Video Sources 4064 Views

  • සිංහල උපසිරැසි සමග
Double iSmart (2024) Sinhala Subtitles

Double iSmart (2024) Sinhala Subtitles

Aug. 15, 2024India162 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Double iSmart (2024) Sinhala Subtitles) (Double iSmart (2024) Sinhala Sub) (Double iSmart Sinhala Subtitles) (Double iSmart Sinhala Sub)


සුභ දවසක් හැමෝටම ,

ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයිමත් මම අළුත්ම තෙළුගු උපසිරැසියක් අරගෙන සිනෙරූ නිවහනට ගොඩ වැදුනා.ඇත්තටම කියන්න කණගාටුයි 2019 ආපු ස්මාර්ට් ශංකර් ෆිල්ම් එකෙන් පස්සේ පූරි ජගන්නාද් අධ්‍යක්ෂකවරයා වෙතින් එහි දෙවෙනි ෆිල්ම් එකක් හදනවා කියන ආරංචිය ආව සැනින් අපිත් බලාපොරොත්තු පොදි බැදගෙන බලන් හිටියත් පහුගිය අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරපු චිත්‍රපටයක් උනා ඉතින්.. ඇත්තටම මේක 2024 ආපු අසාර්ථකම චිත්‍රපටයක් බවට මේ වෙද්දි පත් වෙලා තියෙනවා.

පූරි ජගන්නාද් ගැන කිව්වොත් ඔහු ඉන්දියානු තෙලිගු සිනමාවට වෙනස්ම දෙයක් කරපු සිනමා අද්‍යක්ෂකවරයෙක් උනාට මෑත කාලීනව ඔහු අතින් නිමැවුනු චිත්‍රපටි ගොන්නක්ම මේ අයුරින් නාස්තියක් වෙලා ගියා.. ඒ හා සමානවම අපි කාලයක් රොමෑන්ස් වලට වගේම මාස් ඇක්ෂන් වලට ආස කරපු ඒ රාම් පොතේනි කියන නළුවත් මේ වෙද්දි චිත්‍රපට කීපයකින්ම අසාර්ථක වෙලා තියෙනවා. ඇත්තටම ඔවුන්ට වැරදුනේ කොතනද.. ඒ කොහොම උනත් අපි මේ දෙන්නගෙන්ම සුපිරි කම්බැක් එකක් ඒවි කියලා ඉස්සරහට බලාපොරොත්තු තියාගෙන ඉමු..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Ram Pothineni – [ස්මාර්ට් ශංකර්]
Sanjay Dutt – [බිග්බුල්]
Kavya Thapar – [ජන්නත් මෙහෘනිසා]
Bani J – [බෙන්ට්ලි]
Sayaji Shinde – [CBI ඔෆිසර් පරමේෂ්වරන්]

ඉස්සෙල්ලම කියන්න ඕන මේ කතාව 2019 ආපු ස්මාර්ට් ශංකර් කතාවත් එක්ක සෘජු සම්බන්ධයක් නැති අළුත්ම කතාවක්.. 2019 ආපු ස්මාර්ට් ශංකර් ෆිල්ම් එකෙන් අපිට ශංකර්ව හදුන්වලා දෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔහුගේ මොළය තාක්ෂණිය වශයෙන් පාළනය කළ හැකි වෙන විදියට කරපු අපූරු පරීක්ෂණයක ප්‍රතිඵලයක් කියලා.. ඒවගේම පිටතින් ශංකර්ගේ ඔළුව පිටුපස USB පෝට් එකකුත් ඔවුන් සවි කරලා තියෙනවා අපිට ඒ කතාවෙන් බලාගන්න පුළුවන් උනා.

කලින් කතාවෙ ශංකර්ගේ ළමා කාලය ගැන එච්චර සදහනක් නොතිබුනාට මේ කතාව ශංකර්ගේ ළමා කාලයත් එක්ක තමයි යන්නේ.. ශංකර් කියන්නෙ තාත්තත් නැතුව අම්මා එක්කම හැදුනු ඒ කාලේ ඉදලම අම්මට පුදුම ආදරයක් තිබුනු කෙනෙක්. ඉතින් ශංකර්ගේ අම්මාගේ නම තමයි පෝචම්මා.. හරි හමන් රස්සාවක් නොතිබුනු පෝචම්මා පොහොසත් ගෙවල් වලට ගිහින් වැඩ කරලා ගන්න සොච්චම් මුදලකින් තමයි මේ අම්මයි පුතයි ජීවිකාව ගෙන ගියේ.. ඉතින් වැඩි කාලයක් නොගින්ම පෝචම්මා සහ ශංකර් අතරට කෙනෙක් ඇවිත් ශංකර්ගෙන් පෝචම්මා දුරස් කරනවා. ඒ තමයි බිග්බුල්.. ශංකර්ගේ හිතේ බිග්බුල් ගැන තියෙන්නේ දැඩි වෛරයක් වගේම පලිගැනීමේ චේතනාවක්.. කාලයත් එක්ක මේ දෙන්නා වෙන වෙනම ඔවුන්ගේ පාරවල් වල ගියත් දෛවය ඔවුන්ව ආයෙමත් මුන ගස්සනවා.

ඉතින් මොකද වෙන්නෙ කියලා මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

බාගෙට කැම් කොපියට ගහපු කාලරාමු සින්ක් කරන්න ශාන් සසංග සහෝදරයා උදව් කරා වගේම මේ ෆිල්ම් එකේ උපසිරැසි දෙන එක මගින් අතෑරලා දාන්න හදලත් ගොඩක් දෙනා ඉල්ලපු නිසාම ඔන්න ගේමක් ගහලා සබ අරගෙන ආවා සිංදු ටිකත් උපසිරැසි ගන්වන්න අමතක කලේ නෑ.. ආයෙමත් මතක් කරන්න ඕන.. මේ වෙනුවෙන් තිරය පිටුපස ඉදන් උදව් කරපු හැමෝටම මගේ ස්තුතිය.. !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Original title డబుల్ ఇస్మార్ట్
IMDb Rating 3 1,349 votes
TMDb Rating 6 1 votes

Director

Sharma Jiten
Director

Cast

Similar titles

Vedha (2022) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
G20
Blacklight (2022) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Despicable Me 4 (2024) Sinhala Subtitles
Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published