Video Sources 1623 Views

  • Watch trailer
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles

Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles

Discover the past. Protect the future.Nov. 11, 2021Canada124 Min.PG-13
         
Your rating: 0
6 1 vote

Synopsis

(Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles) (Ghostbusters Afterlife 2021 Sinhala Subtitle)

කොහොමද යාළුවනේ ඔන්න පොරොන්දු වුණ විදියටම අද ඔරිජිනල් WEBDL රිලීස් වුණ ගමන් ⁣ඒ වීඩියෝ පිටපත් වලට ගැලපෙන්න උපසිරැසිය යාවත්කාලීන කරලා අරගෙන ආවා..

සබ් එක කල්තියාම කැම්කොපි එකට කරන්න තිබ්බත් මේ HDRip පිටපතට උපසිරැසිය නොදී ඉන්න හිතපු නිසා තමයි දවසක් විතර පරක්කු වුණේ..ඒත් ඉතින් මම කලින් කිව්වා වගේ හදිස්සිකාරයන්ට බලන්න තමයි මේ කොපියට සබ් දෙන්නේ..  මේ වීඩියෝ කොපියට මේකෙ කාල රාමු සකස් කරපු මදුවා සහෝදරයට ස්තූතිවන්ත වෙනවා.. මෙහෙම කලින් කරන හුගාක් ඒවා එහෙම හදන්නේ මදුවාම තමා..දක්ෂ කොල්ලෙක්..😁

කොහොමහරි මේ මං අරගෙන එන්නෙ Ghostbusters ෆිල්ම් සීරිස් එකේ අලුත්ම එක. මීට කලින් 1984 සහ 1989 ආපු ඔරිජිනල් ෆිල්ම් වලට තමා මේක සම්බන්ධ වෙන්නෙ. හැබැයි ඒවා බැලුවේ නැ කියලා ප්‍රශ්නයක් නැ මේක බලන්න පුළුවන්.. 2016දීත් එකක් ආවත් ඒක වෙනමම එකක්.. ගෑණු ළමයි කණ්ඩායමක් ඒකේ ඉන්නේ.. ඒක මේ සීරිස් එකට සම්බන්ධයක් නැ..

එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ මුල් චිත්‍රපට 2 අධ්‍යක්ෂණය කරපු Ivan Reitmanගේ පුතා Jason Reitmen. හැබැයි පිටපත Ivan Reitmanගෙම තමයි.. සාර්ථක විදිහට තිරගත කරලා හොඳ ආදායමක් ගන්නත් සමත්වෙලා තියෙනවා..

මුල් චිත්‍රපට වල ඉන්න Ghostbusters ටීම් එකේ සාමාජිකයෝ හතරදෙනා අවුරුදු 30කට පස්සේ තමා මේ ආයෙත් එකතුවෙන්නේ.. දැන් කට්ටිය හුගාක් වයසයි.. අන්තිම හරියට තමා ඒ කට්ටිය එකතුවෙන්නේ..

කතාව ටිකක් කෙටියෙන් කීවොත්, Ghostbusters ටීම් එකේ කට්ටිය විසිරිලා තම තමන්ගේ වැඩ කරද්දී ඊගොන් ස්පෙන්ග්ලර් තාමත් මේ හොල්මන් වැඩ වල ඉන්නවා.. කොහොමහරි මේ වගේ යක්ෂයෙක් අතින් ඊගොන් මරණයට පත්වෙනවා. ඊට පස්සේ ඊගොන්ගේ මිණිබිරිය වෙන ෆීබි අම්මයි අයියායි එක්ක සීයාගේ පරණ ගෙදරට එනවා නවතින්න.. මෙහෙම කතාව ගලාගෙන යද්දී මේ හොල්මන් වැඩ ගැන තොරතුරු හොයලා තමන්ගේ සීයා Ghostbusters කෙනෙක් කියලා ෆීබි හොයාගන්නවා..ෆීබි කියන්නෙත් විද්‍යාවට ටිකක් බර කෙනෙක්.. 1984 චිත්‍රපටයේ ඉන්න සුමේරියානු දෙවියාව අපිට මේකෙදිත් බලාගන්න පුළුවන්..

හොඳයි ඔය මං කීව ටික හොඳටම ඇති.. ටිකක් සාරාංශයක් මං කීවේ..
ඔයාලම පහළින් සබ් එකයි ෆිල්ම් එකයි අරන් බලන්නකෝ.. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලනවා ආදරයෙන්..

(Ghostbusters 2021 Sinhala Sub) (Ghostbusters 2021 Sinhala Subtitle) (Ghostbusters 3 Sinhala Subtitle)  (Ghostbusters Sinhala Subtitle)

Original title Ghostbusters: Afterlife
IMDb Rating 7.1 189,638 votes
TMDb Rating 7.515 3,556 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published