Republic (2021) Sinhala Subtitles

Republic (2021) Sinhala Subtitles

Oct. 01, 2021India152 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Republic (2021) Sinhala Subtitle) (Republic 2021 Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අදත් අලුත්ම තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් ඊයෙ පාන්දරම ආව ෆිල්ම් එක ඊයෙ උදේම දෙන්න බැරිඋනා හැමදාම වගේ මට පරහට හිටින කරන්ට් එක අදත් එහෙම්ම උන හින්දා ?

හරි එහෙනම් අපි බලමු ෆිල්ම් එක ගැන.Republic කියන්නෙ Political Thriller | Drama කාන්ඩයේ ෆිල්ම් එකක්.ඉතින් පොල්ටිකල් කිව්වට සම්පූර්ණ දේශපාලන කතාවක් නෙමෙ මේක ගොඩක් වටින කතාවක්.විශේෂයෙම්ම අද කාලෙට.මේ ෆිල්ම් එක රිලීස් උනේ පහුගිය ඔක්තෝබර් 01 වෙනිදා.8.2 ක හොඳ IMDB රේට් එකකුත් මේක සතුයි.ප්‍රස්තනම් ,ඔටෝ නගර් සූරියා වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කල Deva Katta ගෙ අධ්‍යක්ෂණයක් තමයි මේක.

ප්‍රධාන නලුවා වෙන්නේ Sai Daram Tej.ඒ වගේම Aishwarya Rajesh සහ Jagapathi Babu , Ramya Krishna කියන දක්ෂ නලු නිලියනුත් මෙහි රංගනයෙන් එක් වෙනවා.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුව උනත් ටෙජ් ට පහුගිය කාලේ උනු බයික් අනතුරු නිසා Pre Release Event එකටවත් සහබාගි වෙන්න.බැරිඋනා.කොටින්ම ෆිල්ම් එක රිලීස් වෙනකොටත් එයා හිටියෙ හොස්පිටල් එකේ.ඉතින් පවර් ස්ටාර් පවන් කල්‍යාන් තමයි Pre Release Event එක එහෙම කලෙත්.කොහොමහරි දැන්නම් ඔහු සුවයෙන් ඉන්නව කියල සතුටින් දැනුම් දෙන්න පුලුවන් හැමෝටම.

කතාව මතක් කරන්නම්.

අභී කියන්නෙ සුපිරි මීටරයක්.ඕනම දෙයක් ඉගෙන ගත්තම මතකහිටින කෙනෙක්.ඉතින් මෙයාට මේ ඕනාට වඩා තියෙන දැනුම නිසා මාර අව්ල් තමා වෙන්නේ.ඒ වගේම මෙයාට දූෂනය , වංචාව පේන්න බෑ..මෙයාගෙ තාත්ත රජයෙ නිලධාරියෙක් වෙලා අල්ලස් ගන්නව දැකල තාත්ත එක්කත් අමනාපෙන් ඉන්නෙ.ඔහොම දැන් මෙයා ලොකු වෙලා චන්දෙ දාන්න යනව.එතනින් තමා හැමදේම පටන් ගන්නේ.

චිත්‍රපටය නැරඹූ මදුශංක සහෝදරයා පල කල ලිපියක්..

♻️ජරාජීර්ණ දේශපාලනයේ තිත්ත ඇත්ත. ♻️
 
කාලෙකින් තමයි ඉන්දියන් ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනේ.  මේක නොලියා බැරිවුනා.  මේක මේ රටේ ඉන්න හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්.  ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන්නම් මේක බලන්නට එපා.  ?
 
මුලු ෆිල්ම් එකටම තියෙන්නේ එකම ෆයිට් එකක් විතරයි.  
 
මිනිස්සුන්ව රවටන්නේ කවුද. ? 
දේශපාලකයාද?  
ඒකට නියම උත්තරය මේකේ තියෙනවා.  
 
දේශපාලුවන්ගේ ඇන්දීම ලස්සනට මිනිස්සු ඇඳගන්න විදිහ.  අවුරුදු ගානක් සම්පත් විනාශ කරමින් දේශපාලුවන් වැජඹෙන විදිහ වගේම.  දකුණු ආසියානු කලාපයටම ආවේනික.  තමන්ගේ බඩ ගැන විතරක්ම හිතන මහජනයා ගැනත් අවසානයේ අපූරුවට මේකේ තියෙනවා.  ??
අභිරාම්.  පුංචි කාලේ ඉඳන්ම වෙනස්ම විදිහකට හිතන අයෙක්.  මේ ජරාජීර්ණ සිස්ටම් එක වෙනස් කරන්න ඔහු මහන්සි වෙනවා.  ?
 
