
(Red Notice (2021) Sinhala Subtitle) (Red Notice 2021 Sinhala Subtitle)
ආයුබෝවන් හැමෝටම !
අද දවල් Netflix හරහා නිකුත් වුනු අලුත්ම ඉංග්රීසි චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වුනේ.
Red Notice බලන්න ගොඩක් දෙනා ආසාවෙන් බලා හිටියනේ.මොකද මේකෙ ඉන්නෙ ලෝකෙ ජනප්රියම නලු , නිලි තිදෙනෙක්.ඒ තමයි Dwayne Johnson , Ryan Reynolds , Gal Gadot තුන් දෙනා.ඉතින් මේ තුන් දෙනා ඉන්න Action | Comedy කාණ්ඩයේ චිත්රපටයක් තමයි මේක.
ඒ වගේම මේක අද Netflix රිලීස් වෙන්න කලින් මෙ මාසෙ 5 වෙනිදා ඉතාම සීමිත සිනමාශාල නිකුත් කිරීමක් කරල තියෙනවා.ඒවගේම මේක ඇමරිකන් ඩොලර් මිලියන 200 ක වියදමක් දරල තමයි හදල තියෙන්නෙ.Netflix ල වැඩිම වියදමක් දරල හදපු ෆිල්ම් එක විදියට තමයි වාර්තා වෙන්නේ.
තව මේක Dwayne Johnson ගෙ 2018 ආව Central Intelligent , 2019 ආව Skyscraper කියන ෆිල්ම් දෙකට පස්සෙ අධ්යක්ෂක Rawson Marshall Thurber එක්ක දෙන්න එකට වැඩ කරන්න සෙට් වුනු තුන්වෙනි අවස්තාව.
IMDB දර්ශකය තුල 7 ක අගයක් වගේම ගූගල් පරිශීලකයන්ගෙ ප්රතිචාර 92%ක් මේකට හිමි වෙලා තියෙනවා.හොද Entertaining ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්.
කතාව ගැන කියනවනම් මේක කතාව යන්නෙ FBI නිලධාරියෙක් හොරෙක් එක්ක සෙට් වෙලා තවත් හොරෙක් අල්ලන්න යන එක ගැන.නමුත් අනපේක්ෂිත සිදුවීම් රැසක් මේ අතරෙ වෙනව.
ඉතින් ඒ මොනවද කියල කතාවේ මුල ඉදන් අපූරුවට බලන්න සබ් එකත් අරගෙන ෆිල්ම් එක බලන්න වෙනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු.
(Red Notice Sinhala Sub)
subtitles one
dunna saho