Video Sources 487 Views

  • Watch trailer
ID: The Fake (2025) Sinhala Subtitles

ID: The Fake (2025) Sinhala Subtitles

Jan. 03, 2025114 Min.
Your rating: 0
9 1 vote

Synopsis

(ID: The Fake (2025) Sinhala Subtitles) (ID: The Fake (2025) Sinhala Subtitle) (ID: The Fake (2025) Sinhala Sub)

විනෝද් කියන්නේ කෑම බෙදාහරින ආයතනයක සේවය කරන කෙනෙක්. එයාගේ බිරිද වෙන්නේ ගෞරි. මේ දෙන්නට දරුවෙක් ඉපදෙන්නයි යන්නේ. එක දවසක් ගෞරි වැඩ කරන තැනට කෑම බෙදාහැරලා එද්දී එයාට හමුවෙනවා එයාට කෙනෙක් යවපු නිරුවත් ජායාරුපයක්. මේ ජායාරුපය නිසාම එයාගේ ගමන වෙනස් වෙනවා. කතා නායකයා මේ අපරාධය කරන අපරාධකාරයා පසුපස හඹා යන හැටි තමයි මේකේ ඉතුරු කතාව වෙන්නේ.

ශ්‍රීනිවාසන් කියන නම මලයාලම් සිනමාවේ නොඇසෙන නමක් නෙවෙයි. සමහරක් වෙලාවලට එතුමන් රංගනයෙන් දායක වෙනවා. මේ ශ්‍රීනිවාසන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ධ්‍යාන්. අනිත් කෙනා විනිත්. මේ දෙන්නම තාත්තගේ අඩි පාරේ ගිහින් සිනමාවේ ඕල් රවුන්ඩර් ලා බවට පත් වුනු අය වෙනවා.

විශේෂයෙන් මල්ලි වෙන ධ්‍යාන් ශ්‍රීනිවාසන් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ තමන්ගේ අයියා විනිත් විසින් අධ්‍යක්ෂණය කරපු ‘තිරා (Thira)’ කියන චිත්‍රපටයෙන්. 2025 වසරේ මෙයාගේ චිත්‍රපටි කිහිපයක්ම නිකුත් වෙලා තියෙනවා වගේම මෙයින් සමහරක් ඒවට අපේ අඩවියෙන් උපසිරැසි ලබා දීලා තියෙනවා. විශේෂයෙන් විකන්ඩ් සිනමා යුනිවර්සයේ දෙවෙනි චිත්‍රපටය වෙන Detective Ujjwalan චිත්‍රපටය මේකට හොද උදාහරණයක්. බැලුවේ නැත්නම් බලන්න. අද ගෙන එන උපසිරැසියත් මෙයාගේම එකක්. එයා රගපාපු තවත් චිත්‍රපටි කිහිපයක් කිව්වොත් Partners, Secret, Anand Sreebala, Oshana, Thug CR 143/24 යන ඒවාවල උපසිරැසි අපේ අඩවියේ තියෙනවා.

ධ්‍යාන් ගේ මීලගට තිරගත වෙන චිත්‍රපටි අතරේ ජනප්‍රිය නායකන් ‘දිලිප්’ ගේ Bha. Bha. Ba කියන චිත්‍රපටයෙත්, Joy Full Enjoy කියන චිත්‍රපටි වලට තම ස්වකිය රංගන දායකත්වය ලබාදෙනවා.

ආධුනික අධ්‍යක්ෂක වරයෙක් වෙන අරුන් සිවාවිලාසම් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ නම ‘ID: The Fake’. මේ අවුරුද්දෙම ජනවාරි 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනයත් දෙබසුත් ලියන්නේ මේ අධ්‍යක්ෂකමයි. සංගීත අධ්‍යක්ෂණය අජිෂ් දාසන් ගෙන්. නිෂ්පාදනය මොහොමඩ් කුට්ට්ගෙන්. රංගනයෙන් ධ්‍යාන් ට අමතරව දිව්‍යා පිල්ලෙයි, කලාභවන් ශාජෝන්, ජොනි ඇන්ටනි, ජයක්‍රිෂ්නන්, ශාලු රහීම්, ලිජෝ ජෝස් පෙලිස්සරි, ඉන්ද්රන්ස් වැනි දන්නා හදුනන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ ඩ්රාමා ත්‍රිලර් ගණයට.

මේ චිත්‍රපටය පොදුවේ කතා කරන්නේ කාන්තාවන්ගේ ජයාරූප අනිසි ලෙස වෙනස් කර නිරුවත් කරන ජාවාරමක් පිලිබදව. මේ දේ ඉතා සුලබව පවතින දෙයක්. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම මෙවැනි දේ කරන බව නොරහසක්. නමුත් විශේෂයෙන් ලංකාවෙත් මේ දේ කළා කියලා සාක්ෂි තියෙනවා. (ඇගිලි සලකුණ වැඩසටහන – රත්නපුර මැණික් නිරුවත් කරන ජාවාරම [Torana Video Movies කියන යූ ටියුබ් චැනලයේ තියෙනවා. අරන් බලන්න.]) නමුත් තාක්ෂනය දියුණු වීමත් එක්ක මේ දේ කරන එක දැන් අමාරු දෙයක් නෙවෙයි. AI පැමිණීමත් එක්ක මේක ගොඩක් ලෙහෙසි දෙයක් බවට පත් වෙලා ඉවරයි. එකම එක prompt එකකින් ඕනෙම වැඩක් කල හැකි තත්ත්වයට පත් වී තියෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 4.3/10ක් මෙයට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ තිරගත කාලය පැය 1යි විනාඩි 54ක් ද වෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Saina Play අඩවිය හරහා සැප්තැම්බර් 19 වෙනිදා මුදා හැරෙන්නේ තිරගත වෙලා මාස 9 කට පසුව වෙන එක විශේෂත්වයක්. (මේකට කලින් Hunt කියන චිත්‍රපටය අවුරුද්දකට ආසන්නව තමයි ඩිජිටල් පිටපත් නිකුත් කලේ.)

අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.

ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි.. දෙවි දේවතාවුන්ගේ පිහිටයි.. කියලා මං සමුගන්නවා..

ID: The Fake (2025) Sinhala Subtitles
Original title ഐ ഡി : ദി ഫേക്ക്
TMDb Rating 5 2 votes

Similar titles

Anemone (2025) Sinhala Subtitles
Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Shiddat (2021) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published