The Healing (2025) Sinhala Subtitles

The Healing (2025) Sinhala Subtitles

Dec. 01, 2022RU95 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(The Healing (2025) Sinhala Subtitles) (The Healing (2025) Sinhala Subtitle) (The Healing (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 ඔක්තෝබර් 07 වෙනිදා තිරගත කෙරුණු “The Healing” එහෙම නැත්තම් “සුව කිරීම” කියන අලුත්ම රුසියානු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන.මුලින්ම කියන්න ඕනේ මේක පවුලෙ සැමටනම් නෙවේ ඒ කිව්වෙ මේක 18+ සීන් කිහිපයක් සහ දෙබස් තියෙනවා

මේක අධ්‍යක්ෂණය කළේ ඩෙනිස් ක්‍රියුච්කොව්, තිර රචනය කළේ රොබට් ඕර් සහ ඔල්ගා ලෝයානිච් කියන දෙන්නා. ඇලේනා මිට්‍රොෂිනා, වොල්ෆ්ගැන්ග් ෂර්නි සහ වියාචෙස්ලාව් චෙපුර්චෙන්කෝ ගේ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 39යි තත්පර 44යි. මේක අයත් වෙන්නේ හොරර්, ත්‍රිලර් කියන කාණ්ඩවලට, විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක හොරර් (Psychological Horror) කියන වර්ගයට. විචාරකයන් කියන්නේ මේකේ තියෙන පුනර්ජීවනය කියන අදහසත් එක්ක මනෝවිද්‍යාත්මක භීෂණය ඊළඟ මට්ටමට අරන් ගිහින් කියලා. රංගනයත්, සිනමාකරණයත් හොඳයි, ඒත් කතාවේ තියෙන ‘වැඩි ඇඹරුම් සහ හැරීම්’ නිසා සමහර වෙලාවට මුල් අදහස ටිකක් ගිලිහෙනවා කියලා තමයි කියන්නේ. ඒ වුණත්, මනෝවිද්‍යාත්මක හොරර්වලට කැමති කෙනෙක්ට බලන්න වටින චිත්‍රපටයක්.

හරි, එහෙනම් අපි කතාව මොකක්ද කියලා පොඩ්ඩක් බලමු.

තමන්ට හිංසා කරන සැමියාගෙන් පැනලා යන ලියුබා කියන කාන්තාව, ඇගේ යාළුවෝ ටිකක් එක්ක අද්භූත රහස්‍ය ස්ථානයක පිහිටි විවේකී සුවය ලබන රිසෝට් එකකට යනවා. මේකෙදි සිද්ධවෙන අමුතු චාරිත්‍ර සහ ඇයට පෙනෙන භීතිය දනවන දර්ශන නිසා, ඒ ලස්සන තැන යට සැඟවුණු අඳුරු රහස් එළියට එනවා.

අන්තිමට ඇයට බය හිතෙන තීරණයක් ගන්න වෙනවා: එතැනින් පැනලා යනවාද, නැත්නම් ඒ භයානක ඉරණමට යටත් වෙනවාද කියන එක.

“තමන්ව යථා තත්ත්වයට පත් කර ගන්න, ජීවත් වෙන්න, ඔබ මොන තරම් දුරක් යයිද?” මේක තමයි මේ රුසියානු චිත්‍රපටයේ හරය.

මම කතාව ඔයිට වඩා කියන්න යන්නේ නෑ.

එහෙනම් මෙතැන් ඉඳන් මේ ත්‍රාසය, භීතිය, සහ කුතුහලය කැටි වුණු කතාව බලන්න ඔබට අවසර!

ගිහින් එන්නම්,
තවත් අලුත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු!
ඔබට ජය!

The Healing (2025) Sinhala Subtitles
Original title Омут
IMDb Rating 4.7 570 votes
TMDb Rating 9 1 votes

Similar titles

My Name Is Vendetta (2022) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published