Mirugaa (2021) Sinhala Subtitles

Mirugaa (2021) Sinhala Subtitles

Mar. 05, 2021India130 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Mirugaa (2021) Sinhala Sub) සුභ දවසක් වේවා යාලුවනේ ඔන්න ඉතිං අදත් මම ආවා පෙරේදා රිලීස් වෙච්චි තවත් ටැමිල් ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන. 2021 මාර්තු මස 5 වෙනිදා තිරගතවූ මේ චිත්රපටයේ නම Mirugaa (2021) .. මේ වෙනකොට IMDB මීටරයේ 7/10 ක ඉහල අගයක් ලබා ගෙන තියෙනවා ..පැය 2 යි විනාඩි 8 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ටම දමිළ චිත්රපටයක්.මෙහි Srikanth / Raai Laxmi /Dev Gill ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයනවා.

කතාව ගැන බැලුවොත් මෙහෙමයි..

 Mirugaa මෘගයෙක් කාලෙකින් දෙමළ චිත්රපටයක් බැලුවේ වගේම. ලියන්නත් හිතුනේ. දෙමළ සිනමාවේ ලේසියෙන් දකින්න බැරි විදිහේ ෆිල්ම් එකක් කිව්වත් වැරදිත් නෑ . මේකට තාම ඉංග්රීසි සබ්ටයිටල් එකක්වත් නෑ . තියෙන්නේ විඩියො එකටම අමුණපු. Hc sub එකක් විතරයි . ඒත් වෙනසක් පෙනුන නිසාම බැලුවා. පැය දෙකයි විනාඩි හතක්. එකම පිස්සුවක්. එක පැත්තකින් කොටියෙක්. අනිත් පැත්තෙන්. මුදල් තන්හාව වෙනුවෙන් තිරිසන් විදිහට මිනීමරණ මිනීමරුවෙක්. මේ දෙකටම මැදිවුන. කෝටිපති ව්යාපාරික. එක්දරු මවක් සහ ඇගේ නැගණිය. මොන විදිහට ජීවිතේ බේරාගනීද. මේකනම් කොයි කවුරුත් බලන්න වටිනම එකක්. ජෝන් කියන්නේ ඝාතකයෙක්. ආරම්භයේදිම. යම් හේතුවකට ඔහු කාන්තාවක් සහ ඇගේ දරුවන් මරා. නිවසට බෝම්බයක් අටවා. නිවසින් පැන යනවා . මේ කාන්තාව ඔහුගේ කවුද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒ පැන යන අතර මගදි.

ඔහුගේ වාහනය අනතුරකට ලක්වෙනවා. එතනින් එහාට කිව්වොත්. ජෝන් අරවින්ද් ලෙස නම වෙනස් කරගෙන. ඌටි වල ජීවත් වෙන. කෝටි පති ව්යාපාරික. ලක්ෂ්මි සොයා ඇවිත්. කෙසේ හෝ ඇගේ හිත දිනාගෙන ඇයව විවාහ කරගන්නවා. ඒ ඔහුගේ හිතේ.ලොකු අරමුණක් ඇතිව. ඒ අරමුණ ඔහුගේම අරමුණක් නෙවි. ඔහු මෙහි එන්නේ යම් අයෙක් ඔහුව බ්ලෑක්මෙල් කිරිම නිසා. එම බ්ලැක්මේල් කිරීම නිසා ඔහුට සිදුවෙනවා. ඒ කෙනා කියන විදිහට වැඩ කරන්න . ඒ අනුවයි. ඔහු ලක්ෂ්මි සොයා එන්නේ. ජොන්ව බ්ලැක්මේල් කරන්නේ කවුද . අර කලින් කිව්ව කොටියා මොනවද මෙයාලට කරන්නෙ . තිරිසන් විදිහට මිනී මරන. ජොන්ට මොනවා වෙයිද. මේ සේරම දැනගන්න ඕනනම් අනිවාර්යයෙන් මේ චිත්රපටය බලන්න.

ජෝන් එහෙම නැත්නම් අරවින්ද් ලෙස. අපූරු දුශ්ඨ නමුත් මෙහි ප්රධාන චරිතය . රගපාන්නේ ශ්රී කාන්ත්. ඔහු කවදත් සුපිරිම වර්ගයේ ත්රිලර් චිත්රපට වල ඉන්න නලුවෙක් . කාලෙකට කලින්. අපේ ලංකාවේ නිලි. කාංචනා මෙන්ඩිසුත්. මෙයා ඉන්න ෆිල්ම් එකක චරිතයක් රඟපෑවා. වර්නජාලම් කියලා. ඒකනම් ආවේ 2004දි. ලක්ශ්මි විදිහට. ලක්ෂ්මි රායි රගපානවා. අපුරූ රංගනයක් එක්ක මේ චිත්රපටය අමුතුම ගතියකින් නිර්මාණය වෙලා තියෙනවා කියලා නම් කියන්නම ඕන. හිතනවටත් වඩා. හොඳ වින්දනයක්. ත්රාසයක් මේක බලලානම් ගන්නම පුළුවන් . එහෙනම් මේ සුපිරිම ෆිල්ම් එක බලන්න. ” මේකටත් ඊසබ් එකක් ඇවිල්ලා තිබුනේ නැති නිසා “අසා ලිවීමක්” තමා කරන්න උනේ…….” එහෙනම් තවත් උපසිරැසිකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ……. බුදු සරණයි 

මම අශේන් මදුරංග (චූටියා)
සටහන මදුශංක ලියනගේ.

Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Original title மிருகா
IMDb Rating 4.8 171 votes

Similar titles

Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Desingu Raja 2 (2025) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
Bambi: The Reckoning (2025) Sinhala Subtitles
Sinners (2025) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Gandhi Kannadi (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published