Video Sources 1156 Views

  • Watch trailer
Deep (2021) Sinhala Subtitles

Deep (2021) Sinhala Subtitles

Jul. 16, 2021Thailand101 Min.TV-MA
Your rating: 0
6 1 vote

Synopsis

(Deep (2021) Sinhala Subtitle) (Deep (2021) Sinhala Sub)


අද අරන් ආවේ Thai චිත්‍රපටයක්. මේ වෙද්දී සමහරු නම් මේක නරඹලත් ඇති. මේ අවුරුද්දේ නිකුත් වුණු ආසියානු චිත්‍රපට අතර කතා බහට ලක්‌ වුණු තායිලන්තයේ චිත්‍රපටයක් වුණු “Deep”,  4.9/10ක IMDb අගයක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. මේක Scientific / Psychology /Thriller ශානරයට අයත් නිර්මාණයක්‌ කියලා කියන්න පුළුවන්.රේටින් ගැන වද වෙනවනම් හොඳ චිත්‍රපට සෑහෙන්න මගහැරෙන්න පුළුවන්.  ඒ වගේ මේකත් අත හැර ගන්න නම් එපා හරිද? ක්ලෙමන්ටයින් උපසිරැසි ගෙනාව ඔක්කොම වගේ සුපිරි නිර්මාණ තමා.. 🤭

Cast

• Panisara Rikulsurakan.
• Kay Lertsittichai.
• Krit Jeerapattana.
• Supanaree Sutavijitvong.
• Dujdao Vadhanapako.

කතාව පැත්තට හැරුනොත්; ජේන්, වින්, සින් සහ පීච් කියන්නේ නිදිමරන්නම උපන් වෛද්‍ය ශිෂ්‍යයෝ 4 දෙනෙක්. හැබැයි එක එක්කෙනාගේ හේතු විවිධාකාරයි. දීර්ඝ කාලීනව රෑට නින්ද නොයන තත්වයකට “Imsomnia” කියලා කියනවා. ඔයාලටත් තියෙනවා ඇති. Insomnia වලට හේතු වෙන කායික, මානසික හේතු ගොඩාක් තියෙනවා.මානසික පීඩනය, විෂාදය, සංකාව නැත්නම් කායික රෝග වල අතුරුඵල ඒ වගේ උදාහරණ කිහිපයක්.

ඉතිං මේ ශිෂ්‍යයෝ 4 දෙනා අතරින් ජේන් කියන්නේ ආර්ථික ප්‍රශ්න වලින් මිරිකෙන කෙල්ලෙක්. අර්ධ කාලින රැකියා හොය හොය ඉන්න අතරේ වෛද්‍ය පාසලේ ප්‍රොෆෙසර් කෙනෙක්ම කියපු රිසර්ච් එකකට අදාල රැකියා අවස්ථාවකට ජේන් යොමු වෙනවා. ඒක “deep” කියලා ජර්මන් ඖෂධ පරික්ෂාවක් වෙනුවෙන් කරන් යන රිසර්ච් එකක්. ඒකට සම්බන්ද වෙන අයට තියෙන්නේ සරලවම කිව්වොත් නිදි මරන්න. අදියර 3ක්‌ තියෙනවා, හොදට ගෙවනවත් එක්ක. හැබැයි හොඳ වගේම භයානක පැත්තකුත් තියෙනවා. සම්බන්ද වෙන හැමෝගෙම බෙල්ලට පොඩි මයික්‍රෝ චිප් එකක් ඇතුල් කරනවා. හැබැයි තප්පර 60කට වඩා නින්ද ගියොත් කපෝතියී.ජේන් විතරක් නෙමෙයි මේකට සම්බන්ද වෙලා මං උඩදී කියපු යාලුවෝ 3 දෙනත් ඉන්නවා..

මේ පර්යේෂණය මොන වගේ එකක්ද? පර්යේෂණයේ ප්‍රතිපලය මොකක්ද? නිදි මරන එක ලේසි වැඩක්ද? දවස් ගණන් නිදා නොගත්තම මොනවද වෙන්නේ?  “Deep” කියන්නේ ඇත්තටම මොන වගේ අරමුණක් තියෙන පර්යේෂණයක්ද? තප්පර 60ට වැඩියෙන් නින්ද ගියොත් මොකක් වෙයිද?

මේවා දැනගන්න නම් චිත්‍රපටිය දැන්ම නරඹන්න.

-විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)-

Deep (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Original title โปรเจกต์ลับ หลับ เป็น ตาย
IMDb Rating 4.9 1,622 votes
TMDb Rating 6.278 81 votes

Similar titles

Don’t Breathe (2016) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Kromoleo (2024) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published