Video Sources 845 Views

  • Watch trailer
Tallulah (2016) Sinhala Subtitles

Tallulah (2016) Sinhala Subtitles

Life can be a real motherJun. 02, 2016USA111 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Tallulah (2016) Sinhala Subtitles ) මව් පදවිය යනු කාන්තවක් ලබන උතුම්ම පදවියයි.. නමුත් හැම කාන්තාවක්ම මවක් වෙන්නෙත් නෑ,දරුවෙක් ලැබුණු පලියට මවක් උතුම් වෙන්නෙත් නෑ…ලේ බැදීමකින් විතරක්‌ ස්නේහය හට ගන්නෙත් නෑ…සෙනෙහස, ආදරේ හටගන්න එකම ලේ ඇගේ දුවන්න ඕනේද?? 

*️*️Overview*️*️
• IMDb –  6.7/10
• Rotten Tomatoes – 85%
• Language – English
• Genre – Drama
• Directed by – Slan Heder
• Duration – 1h 51m
• Age Restrictions – 16+

*️*️Cast*️*️
• Tallulah – Ellen Page (දැන් Elliot Page)
• Margo – Allison Janney
• Carolyn – Tammy Blanchard
• Nico – Evan Jonigkeit
• Stephen – John Benjamin Hickey

*️*️Storyline *️*️

ටලූලා මවකගේ ආදරය හරිහැටි නොලබා හැදි වැඩුණු කෙලිලොල් තරුණියකි..ඇය ජීවත් වන්නේ ඇගේ කෑම්පින් වෑන් රථයේ ඇගේ පෙම්වතා නිකෝ සමගයි.. තම මවගෙන් මිදීමට සිතා ටලූලා සමග අයාලේ ඇවිදිමින් ජීවත් වන නිකෝ හට නැවත තම නිවසට යාමට අවශ්‍ය වනවා..පෙම්වතිය හා විරසක වන ඔහු ඇයගෙන් මිදී පැන යන්නේ ඈ සතු මුදල්ද අතැතිවයි..

පිළිසරණක් නැති ටලූලා දිනක්‌ හෝටලයකට යන්නේ, කාමර අසල තබා යන ආහාර වලින් කෑල්ලක් දෙකක්‌ අහුලාගෙන බඩ ගින්දර නිවාගන්න..නමුත් ඇයව සේවිකාවක් යයි වටහා ගත් කාන්තාවක් ඇයට දරුවෙක් බලාගන්නට භාර දෙන්නේ බලෙන්ම වගේ..හොද ගෙවීමක්‌ ලැබෙන නිසා ඇය මේ රාජකාරිය බාරගන්නවා..

නමුත් මේ ඇගේ අරුතක් නැති නීරස ජිවිතේ කණපිට හරවන ඉරණමේ ආරම්භයයි..

ටලූලා චරිතයට පණ පොවන මෙන්ම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වයද ලබා දී ඇති Ellen page ව මෑතකදී කතා බහට ලක්‌ වූයේ ඇය Gender Transition සැත්කමක්‌ සිදු කිරීමත් සමග..Inception චිත්‍රපටය ඇයව අපට බොහෝ සමීප වූ චිත්‍රපටයයි.. දැන් ඇය යනුවෙන් කතා කිරීමට අපිට අයිතියක්‌ නෑ..ඔහු Ellen නම Elliot යනුවෙන් වෙනස් කරගත්තා වගේම ඔහු දැන් බොහෝ දුර‍ට තරුණයෙක් බවට හුවමාරු වී අවසන්.

මේ චිත්‍රපටය ගැන මගේ අදහස කිව්වොත්..මේක ඇත්තටම හුණු වටේ කතාව වගේ තමයි මුලින් දැනුනේ.. හැබැයි ඊටවෙනස්..ප්‍රධාන කාන්තා චරිත දෙක ටලූලා සහ මාගෝ මුළු චිත්‍රපටයටම විශාල අර්ථයක් එක් කරනවා..ඒ වගේම ප්‍රතිවාදී කාන්තා චරිතයත්.. අප්‍රසන්න වුණත්,  ඒ වගේ මිනිසුන් ලිංග භේදයක් නැතුව මේ සමාජේ ඇති තරම් ජීවත් වෙනවා..
                                 ****
අන්තිම විනාඩි දෙක තුන ඔප්පු කරලා පෙන්නන්නෙත් කොච්චර බලාපොරොත්තු අත් හැරුනත් අපිට පුළුවන් වෙනස් වෙන්න කියන එකයි..

“බැරි වෙලා හරි මේ ගුරුත්වාකර්ෂණය කියන දේ නැති වුණොත්…?මට මේ ලෝකෙන් පා වෙලා යන්න පුළුවන්.. මං ගහක අත්තක් අල්ලන් ඉදියි පොළොව එක්ක සම්බන්ද වෙලා ඉන්න.. එතකොට මාව අභ්‍යවකාශයටම පාවෙලා යන් නෑනේ.. ” “මං නම් හිතන් නෑ මං එහෙම ඉදියි කියලා, මං යන්නම යාවි… “

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Original title Tallulah
IMDb Rating 6.7 20,820 votes
TMDb Rating 6.745 660 votes

Director

Siân Heder
Director

Cast

Similar titles

Posham Pa (2019) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
Slumberland
Twisters (2024) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Bad Girl (2025) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published