Jail (2021) Sinhala Subtitles

Jail (2021) Sinhala Subtitles

Dec. 09, 2021India134 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

කරණා නම් කුඩා කාලයේ සිටම සොරකමට පුරුදු වූ අයෙක්..

ඔහුගේ මිතුරා වන කලයි..

සුළු අපරාධයකට අසමානුපාතික දඬුවම් විඳීමෙන් පසු සිරගෙයින් ආපසු එන තරුණයෙක්..

ගංජා ජාවාරම්කරුවෙකු වන රොකී..

 

“පරමුණි මුඩුක්කු ප්‍රදේශයෙන් ඉවත් කළ පවුල් 224 ක් .කාවේරි නගර්, තෝරයිපක්කම් වලට ගෙන ගොස් තිබෙනවා .”

“සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ,නගරයේ මුඩුක්කු ඉවත් කිරීම විශාල තර්ජනයක් බවයි.”

“දිළිඳු ජනතාව ලක්ෂයක් එකම ස්ථානයක පදිංචි කිරීම තහනම් කරන්නැයි ඉල්ලා පෙත්සමක් අත්සන් කරයි..”

“මෙලෙස නිවෙස්වලින් ඉවත් කෙරෙන ජනතාව ජීවනෝපාය සඳහා අරගල කරයි”

” පැල්පත් නිෂ්කාශන මණ්ඩලයේ විෂමතා
චෙන්නායි හි මුඩුක්කු නිවාස 500000ක් අවදානමේ…”

“දේපල අයිතිය ඉල්ලා පැල්පත්වාසීන් විරෝධතාවක “

ඔන්න එහෙනම් ආයත් ආවා අළුත්ම දමිල සිනමාපටයකට උපසිරසි අරගෙන. චිත්‍රපටයේ කතා වස්තුව තනිකරම පදනම් වෙලා තියෙන්නේ මුඩුක්කු ජනතාව අද දක්වා ජීවත් වන ජීවන රටාව මතයි… සෑම ආහාර වේලක්ම අනුභව කිරීම සඳහා මිනිසුන් ජීවත් වන්නේ කෙසේද යන්න එයින් නිරූපණය කෙරෙනවා … ඒ සමඟම තක්කඩියෙකු මෙන් සිතන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ මතය ද එයින් අදහස් කෙරෙනවා. GV ප්‍රකාශ්ගේ රංගනය සමගින්.

කුඩා කල සිටම අපරාධකරුවෙකු වන කර්ණා (ජීවී ප්‍රකාශ් කුමාර්), මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොකී (නන්දන් රාම්) සහ කලයි (පසංග පාණ්ඩි) යන තරුණයින් තිදෙනා හරහා තමයි කතාව විස්තර කරන්නේ. ඔවුන්ගේ ප්‍රදේශය වන කාවේරි නගර්, නගරයේ පැල්පත්වාසීන්ගේ නැවත පදිංචි කිරීමේ ජනපදයක් වන අතර අපරාධකරුවන්ගේ තෝතැන්නක් ලෙස ප්‍රසිද්ධියක් ලබා ඇති තැනක්, වැඩ තහනම් කරන ලද දූෂිත පොලිස්කාරයකු වන පෙරුමාල් (රවි මාරියා) විසින් නායකත්වය දෙන පොලිසිය ඔවුන්ට නිතර නිතර ව්‍යාජ නඩු පමුණුවයි. ප්‍රදේශයේ ප්‍රතිවාදී කල්ලියක් වන රොකීගේ කල්ලිය සමග ගැටුමි වලින් ජීවිත හානි පවා ලබයි.

Jail කියන්නේ වසන්තබාලන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරපු ක්‍රියාදාම,අපරාධ චිත්‍රපටයක්. Krikes Cine Creations හි නිෂ්පාදන නාමය යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ Sridharan Mariathasan විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා G. V. Prakash Kumar, Abarnathi, Radhika Sarathkumar රංගනයෙන් දායක වෙනවා.. G. V. Prakash Kumar චිත්‍රපටියේ සඳහා සංගීතය නිර්මාණයද සිදු කරලා තියනවා.. 

එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා මතක් කරමින්  අදට සමුගන්නවා..හැමෝටම බුදු සරණයි..!!

(Jail Sinhala 2021 Sub)

Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Jail (2021) Sinhala Subtitles
Original title ஜெயில்
IMDb Rating 4.8 407 votes
TMDb Rating 3 2 votes

Similar titles

Mad Money (2008) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Just Breathe (2025) Sinhala Subtitles
Thanupp (2024) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published