Masterpiece (2015) Sinhala Subtitles

Masterpiece (2015) Sinhala Subtitles

Dec. 24, 2015Unknown158 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Masterpiece (2015) Sinhala Subtitles) (Masterpiece (2015) Sinhala Sub)

Masterpiece- 2015 (Kannada) 

IMDb 6.3/10

Action/ Romance 

ඔන්න නැවතත් සුපිරි කන්නඩ නළු “යශ්” (රොකී භායී -KGF) තවත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැසි රැගෙන ආවා.. මීට පෙර මා විසින්ම උපසිරැසි ගැන්වූ ඔහුගේම තවත් සුපිරි නිර්මාණ වන Googly හා KGF chapter 1  අපගේ වෙබ් අඩවියෙන්ම ලබා ගත හැක.. 2015 වසරේ දෙසැම්බර් 24 තමා ලොව පුරා තිරගත වූ මාස්ටර්පීස්, යශ් සමගින් ශවනි ශ්‍රීවස්තවා තමා ප්‍රදාන චරිතය.Manju Mandavya ගේ නිර්මාණයක් වෙන මෙය  V.Harikrishna සංගීත අධ්‍යක්ෂනය කළා. පැය 2ක් විනාඩි 33ක කාලයක් පුරා දිහ හැරෙන මෙය Action / Romance කැටගරිය යටතේ

තමා අපිට බලන්න වෙන්නෙ. 🥰

කුඩා කල සිට දග වැඩ වලින් අඩුවක් නැතු යුවා පාසල් කාලයේ වගේම උසස් අධ්‍යාපනය ලබන කාලයේ පටන් ඉතා දඩබ්බර චරිතයක් වුණා..සිය මවගේ එකම හීනය වූයේ තම දරුවා ජාතික වීරයෙකු කිරීමටයි. එහෙත් යුවා නිතරම කලේ තම මවගේ වගේම පවුලේ අයගෙද හිත බිද දැමීමයි. කලක් ගිහින් කුඩු මාෆියාවේ ලොක්කෙක් සමග සටන් ගොඩ නගා ගන්නා යුවාට  මඩ හා කුණු ප්‍රචාර හමුවේ දැඩි අසරණ වෙනවා. මාධ්‍ය මගින් හරි හරියට වාග් ප්‍රහාර එල්ල වෙන යුවාගේ ජීවිතේ ළගින් ම ඉන්නෙ සිය පෙම්වතිය හා හොදම යාලුවා පමණි. නොනවතින කරදර හමුවේ ශක්තිමත්ව හා උපක්‍රමශීලීව සිය අනසක පතුරන යුවාගේ ජීවිත කතාව තමා මාස්ටර්පීස් කියන්නෙ.

මෙහි ප්‍රධාන රංගනව යශ් වන අතර ශවනි ශ්‍රිවස්තවා ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙනවා. ඇයට ප්‍රතම අනුශ්කා ශෙට්ටි හා ප්‍රියා ආනන්ද් දෙදෙනාගේ නම් යෝජනා වූ අතර අවසානයේ ශවනිට අවස්ථාව උදා වුණා.. මාස්ටර්පීස් හි සෙසු නළු නිළි පෙළ මෙසේ පෙළ ගැස්විය හැක..

✻ Yash as Yuva

✻ Shanvi Srivastava as Nisha

✻ Suhasini Maniratnam as Durga

✻ Ravishankar as Boss

✻ Chikkanna as Bruce Lee

✻ Ananth Padmanabha

✻ Achyuth Kumar as Noor Ahmed

✻ Avinash as Police Commissioner

මෙහි ගීත පහක් ද  ඇතුළත් වෙනවා. 

🎶 Annange Love

🎶 I Can’t Wait Baby

🎶 KD No. 1

🎶 Jaago Re Jaago

🎶 Attention Please

මෙහි ඉතාම ලස්සන ජනප්‍රිය වූ ගීතයක් වන “Annange love” සදහා ප්‍රදාන රංගනය ලෙස යශ්, ශවනි ඇතුළුව සෙසු රංගන දායකත්වය වෙනුවෙන් 1500+ ට අධික පිරිසක් නර්තනයෙන් දායක වෙලා තියෙනවා. අමතක නොකර ඒ ගීතයත් බලාගෙනම යන්න.. 

“Annange love” ගීතය රූගත කිරීම් අතරතුර

                                         

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පුරා ඉතා ජනප්‍රියත්වයට පත් වූ මාස්ටර්පීස් ඉන්දියානූ රු.200K මුදලක් උපයා ඇති බව සදහන් වෙනවා.  යශ්ගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න මෙම චිත්‍රපටයත් ලොකු පිටුවහලක් වුණා සත්තයි.. 🎬🙏🏻

තවත් කන්නඩ සුපිරි තරුව “යශ්” ගේ තවත් නිර්මාණයක් සමග හමුවෙමු. 

✍🏻 සිනෙරූ වෙනුවෙන් මම;

නිත්‍යා රූපසිංහ

Original title ಮಾಸ್ಟರ್ ಪೀಸ್
IMDb Rating 6.1 987 votes
TMDb Rating 5.6 7 votes

Director

Director

Cast

Similar titles

Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Bell Bottom (2021) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Baaghi 4 (2025) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Mirai (2025) Sinhala Subtitles
Shabaash Mithu (2022) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published