Video Sources 454 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Jingle Bell Heist (2025) Sinhala Subtitles

Jingle Bell Heist (2025) Sinhala Subtitles

'Tis the season to give. And take.Nov. 25, 2025United Kingdom96 Min.TV-14
Your rating: 0
8 1 vote

Synopsis

(Jingle Bell Heist (2025) Sinhala Subtitles) (Jingle Bell Heist (2025) Sinhala Subtitle) (Jingle Bell Heist (2025) Sinhala Sub)

මේ අවුරුද්දේ ප්‍රීතිමත් නත්තල වෙනුවෙන් නිකුත් වුණු විශේෂ නත්තල් චිත්‍රපටයක් තමයි “Jingle Bell Heist”

පැය එකකුත් මිනිත්තු තිස් හයක් පුරා දිවෙන මේ චිත්‍රපටය Comedy, Romance සහ Crime Fiction කියන Genres වලට අයිති වෙනවා.. IMDb 5.7 ක අගයකුත්, කුණු තක්කාලි 71% ක අගයකුත්, Common Sense Media තුළින් 3/5  අගයකුත් ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය.. Netflix හරහා බෙදාහැරුණු මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ Matt Kaplan විසින් සහ අධ්‍යක්ෂණය කරන්නේ Michael Fimognari විසින්.. ඒ වගේම සුප්‍රසිද්ධ Sex Education කතාමාලාවට සහ William Tell චිත්‍රපටයට රංගනයෙන් දායක වුණ Connor Swindells මේ නිර්මාණයටත් දායක වෙනවා.

කතාව මෙහෙමයි… සුප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක් තියෙනවා “ස්ටාර්ලින්” කියලා.. මේකේ අයිතිකාරයා තමයි ‘මැක්ස්වෙල් ස්ටාර්ලින්’ මෙතන වැඩ කරනවා කෙල්ලෙක් එයාගේ නම “සොෆියා” මෙයා ටිකක් ඉලීගල් වැඩ කරන්න දක්ෂ කෙනෙක්.. ඒ කියන්නේ ඔය පිට් පොකට් ගහනවා වගේ වැඩ.. දවසක් මෙයා මේ සාප්පු සංකීර්ණේ පුද්ගලික එක කාමරයකට පැනගෙන ඒකෙන් සල්ලි වගයක් හොරකම් කරනවා.. ඒත් එයා නොදන්නවා වුණාට මේ කාමරේ තියෙන සීසීටීවි කැමරාවකට එක බාහිර පුද්ගලයෙක්ට ඇක්සස් තියෙනවා.. එයා මේ ඔක්කොම බලාගෙන ඉන්නේ.. ඒ තමයි “නික්” මේ චරිත දෙක තමයි අපිට කතාවෙදි වැදගත් වෙන්නේ.. සොෆියා සහ නික්.. සොෆියා කරපු හොරකම ඇස් දෙකෙන් දැක්ක නික් කරන්නෙත් ඉතින් ඒ වගේ අවස්ථාවක අපි ඕන කෙනෙක් කරන දේ මයි. එයා මේ සීසීටීවි ෆුටේජ් එක පෙන් එකකට දාගෙන ස්ටාර්ලින් සාප්පු සංකීර්ණෙට ඇවිත් සොෆියට දෙනවා.. ඒ වීඩියෝ එකේ අන්තිමේට සොෆියට නික් ව හම්බෙන්න ඉඟියක් දීලා තියෙනවා.. මේ විදිහට මේ දෙන්නා හම්බෙනවා..

මේ කතාවට අතරමගදි මැක්ස්වෙල් ස්ටාර්ලින් ගේ බිරිඳ ‘සින්තියා ස්ටාර්ලින්’ ත් සම්බන්ධ වෙනවා.. කොහොමහරි නික් සහ සොෆියා මේ සාප්පු සංකීර්ණේ තියෙන හොර සේප්පුවක් කඩන්න තමයි ට්‍රයි එක.. මේක මෙයාලා හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ.. නොහිතපු බාධක වලට මේ දෙන්නට මුහුණ දෙන්න වෙනවා වගේම කතාවේ චරිතවල පෞද්ගලිකත්වයේ අභ්‍යන්තරයට ගිහින් ඒ ඒ සිදුවීම් පවා නොහිතපු විදිහට එකිනෙකට සම්බන්ධ වෙන විදිහ හරි ලස්සනට බලාගන්න පුළුවන්කම තියෙනවා..

පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්..

සුභ නත්තලක්!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles
Original title Jingle Bell Heist
IMDb Rating 5.7 8,881 votes
TMDb Rating 6.028 142 votes

Similar titles

I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Dracula: A Love Tale (2025) Sinhala Subtitles
The Christmas Ring (2025) Sinhala Subtitles
A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles
The Conjuring: Last Rites (2025) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published