Mishan Impossible (2022) Sinhala Subtitles

Mishan Impossible (2022) Sinhala Subtitles

Apr. 01, 2022India129 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Mishan Impossible (2022) Sinhala Subtitles) (Mishan Impossible (2022) Sinhala Sub)

”Mishan Impossible” යනු Swaroop RSJ විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක චිත්‍රපටයක්.චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Taapsee Pannu.ඒ වගේම Mark K Robin සංගීතය නිර්මාණය කර ඇති අතර කැමරාකරණය Deepak Yeragara විසින් සිදු කර ඇත.සංස්කරණය Ravi Teja Girijala ගෙනි.Matinee Entertainment යටතේ Niranjan Reddy සහ Anvesh Reddy එක්ව නිෂ්පාදනය කරන ලද විශිෂ්ට සිනමා නිර්මාණයකි.

කතාව ගැන මෙහෙමයි ඉතින්..

මේ වසරේ අප්‍රෙල් පළවෙනිදා සිනමාහල් වලට මුදා හැරුනු මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙත් එක්තරා බුද්ධිමත් මෝඩයන් තුන් දෙනෙක් වටා.ඒ තමා චිත්තූර් දිස්ත්‍රික්කයේ තිරුපතිට ආසන්න වඩමල්පෙට්හි ජීවත් වුන ඉගෙනගන්න කිසි උනන්දුවක් නැති රඝුපති , රාඝවා , රාජාරාම්. RRR කණ්ඩායම කියලා තමා මෙයාලා මෙයාලට කියාගන්නේ.. රඝුපති කවදත් සිහින මැව්වේ රංගෝපාල් වර්මා වගේ අධ්‍යක්ෂවරයක් වෙන්න..රාඝවා නිතරම සිහින මැව්වේ Kaun Banega Crorepati වැඩසටහනට සහභාගී වෙලා ඔක්කොම ප්‍රශ්ණ වලට හරි උත්තර දීලා රුපියල් කෝටි ගණනක් දිනාගන්න.පට්ටම විශ්වාසෙන් වැරදි උත්තර දෙන්න මෙයා තරම් හපනෙක් නෑ..ඒ වගේම රාජාරාම් සිහින දකින්නේ සුපිරි වේග පන්දු යවන්නෙකු වෙන්න.ඒ ගමේ මෙයාට හයක් ගහපු නැති කෙනෙක් නෑ..ඉතින් හිතාගන්නකෝ..තත්වෙ සෝචනීයක් නේද…🤣ඔහොම ඉන්නකොට සල්ලි හොයන්න ඕනෙ කියන අදහස මෙයාලට ලොකුවටම එනවා.ඔය අතරෙ තමා රාඝව මැටි අදහසකුත් අරගෙන යාළුවො හම්බෙන්න එන්නෙ.ඒ තමා ලොකු අපරාධකාරයෙක් අල්ලමු කියන එක.එයාව ඇල්ලුවොත් සල්ලි බර ගානක් දෙනවා කියපු නිසා අනිත් දෙන්නත් වැඩේට කැමති වෙනවා.ඒ අතරෙ මෙයාලා ගහන ප්ලෑන්..බුදු අම්මෝ හිනා කාලා මැරෙනවා.කොහොම හරි ගේමක් ගහලා ගෙවල් වලිනුත් පැනලා බොම්බායට යනවා.මල හත්තිලව්වයි.බොම්බේ කියලා ගිහින් තියෙන්නේ බැංගලෝර්.ඒකටත් විසඳුමක් දෙනවා එයාලගෙ බුද්ධිමත් යාළුවා.ඉතින් ඔන්න මෙයාලා ඩාවුඩ් කියන අපරාධකාරයා අල්ලගන්නයි යන්නෙ දැන්..

මේ කොල්ලො තුන් දෙනාට අමතරව තවත් කට්ටියකගෙ කතාවකුත් ගලාගෙන යනවා..ඒත් අපරාධකායෙක්ව කොටුකරගන්න හදන කණ්ඩායමක්..ඒ කවුද කින්ද මන්ද කියලා බලද්දි තේරේවි..කොහොම වුනත් මේ හැමෝටම ඕන අපරාධකාරයෙක්ව කොටු කරගන්න..ඉතින් මෙයාලා එයාව අල්ලගනීවිද කියලා නම් ඔයාලට ෆිල්ම් එක අරගෙනම තමයි බලන්න වෙන්නෙ…මම රසබර කෑලි වැඩිය කිව්වෙ නෑ.එතකොට බලද්දිත් අගයක් නෑනේ.මොනවා වුනත් සුපිරිම කොමඩියක්.වගකීමෙන් කියන්නෙ…ගිහින් එන්නම්..❤️

Mishan Impossible (2022) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Original title మిశన్ ఇంపాసిబుల్
IMDb Rating 6.5 928 votes
TMDb Rating 6.1 5 votes

Similar titles

Yaanai (2022) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
Bosco (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published