Video Sources 1344 Views

  • Watch trailer
Thimmarusu (2021) Sinhala Subtitles

Thimmarusu (2021) Sinhala Subtitles

Jul. 30, 2021India127 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Thimmarusu (2021) Sinhala Subtitles) ආයුබෝවන් හැමෝටම.ගොඩ කාලෙකට පස්සෙ තමයි මං මේ තෙලිඟු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන එන්නේ.මේක Netflix හරහා ඊයේ තමයි ඔර්ජිනල් පිටපත් නිකුත් වුනේ.

දන්නවනේ ලෝකයම මුහුන දීලා ඉන්න කොරෝනා වසංගතය නිසා ඉන්දියාවෙත් සිනමාශාලා වහල දාල තිබුනේ.ඉතින් කොවිඩ් දෙවනි රැල්ලට පස්සෙ සිනමාශාලා විවෘත වීමත් එක්ක තමා Thimmarusu ෆිල්ම් එක පහුගිය ජූලි 30 වෙනිදා තිරගත කෙරුනේ.

ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනවනම් මේක 2017 නිකුත් වුන New Trail කියන කොරියන් ෆිල්ම් එකෙ ප්‍රතිනිර්මාණයක්.ඒ වගේම ඒක කන්නඩ භාෂාවෙනුත් ප්‍රතිනිර්මාණය වෙලා තිබුනා.ඉතින් කොහොම වෙතත් කියන්න ඕන මේ ෆිල්ම් එක ලෝ බජට් එකක් වුනත් හොද විදියට කරලා තියෙනවා.කාලය අපතේ යෑමක් වෙන්නෑ බැලුවට. කතාවේ හොඳ ගලායාමක් තිබුනා.

මේක Law පැත්ත ගෑවුනත් Investigation Case එකක් විදියට යන නිසා කුතුහලයෙන් බලන්න පුළුවන්.මේ ඉතින් මගේ අදහස.

හරි.එතකොට ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Sharan Koppisetty විසින්.ප්‍රධාන නලුවා වෙන්නේ Satyadev Kancharana විසින්.ප්‍රධාන නිලිය වෙන්නේ Taxiwala තෙලිගු ෆිල්ම් එකෙන් හැමෝගෙම ආදර දිනාගත්ත Priyanka Jawalkar විසින්.ඉතින් 2018 න් පස්සෙ ඔන්න ආයිම වතාවක් අපිට එයාව මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

කතාව ගැන මතක් කලොත් මෙහෙමයි.පොලිස් වෙඩි තැබීම් වලින් මරන මිනිස්සු හොරෙන්ම  පුච්චල දාන්න මනුස්සයෙක් ආදාහනාගාරයක කෙනෙක්ට බාර දෙනව.ඉතින් ඒ මනුස්සය දවසක් මේක වීඩියෝ කරලා පොලීසියට තොරතුරු සපයන අරවින්ද් කියන කැබ් ඩ්‍රයිවර්ට දෙනවා.ඉතින් එදාම මහ වැස්සෙ අරවින්ද්ව ඝාතනයට ලක් වෙනවා.ඉතින් ඒ අතරෙ අවාසනාවන්ත විදියට ඔතනින් වාසු කියල පබ් එහෙක වැඩ කරන කොල්ලෙක් යනව.වාසුට නොහිතපු කරදරයක් තමා එතනදි පැටලෙන්නේ.

මේ සිදුවීම වෙන්නෙ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟවාලියේ අවසාන තරඟෙ දවසෙ.එතකොට දැන් වර්තමානෙ.

මේ අපරාධෙ එදා විසඳුනාද ? හැබෑම ඝාතකයා කවුද ?

එහෙනම් අරගෙන බලන්න.කාලෙකින් ගෙනාව මේ තෙලිගු ෆිල්ම් එකත්.ආයෙම උපසිරැසියකින් හම්බෙමු.හැමෝම පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය !

Thimmarusu (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
Original title తిమ్మరుసు: Assignment వాలి
IMDb Rating 7.2 1,639 votes
TMDb Rating 7.7 3 votes

Similar titles

Thelivu Sahitham (2025) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
In Bruges (2008) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Anthakshari (2022) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published