කලෙක්ටර් කෙනෙක් වෙලා.  දේශපාලනයට එරෙහිව ඔහු සටන් කරනවා.  කොහොම හරි ඒ සටනින් ඔහු ජයගන්නවා.  නමුත්, අවසානය. 
ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරනවා.  ?
 
දේශපාලුවන් විනාස වුනත්.  උන් නිර්මාණය කරපු පද්ධතිය විනාස වෙන්නේ නෑ.  එකෙක් මැරෙද්දි.  තවත් සිය ගානක් උපදිනවා.  දේශපාලුවා මැරුණත්.  උන් නිර්මාණය කරපු පද්ධතිය තුල ජීවත් වෙන තමන්ගේ බඩ ගැන හිතන මහජනයා කියන එකා.  ඒ පද්ධතිය දිගටම ගෙනියනවා.  ?
 
තමන් අසරණ වුන වෙලාව පිහිටට එන එකාගෙන් තමන්ගේ ප්‍රශ්නය විසඳගෙන.  අවසානයේ උන් තමන්ට පිහිට වුන එකාවත් විනාස කරගෙන පද්ධතිය ඉස්සරහට ගෙනියනවා .  ?
ඒක තමයි ඇත්ත. 
අපේ රටේ දැන් තියෙන තත්වය මේ ෆිල්ම් එකේ අපූරුවට තියෙනවා.  මේක බලද්දි හිතුනා.  මේක ලංකාවට හදාපු එකක්ද කියලත්.  ?
එක පවුලක් මිනිස්සු රවට්ටගෙන.  අහස් මාලිගා මිනිස්සුන්ගේ හිත්වල මවලා අපේ රටම විනාස කලා වගේ .  මේකෙත් එහෙමම තියෙනවා.  
” මිනිස්සු බලන් ඉන්නේ රැවටෙන්න.  උන්ට ඕන උන්ගේ ජාතිය කුලය ගැම්ම ගැන කතා කරන්න ඒක රැක ගන්න.  උන්ට දියුණු වෙන්න ඕන නෑ.  ඉතින් රැවටෙන්න බලාගෙන ඉන්න.  නිකම් දෙනකම් බලං ඉන්න එවුන්ව අපි රැවටුවාම මොකද?  ” 
එහෙම තමයි එයාලා හිතං ඉන්නේ.  ඉතින් ඒ රැවටීම ගැන අපූරුවට කියලා දෙන මේක නොබලා යන්න එපා.  ?
භාරත් අනේ නේනු බැලුවානම්.  ඒක ගැම්මට බැලුවානම්.  පොරොන්දු වෙනවා ඒකට වඩා උඩින් මේක තියෙනවා ?
මේකේ නලුවා පිම්බීමක් නෑ.  මහ හයියෙන් කෑ ගහන දෙබස් නෑ.  සයි ධරම් මම සාමාන්‍යයෙන් එච්චර කැමති නලුවෙක් නෙවි.  නමුත් මේකෙදි ඒ ඇක්ටින්.  නැචුරල් ස්ටාර් නානි හිටියත් කරයිද කියලා හිතාගන්න බෑ.  ඒ තරම් සුපිරි ඇක්ට් එකක් දෙනවා.  අයිශ්වර්යා රාජේශ් කියන්න වචන නෑ.  සුපිරියටම ඇගේ කොටස ඉටු කරනවා.  ?ජගපත් බාබු වෙනදා වගේම අති සුපිරි රංගනයක.  රම්‍යා නැන්දා  ? දුශ්ඨ කාන්තා චරිතය අපූරුවට රගදක්වනවා.  
ඉතින් උඩින් යන සීන්ම බලන අපි මේකත් බලමු.  ඇත්ත නැත්ත තේරුම් ගන්න මේක බලමු. 
??????????? ???????? 
(නැචුරල් ස්ටාර් නානි චිත්‍රපටය ගැන පල කල අදහස්)

ඉතින් මොකො වෙන්නෙ කියල ඔයාල ෆිල්ම් එකෙන් බලාගන්න.තව උපසිරැසියකින් ඉක්මනින් හම්බෙමු එහෙනම්

ඔබට ජය !

(Republic Sinhala Sub)

Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Original title రిప‌బ్లిక్
IMDb Rating 8 3,524 votes
TMDb Rating 8 3 votes

Director

Katta Deva
Director

Cast

Similar titles

Spy (2023) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
F3 Fun and Frustation (2022) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published