Thank God (2022) Sinhala Subtitles

Thank God (2022) Sinhala Subtitles

The Game of LifeOct. 25, 2022India121 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Thank God (2022) Sinhala Subtitles) (Thank God (2022) Sinhala Sub)

ඔන්න ලගදි ආපු තවත් සුපිරිම සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් තමයි මං අද වෙබ් සයිට් එකට ගොඩ උනේ… 9 වෙනිදා ආපු ෆිල්ම් සෙට් එකෙන් කැමති ෆිලුමක් තෝරාගන්න කියලා අපේ සිනෙරු අංජුල සහෝදරයා දෙද්දී මං තෝරගත්තේ මේක.. ඔහුටත් ගොඩක් ස්තුතියි මට ෆිල්ම් තෝරලා බේරලා වෙන් කරලා දෙනවට❤️

ෆිල්ම් එක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ..මාරම සුපිරි අනිවාර්‍යයෙන් හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්..අනිවාර්‍යයෙන් බලන කෙනාගෙ ඇහැට කදුලක් එකතු කරන්න පුලුවන් ෆිල්ම් එකක්.. හැමෝම දන්නව ඇති මේක ගැන මේ තමයි Thank God 2022 😍මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 24 වෙනිදා තමයි මේක නිකුත් උනේ..Fantasy & Comedy ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක IMBD අගය 6.1ක්‌ වැනි අගයක් අරන් තියෙනවා.. පැය 2ක කාල රාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්…මේක අධ්‍යක්ෂනය කරන්නේ ඉන්ද්‍රා කුමාර් විසින්… ඒ වගේම මේකේ ප්‍රධාන රංගනයෙන් සුපිරි නළු අජේ දෙව්ගන්, සිද්දාර්ත් මල්හෝත්‍රා වගේම රාකූල් ප්‍රීත් සිංග් දායක වෙනවා..ඒ වගේම පොඩි කොටසක් සදහා නෝරා ෆාටේහි දායකත්වය ලබා දීල තියෙනවා…මේකට ප්‍රතිචාර නම් ලැබුනේ 50% 50% තමයි..අදායම් අතින් නම් ලොකු ආදායමක්‌ අත්පත් කරගන්න මේ ෆිල්ම් එකට හැකි උනේ නෑ…

ඒත් බලන්නම වටින හරිම ලස්සන චිත්‍රපටයක්..ගින්දර.. 🥺❤️

ඒ වගේම අනිවාර්යෙන් කියන්නම ඕන.. මේ ෆිල්ම් එකේ ලෝකේ පුරා ඉතාමත් ජනප්‍රිය වුනු අපේ ලංකාවට ආඩම්බරයක්‌ ගෙනාව “මැණිකේ මගේ හිතේ” ගීතයේ හින්දි වර්ශන් එක තියෙනවා.. හින්දි කිව්වට හින්දි විතරක්ම නෙවෙයි සිංහල හින්දි mix එකක් තියෙන්නේ..😛 මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනය සදහා “යොහානි” දායකත්වය ලබා දීල තියෙනවා වගේම මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂක ” චමත් සංගීත් ” ව ද මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය සදහා එකතු කරගන්න එයාල කටයුතු කරලා තියෙනවා.. 😍❤️

ෆිල්ම් එක ගැන නම් ලොකුවට විස්තරයක් කියන්න යන්නෙ නෑ… ඔයාලා අරගෙනම බලන්නකෝ… බලන්නම වටින ෆිල්ම් එකක්.. අපේ ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙන ෆිල්ම් එන්නෙ නැති මේ කාලෙ, මේ වගේ ජීවිතේට වටින ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙන ෆිල්ම් එන එක ගැන ගොඩක් සතුටුයි! ❤️
නොබල ඉන්න නම් එපා..ලොකු පාඩුවක්..අනිව බලන්න! ගිහින් එන්නම් ❤️ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

“අපි යම් හොදක් හෝ නරකක් කලොත්, එයට හොද හෝ නරක ප්‍රතිවිපාකයක් කවදාහරි, කොතැනක හරි අනිවාර්යෙන්ම ලැබෙනවා”

Thank God (2022) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles
Original title थैंक गॉड
IMDb Rating 5.6 11,262 votes
TMDb Rating 6.675 20 votes

Similar titles

Visfot (2024) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Dead Talents Society (2024) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published