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 4.7/10ක්, ගුගල් පරිශීලක අගය 93%කුත් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා සැප්තැම්බර් 26 වෙනිදා මුදා හැරෙන්නේ තිරගත වෙලා දින 21 කට පසුව වීම විශේෂත්වයක්.

අනුෂ්කා ෂෙටිටිගේ මීලග චිත්‍රපට ගැන කතා කලොත් ඇයගේ පළමු මලයාලම් සිනමා ආගමනය සනිටුහන් වෙනවා. ඒ තමයි ජයසූර්යා රංගනයෙන් දායක වෙන #HOME මලයාලමි චිත්‍රපටය අධ්‍යක්ෂණය කල රොජින් තෝමස් අධ්‍යක්ෂණය කරන ‘Kathanar: The Wild Sorcerer’ කියන චිත්‍රපටයෙන්. මේක ‘Lokah Chapter 1: Chandra’ කියන චිත්‍රපටයේ චන්ද්‍රා ලෙස පෙනී සිටින කාලියන්කාට්ටු නීලිගේ චරිතයෙන් ඇයව දකින්න ලැබෙන්නේ..

අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.

ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි.. දෙවි දේවතාවුන්ගේ පිහිටයි..

Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Original title ఘాటి
IMDb Rating 4.2 625 votes

Similar titles

Son of Sardaar 2 (2025) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles
The Birthday Boy (2024) Sinhala Subtitles
Haq (2025) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published