Posham Pa (2019) Sinhala Subtitles

Posham Pa (2019) Sinhala Subtitles

Aug. 21, 2019India150 Min.Not Rated
Your rating: 0
6 2 votes

Synopsis

(Posham Pa 2019 Sinhala Sub)

ඔන්න අදත් පුරුදු විදියටම සිංහල උපසිරැසියක් අරගෙන තමයි ආවේ..අද අරගෙන ආවේ Posham Pa (2019) කියන චිත්‍රපටිය.මේකේ රේටින්ග්ස් පැත්ත ගැන බැලුවොත් IMDb Rating 6.4/10 ක් වගේම ගූගල් පරිශීලක මනාප 87% අරගන්න හැකි වෙලා තියනවා…ඉතින් පෝෂම් පා කියන්නේ Suman Mukhopadhyay විසින් අධ්‍යක්ෂණය කරපු 2019 වසරේ නිපැයුණු හින්දි භාෂාවෙන් දිවයන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්..

මේ චිත්‍රපටයේ Mahie Gill, Sayani Gupta, Ragini Khanna ප්‍රධාන චරිත නිරූපණය කරනවා… තේමාව සාමාන්‍ය බවක් පෙන්නුවට මේ චිත්‍රපටිය මගින් අනුක්‍රමික ඝාතකයින් තුන්දෙනෙක් විසින් ළමයින් සමූහ වශයෙන් ඝාතනය කිරීම නිරූපණය කරනවා..1996 නොවැම්බර් 19 වන දින සිට ළමුන් 40 කට වැඩි ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඉන් ළමුන් 12 ක් පමණ ඝාතනය කළ අංජනා සහ ඇගේ දියණියන් දෙදෙනා වන සීමා ගවිත් සහ රේණුකා ෂින්ඩේ යන දෙදෙනාගේ සත්‍ය සත්‍ය කතාවක් පදනම් කරගත් චිත්‍රපටයේ කතාව ළමුන් 12 දෙනෙකු සමූහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සීමා සහ රේණුකාට 2014 දී මරණ දඩුවම හිමිවූ අතර 1997 දී ඔවුන්ගේ මව අංජනා බන්ධනාගාරගතව සිටියදී මිය ගියා.. මේ චිත්‍රපටය ZEE5 හරහා 2019 අගෝස්තු 23 වන දින නිකුත් කරා වගේමෙ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සහ විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න හැකියාව ලැබිලා තියනවා..

අංජනාභායි ගාවිට් සහ ඇගේ දියණියන් දෙදෙනා වන රේණුකා ෂින්ඩේ සහ සීමා ගාවිට්

ඉතින් මේ කතාවේ සැබෑ චරිත වෙනුවට ඉන්නේ ප්‍රජක්තා දේශ්පාණ්ඩේ සහ ඇගේ දියණියන් දෙදෙනා වෙන රේගා සහා ශිඛා…ඉතින් දරුවන් 5 දෙනෙක් ඝාතනය කරපු වරදට අත්අඩංගුවට ගත් රෙගා සහ ශිඛා යන දියණියන් දෙන්නා ගැන වගේම ඒ අපරාධ ජීවිතයට තම දියණියන් දෙදෙනා පෙලඹවපු මානසික පීඩාවට පත් වුණු ප්‍රජාක්තාගේ කතාව ගැන සේරම ඇත්ත මේ රේගා සහ ශිඛා කියන අක්කයි නංගියි දෙන්නයි වාර්ථා චිත්‍රපටි නිෂ්පාදකයින් දෙන්නෙක් වෙන ගුන්දීප් සහ නිඛත් වෙත හෙළි කරනවා…ඉතින් එයාලා මොනවද එළි කරන්නේ කියලා ඔයාලම ෆිල්ම් එක බලලම දැනගන්න..ඉතින් මේක තියන සමහර කුරිරු ඝාතන සිද්ධීන් නිසා මේක වැඩිහිටියන් නරඹනවනම් ගොඩක් සුදුසුයි කියලා මම හිතනවා…

ඉතින් මේ ත්‍රාසජනක චිත්‍රපටයේ අහිංසක කවුද? ඇත්තම මිනීමරුවන් කවුද ? කියලා බලන එක ඔයාලට භාරකරලා මම අදට නවතිනවා…කොහොම හරි කුතුහලයෙන් පිරුණු චිත්‍රපටිය අතපසු කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා..මොකද මේ සාමාන්‍ය විදියට මුලදි පේන ෆිල්ම් එක ඇත්තටම සාමාන්‍ය ෆිල්ම් එකක් නොවෙන නිසා..එහෙනම් අදට ගිහින් එන්නම්..හැමෝටම,

බුදු සරණයි!!!

Posham Pa (2019) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Original title Posham Pa
IMDb Rating 6.2 476 votes
TMDb Rating 5.8 4 votes

Similar titles

Bomb (2025) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Revolver Rita (2025) Sinhala Subtitles
Grahanam (2021) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published