Video Sources 3464 Views

  • Watch trailer
Thandel (2025) Sinhala Subtitles

Thandel (2025) Sinhala Subtitles

Feb. 07, 2025India152 Min.NR
Your rating: 0
5 2 votes

Synopsis

(Thandel (2025) Sinhala Subtitles) (Thandel (2025) Sinhala Sub) (Thandel Sinhala Subtitles) (Thandel Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ පසුගිය පෙබරවාරි 07 වෙනිදා තිරගතකිරීම් ඇරඹුනු තන්ඩෙල් කියන අළුත්ම තෙළුගු සිනමාපටයෙ උපසිරැසි අරගෙන.. තන්ඩෙල් එහෙමත් නැත්නම් “නායකයා” කියන තේමාවෙන් අපිට නාගා චයිතන්‍යාව අපිට හම්බවෙන්නෙත් අවුරුදු තුනකට විතර පස්සේ.. මොකද 2022 දි Bangarraju ෆිල්ම් එකෙන් පස්සේ නාගා චයිතන්‍යාව අපිට නැවත දකින්න ලැබෙන්නේ 2025 මේ තන්ඩෙල් ෆිල්ම් එකෙන් වෙනස්ම කම්බැක් එකකින්.. චන්දෝ මුන්දේටිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 28 ක ධාවන කාලයක් හිමි වෙනවා. මේ තන්ඩෙල් ෆිල්ම් එකේ පිරිවැය ගැන සදහනක් නැතත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රු.කෝටි 100 ඉක්මවන්න සමත් වෙලා තියෙනවා. ඇක්ෂන් – ත්‍රිලර් – ඇඩ්වෙන්චර් – රොමෑන්ස් ශානරය යටතේ දිවෙන මේ තන්ඩෙල් ෆිල්ම් එකට සුභවාදී ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒවගේම මේ සත්‍ය ජීවිත කතාවක් පාදක කරගෙන නිර්මාණය උනු චිත්‍රපටයක් බවත් කියන්න ඕන

තන්ඩෙල් බලද්දි.. උප්පෙනා, දේවරා වැනි එකම ආරයට යන ගතියක් ඔයාලට දැනෙයි.. මොකද.. ලංකාවේ අපේ ධීවර ප්‍රදේශ වලට ආවේණික වචන සහ උච්චාරණ තියෙනවා වගේ ඉන්දියාවෙත් මේ ධීවර ජන වහර සාමාන්‍ය තෙළුගු භාෂාවට වඩා වෙනස් කියලා ඔයාලට අහන්න දකින්න්න පුළුවන්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Naga Chaitanya – [රාජු]
Sai Pallavi – [සත්‍යා]
Karunakaran – [මුරලි]
Babloo Prithiveeraj – [සත්‍යාගේ තාත්තා]
Kalpa Latha – [රාජුගේ අම්මා]
Aadukalam Naren – [චිත්තා]

ස්‍රිකාකුලම් කියන පිටිසර ගමේ ඉන්න මිනිස්සු ඩි මැචිලේසම් ඉදලා 2000KM දුරින් තියෙන ගුජරාට් වීරවල්ලි ධීවර වරායෙන් කොන්ත්‍රාත් පදනම මත මාළු අල්ලන්න මුහුදු යනවා.. ගමේ පිරිමි අය කණ්ඩායමක් විදියට හැදිලා මෙහෙම මාළු අල්ලන්න යද්දි අවුරුද්දේ මාස 9ක්ම මුහුදේ ඉදලා අල්ලපු මාළු ගෙනල්ලා හම්බවෙන සොච්චම් මුදලින් තමයි ගමේ හැමෝම ජීවිත ගැට ගහ ගත්තේ.. මේ මාළු අල්ලන වැඩේ අද ඊයෙක නෙවෙයි.. මේක පරම්පරා ගණනක් තිස්සේ ගමටම උරුම උනු ගමේ අය කරගෙන යන රස්සාවක්. ඉතින් කණ්ඩායමක් විදියට මාළු අල්ලන්න මුහුදු යන මේ කණ්ඩායමේ නායකයාට තමයි “තන්ඩෙල්” කියන්නේ..

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

උපසිරැසි කාලරාමු සින්ක් කිරීම වෙනුවෙන් ශාන් සසංග සහෝදරයටත් කවර් එක නිර්මාණය වෙනුවෙන් උචිනි පෙරේරා සහෝදරියටත් ස්තූති වෙනවා ගේම තිරය පිටුපස ඉදන් හයියක් උනු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Original title తండేల్
IMDb Rating 6.7 1,676 votes
TMDb Rating 7.1 10 votes

Similar titles

Maharaja (2024) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Right (2025) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
F9
Jolly LLB 3 (2025) Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published