Video Sources 1518 Views

  • Watch trailer
Snake Eyes (2021) Sinhala Subtitles

Snake Eyes (2021) Sinhala Subtitles

Every warrior has a beginning.Jul. 23, 2021Canada121 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Snake Eyes 2021 Sinhala Subtitles)

G.I. Joe: The Rise of Cobra 2009 සහ G.I. Joe: Retaliation 2013 චිත්‍රපටිය ද්විත්ව බලලා තියන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටිය එනකල් මග බලාගෙන ඉන්න ඇති. හැබැයි මීට කලින් නිකුත් වුණු G.I Joe චිත්‍රපටිය ද්විත්වයේ Sequel එකක විදිහට නම් නෙවෙයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ චිත්‍රපටියෙ නිර්මාණය වෙලා තියෙන්නේ G.I Joe චිත්‍රපටි මාලාවෙ Spin-Off චිත්‍රපටියක් විදිහට. ඒ කියන්නෙ මේකෙදි අපිට Snake Eyes (ස්නේක් අයිස්) කියන චරිතයේ ඔරිජින් එක තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. ස්නේක් අයිස් ගෙ විතරක්ම නෙවෙයි ස්ටෝම් ශැඩෝගෙ චරිතය ගැනත් මේකෙදි පෙන්නලා දෙනවා.

මෙතනදි ගත්තොත් විශේෂයෙන්ම ස්නේක් අයිස් චරිතය වටා තමයි මේ චිත්‍රපටිය ඇදීගෙන යන්නෙ. මීට කලින් නිකුත් වුණු චිත්‍රපටි ද්විත්වය බලලා තියන අය දන්නවනෙ ස්නේක් අයිස් කියන්නෙ කොයිවගේ චරිතයක්ද කියලා.

ස්නේක් අයිස් කොමික් චරිතය සහ ලයිව් ඇක්ෂන් චරිතය

ඉතින් මේ චිත්‍රපටියෙදි ස්නේක් අයිස් චරිතය විදිහට Henry Golding සහ ස්ටෝම් ශැඩෝ චරිතය විදිහට Andrew Koji එකතුවෙලා තියෙනවා. Warrior සීරීස් එක බලපු අයනම් Andrew Koji ගැන හොඳාකාරවම දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේම Samara Weaving “ස්කාර්ලට්” චරිතය විදිහටත් Hruka Abe “අකිකෝ” චරිතය විදිහටත් එකතුවෙලා තියෙනවා. “බ්ලයින්ඩ් මාස්ටර්” සහ “හාර්ඩ් මාස්ටර්” චරිත දෙකට පිළිවෙලින් “Peter Mensah” සහ “Iko Uwais” එකතුවෙලා තියෙනවා. මේක කාස්ට් එක ගත්තහම ඇත්තටම කිව්වොත් සුපිරිම කාස්ට් එකක් ඉන්නවා.

මේ චිත්‍රපටියේ රේටින්ස් දිහාට හැරුනොත් කලින් G.I Joe චිත්‍රපටියට IMDb සහ Rotten Tomatoes තුළ ලැබෙන සාමාන්‍ය අගය මේ චිත්‍රපටියටත් ලැබිලා තියෙනවා. ඒ IMDb 5.7 කුත් Rotten Tomatoes වල 38% කුත්. කට්ටිය මේ රේටින්ස් දිහා බලනකොට නම් හුඟක්ම මදිකමක් දැනෙනවා ඇති. ඒත් මේක තමයි සාමාන්‍ය G.I Joe චිත්‍රපටියකට ලැබෙන අගය. ඒ නිසා ඒකෙ අවුලක් ගන්න එපා. පැය 2 ක කාලයක් මාරම විදිහට Enjoy කරන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ වගේම තමයි මේක තනිකරම ඇක්ෂන් පැක්. කාස්ට් එක දිහා බැලුවහම ඒක පේනවා. ඇක්ෂන් අතින් ගත්තහම නම් නම් තරමක් හොඳ මට්ටමක තියෙනව.

HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණු සැනින් උපසිරැසිය අරගෙන එන්න පුළුවන් වුණේ HD CAM පිටපතට හරියාකාර ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බ නිසා. ඉතින් ඒ උපසිරැසිය ලබාදුන්න Explosiveskull සහෝදරයටත් ස්තූති කරන්න ඕන.ඒ වගේම වෙබ් පිටපත අන්තර්ජාලයට නිකුත්වුණු ගමන් HD CAM පිටපත WEB පිටපතට සින්ක් කරලා දුන්න මදුෂාන් අයියවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන.

එහෙනම් ඉතින් G.I Joe මේ චිත්‍රපටියත් බලලම ඉන්න. තව දෙයක් කියන්න අමතක වුණා මේ චිත්‍රපටියෙන් විතරක්ම් මේක අවසන් වෙන්නෙ නෑ. තවත් චිත්‍රපටියකට මග පාදමින් තමයි මේ චිත්‍රපටිය අවසන් වෙන්නෙ. ඒ කියන්නෙ නුදුරේදීම අපිට මේ චිත්‍රපටියට කනෙක්ට් වෙන තවත් චිත්‍රපටියක් බලාගන්න පුළුවන්කම තියෙනවා.

Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Original title Snake Eyes: G.I. Joe Origins
IMDb Rating 5.4 40,878 votes
TMDb Rating 6.58 1,309 votes

Director

Cast

Henry Golding isSnake Eyes
Snake Eyes
Andrew Koji isTommy / Storm Shadow
Tommy / Storm Shadow
Úrsula Corberó isThe Baroness
The Baroness
Iko Uwais isHard Master
Hard Master
Peter Mensah isBlind Master
Blind Master

Similar titles

Kaduva (2022) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Resident Evil: Welcome to Raccoon City (2021) Sinhala Subtitles
To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
HIT: The 2nd Case (2022) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published