Video Sources 1548 Views

  • Watch trailer
Vanangaan (2025) Sinhala Subtitles

Vanangaan (2025) Sinhala Subtitles

Jan. 10, 2025India121 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Vanangaan (2025) Sinhala Subtitles) (Vanangaan (2025) Sinhala Sub)

වනංගාන් ඒ කියන්නේ කිසිවෙකුටවත් හිස නොනමන්නා. හිතුවක්කාරයා කිව්වනම් හරි. මේ හිතුවක්කාරයා තමයි අරුන් විජේ . දමිළ සිනමාවේ අඩු තක්සේරුවකට ලක්වු නළුවෙක්. මේ චිත්‍රපටයේ අරුන් විජේගේ චරිතය හා රංගනය ගැන කියනවනම් ඒ ” එන්නයි අරින්දාල් ” එකෙන් පස්සේ කරන හොදම රංගනය මේකයි. පිතා මගන් බලල තියෙන අයටනම් හැගෙන්නේ හරියට වික්‍රම්ගේ චරිතය වගේ. අති විශිෂ්ට රංගනයක් අරුන් විජේගෙන්.

මේ හිතුවක්කාරයා කියන නැව හසුරුවන්නා තමයි අධ්‍යක්ෂක බාලා. බාලා ගැන ලියනවනම් ඒක වෙනම ලිපියක් වෙන්න ඕනේ. මේ චිත්‍රපටයේ බාලානම් අධ්‍යක්ෂවරයා අරුන් විජේ කියන හිතුවක්කාරයාව වෙනම මගකට තල්ලුකලා කියන්න පුළුවන්. මේ බාලගේ තියෙන විශේෂත්වය තමයි ප්‍රධාන නළුවාව පියරු බබෙක් නොකිරීම. එ වගේම නළුවා වැඩකරන්න ඕනේ අධ්‍යක්ෂකට අවශ්‍ය විදියටයි. නළුවට තිර පිටපතේ කිසිම වෙනසක් කරන්න අවසර ලැබෙන්නේ නෑ. 😁.

මේ චිත්‍රපටයගැන බලමු.
මේ චිත්‍රපටය ඉස්සෙල්ලම රංගනය සදහා තෝරගෙන තිබුනේ සූර්යාව. ඒ වගේම සූර්යාගේ නිෂ්පාදන සමාගම වන 2D එන්ටට්‍රේන්මන්ට් මගින් නිෂ්පාදන කටයුතු බාරගෙන තිබුනා. නමුත් බාලා හා සූර්යා අතර තිර කතාවේ වෙනසක් සදහා යම් එකගතාවයකට එන්න බැරිවීම නිසා සූර්යා මේ චිත්‍රපටයෙන් ඉවත්වෙනවා වගේම නිෂ්පාදන කටයුතුවලිනුත් ඉවත්වෙනවා. මේ ගැන බාලා කියල තිබ්බේ “සූර්යා මාව විස්වාස කළේ නෑ “ කියලයි. බාලා කියන්නේ නළුවන්ට කතා ලියනකෙනෙක් නෙවෙයි. ඉතින් සූර්ය වෙනුවෙට අරුන් විජේ එක්වෙනවා වෙ වගේම ක්‍රිති ෂෙට්ටි වෙනුවෙන් රොෂ්නි ප්‍රකාෂ් එක්වෙනවා. ඒ වගේම නිෂ්පාදන කටයුතු බාලා හා සුරේෂ් දරාගන්නවා.

මේකේ රංගනයෙන් රිදා (දේවි) , රොෂ්ණි ප්‍රකාෂ් ( ටීනා ) සමුර්දකනි (කදිරවන්), මිස්කින් ( විනිසුරු) ප්‍රධාන චරිතවලින් එක්වෙනවා. නිෂ්පාදනය සුරේෂ් කමාචි සමග බාලා, කැමරාකරණා ආර්. බී. ගුරුදේව් සංස්කරණය සතිස් සූර්ය එක්වෙනවා. සංගීතය GV ප්‍රකාශ් කුමාර් විසින්.

කතාව කොහෝමද ?

ඉස්සෙල්ලම පෙන්වන්නේ ලිදක් සුද්ද කරනවා. ඒ සුනාමිය නිසා විනාශවුන එකක්. මේ කතාවත් සුනාමියට සම්බන්ධයි. ඒ සුනාමියෙන් දෙමාපියන් හා සියලුම දේවල් අහිමිවුන දෙන්නෙක් තමයි මේ මෝටි (අරුන් විජේ ) හා දේවි (රිදා ). අයිය නගෝ දෙන්නා. මේ අයියනම් හරිම හිතුවක්කාරයා. තරහා යන කෙනෙක් අනුන්ගේ ප්‍රශ්නයත් තමන්ගේ කරගන්නා කෙනෙක් . අසාධාරණය බලන් ඉන්නේ නැති කෙනෙක්. ටිකක් හරි පාලනය කරන්න පුළුවන්නම් ඒ මේ නංගට විතරයි. මේ අයියා දාගන්න ලෙඩනම් එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒ වගේ දාගන්න ප්‍රශ්නයක් යන දුර…………….. බලන්නම වෙනව.

චිත්‍රපටයක බාලගේ විශේෂත්වයක් තමයි අපි හිතන්නේ නැති මොහෝතක හිතාගන්න බැරි ඇගේ මයිල් කෙලින්වෙන අවසානයක් දීම. ඉතින් මේකත් එහේමයි. මගහැර නොගතයුතු දමිළ සිනමාවක්.

Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
Original title வணங்கான்
IMDb Rating 6.6 936 votes
TMDb Rating 5.5 2 votes

Similar titles

Jolly LLB 3 (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Bosco (2024) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published