Doctor (2021) Sinhala Subtitles

Doctor (2021) Sinhala Subtitles

A journey into the world of kidnapping.Oct. 09, 2021India150 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

2021 වසරේ ඔක්තොම්බර් මස 9 වෙනිදා ලොව පුරා සිනමාශාලා රැසක තිරගතවීම් ආරම්භ කරන මෙම දමිල චිත්‍රපටය මේ වන විට 8.5/10 · IMDb ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා..

ඉතිං දමිල සිනමාවේ කවුරුත් දන්න සුපිරි තරු දෙකක් වන Sivakarthikeyan සමඟින් Priyanka Arul Mohan ප්‍රධාන චරිත රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අයත් වන්නේ Mystery/Thriller/Comedy යන ශාරනයන් වලටයි.

ඊට අමතරව Yogi Babu ,Archana Chandhoke , Ilavarasu , Karate Karthi ,Raghu Ram , Deepa Shankar ,Milind Soman ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා , යෝගි බාබුයි , අර්චනායි ඉන්නවා කියන්නේ ඉතිං ආතල් ගැන හිතාගන්න පුලුවන්නේ…මේකේ විලන්ගේ චරිතය රඟ දක්වන්නේ Vinay Rai විසිනි..

Nelson Dilipkumar මහතා විසින් අධ්‍යක්ෂනය කර තිර පිටපත් සෑදූ මෙහි නිෂ්පාදනය Sivakarthikeyan Productions යන නිෂ්පාදන බැනරය යටතේ සිවකාර්තිකෙයියන් විසින් සිදු කරලා තියෙනවා.. විනාඩි 150 ක් පුරාවාට ගලාගෙන යන මෙම දමිල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය කරන්නේ අප කවුරුත් දන්න Anirudh Ravichander විසිනි…

ඉන්දීය රුපියල් කෝටි 25 ක් යොදාගෙන නිම කරන මෙම චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 100 කට වැඩි
මුදලක් උපයාගන්න සමත්වී ඇති බජට් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම කියන්න ඕනා චිත්‍රපටයෙ ලස්සනම ලස්සන ගීත 4කුත් තියෙනවා ..

(Doctor 2021 Sinhala Subtitles) (Doctor 2021 Sinhala Sub)

වරුන් (සිවකාර්තිකෙයියන්) කියන්නේ හමුදාවේ ඉන්න වෛද්‍යවරයෙක් ඉතිං මේ වරුන් කියන්නේ ටිකක් නිමිච්ච තැන්පත්
චරිතයක්, ඔහොම ඉන්න වරුන්ට තමා පද්මිණීව (ප්‍රියන්කා ) හම්බවෙන්නේ මේක ආදර සම්භන්ධයක් නෙමේ කතා කරලා කරන්න ගිය විවාහයක් ” ගිය” කියලා මං කිව්වෙ ඇයි බලනවද , ඔව් ඒකට හේතුවක් තියෙනවා හැබැයි ආතල් හේතු ටිකක් ඒව මම කියනවට වඩා ඔයාල බලන එකම තමා හොඳ , ඉතින් ඔන්න ඔය අතරෙ තමා ආරංචි වෙන්නේ පද්මිණීගේ නෑනගෙ දුව චින්නු ස්කෝලෙ ඇරිල එනකොට අතුරුදහන් වෙලා කියලා, කොහොම නමුත් නොහිතපු විදිහට මේ චින්නුව හොය වැඩේට එක පාරටම වරුන් සම්භන්ද වෙනවා .මෙයාල පොලිසියේ නඩුවක් දැන්මත් කිසි කෙනෙක් සත පහකට ගණන් ගන්නේ නෑ.. ඔන්න ඔහොම බලාපොරොත්තු නැති කරන් අඬ අඬා ඉන්නකොට තමා වරුන් කියන්නේ ” අපේ දුවව අපිම හොයාගමු” කියලා . ඉතිං ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. මේ නැති වුන ගෑණු ලමයා අතුරුදහන් උන පලවෙනි කෙනා නෙමේ තව ගොඩක් අය මේ විදිහට අතුරුදහන් වෙනවා, ඉතිං ඔන්න ඔහොම තමා විශාල මිෂන් එකකට මේ ගොල්ලො අඩිය තියන්නේ.ඔය අතරේ බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ආතල් නම් අනන්තයි..

එහෙනම් අදට මම සමුගන්නවා ආයෙත් දවසක හමුවෙමු.

හැමෝටම බුදු සරනයි.

Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Original title டாக்டர்
IMDb Rating 7.4 17,204 votes
TMDb Rating 6.3 23 votes

Director

Cast

Yogi Babu isPrathap
Prathap
Ilavarasu isPadmini's father
Padmini's father
Milind Soman isCol. James Anderson
Col. James Anderson

Similar titles

Monster (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Annabelle Sethupathi (2021) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published