Video Sources 5890 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Spy (2023) Sinhala Subtitles

Spy (2023) Sinhala Subtitles

Jun. 29, 2023IndiaNot Rated
Your rating: 0
9.3 6 votes

Synopsis

(Spy (2023) Sinhala Subtitles) (Spy (2023) Sinhala Sub) (Spy  Sinhala Subtitles) (Spy  Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

මාස කීපයකට පස්සෙ ආයෙම අලුත් තෙලිඟු ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන තමයි මම වෙබ් අඩවියට ගොඩ උනේ.එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු ෆිල්ම් එක දිහාවට.

2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් මේ කාන්ඩයේ ෆිල්ම් එකකට ටිකක් අඩු බජට් එකක් තමයි ඒක.සංස්කාරකවරයෙක් , සහය අධ්‍යක්ෂකවරයෙක් වගේ නන් අයුරින් Kshanam , Godachari , The Gazi Attack වගේ චිත්‍රපට වලට තම දායකත්වය දුන් Garry BH තමන්ගේ කුලුදුල් අධ්‍යක්ෂණය ලෙසට තමයි මේ Spy ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ.

ෆිල්ම් එකේ රංගනයෙන් එක් වෙන්නේ මෑතකාලීනව වාණිජමය වශයෙන් තෙලිඟු සිනමාවේ සාර්ථකත්වයක් ලබා ගනිමින් පැමිණෙන නිකිල් සිද්ධාර්ත් විසින්.ඇත්තටම මම වාණිජමය කිව්වට එයාගෙ අන්තිමට රිලීස් උනු 18 Pages ෆිල්ම් එක එහෙම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනු එකක් වගේම අපූරු කතාවක් එක්ක එන ෆිල්ම් එකක්.බැලුවෙ නැත්නම් ඒකත් අනිවාරෙන් බලන්න අපේ වෙබ් අඩවියෙන්.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන්නෙ සුරූපී  අයිෂ්වර්‍යා මෙනන් විසින්.මේ එයාගෙත් පලවෙනි තෙලිඟු ෆිල්ම් එක මතක විදියට.

හරි එහෙනම් කතාව ගැන මතක් කරන්නම්.

ජේ කියන්නෙ RAW ඒජන්ට් කෙනෙක්.මෙයාගෙ යාලුව තමා කමල්.දෙන්න ශ්‍රී ලංකාවෙ මෙහෙයුමකට එකතු වෙලා ඉන්නකොට හදිසියෙම මූලස්ථානයෙන් කැඳවීමක් කරනව.ඒ මීට කලින් මැරුවා කියල තහවුරු උනු කාදීර් ඛාන් කියන අවි ජාවාරම් කාරයගෙ නැවත මතුවීමත් එක්ක.ඉතින් ඒවගේම මේ ජේ ගෙ සහෝදරයාත් RAW එකේ වැඩ කරල මෙහෙයුමක් අතරතුර අභිරහස් විදියට මිය ගිය කෙනෙක්.ඉතින් ජේ ට කාදීර් ඛාන්ගෙ මෙහෙයුම බාර දෙනකොට ඔහු හිතාගන්නවා  කොහොමහරි තමන්ගෙ සහෝදරයාගේ මරණයට වගකිවයුත්තන් කව්ද කියල හොයාගන්නත්.ඉතින් මෙතනින් තමා කතාව රසවත් විදියට ආරම්භ වෙන්නෙ.

ඉතුරු හරිය ඉතින් ඔයාලම බලල දැනගන්න.එහෙනම් ගිහින් එන්නම් ආයිම වෙලාවක් සබ් එකක් අරගෙන එන්න හිතාන.

ඔබට ජය !

Spy (2023) Sinhala Subtitles
Original title స్పై
IMDb Rating 7.2 3,184 votes
TMDb Rating 6 4 votes

Similar titles

Looop Lapeta (2022) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Injustice (2021) Sinhala Subtitles
The Northman (2022) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
They Call Him OG (2025) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
The Jester 2 (2025) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published