Video Sources 2499 Views

  • Watch trailer
Captain America: Brave New World (2025) Sinhala Subtitles

Captain America: Brave New World (2025) Sinhala Subtitles

The future favors the brave.Feb. 12, 2025USA119 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

(Captain America: Brave New World (2025) Sinhala Subtitles) (Captain America: Brave New World (2025) Sinhala Subtitle) (Captain America Brave New World (2025) Sinhala Subtitle) (Captain America: Brave New World Sinhala Subtitle) (Captain America Brave New World Sinhala Subtitle) (Captain America Sinhala Subtitle) (Captain America Brave New World Sinhala Sub)

සුබ දවසක් හැමෝටම..

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන මේ පැත්තට එන්න අවස්ථාවක් ලැබුණා.. අධික කාර්යබහුලත්ව නිසා අවුරුද්දකට විතර ආසන්න කාලෙකට පස්සේ තමයි උපසිරැසියක් අරන් එන්න වෙලාවක් ලැබුණේ.. ඉතින් වැඩි කතා නැතුව බලමු අද මම උපසිරැසි අරන් ආව ෆිල්ම් එක මොකද්ද.. ඉතින් පෞද්ගලිකව මම වගේම ගොඩ දෙනෙක් ආස කරන Marvel චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Captain America: Brave New World (2025) චිත්‍රපටයට තමයි මම අද සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Julius Onah විසින්..ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 180ක වියදමින් තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ..මේ වෙද්දි IMDb දර්ශකයේ 6/10 අගයක් සමඟින් මිශ්‍ර ප්‍රතිචාරත් එක්ක තමයි මේ චිත්‍රපටය තවමත් ලොව පුරා සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙන්නේ.. කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Anthony Mackie ප්‍රධාන චරිතයත් Harrison Ford, Shira Haas, Danny Ramirez, Tim Blake Nelson, Carl Lumbly වගේ තවත් නලු නිළියෝ රැසක් මේ සිනමාපටයත් එක්ක එකතු වෙලා තියනවා..ඉතින් මේ විස්තර ටික තමයි චිත්‍රපටයේ මූලික තොරතුරු විදියට දක්වන්න පුලුවන්..එහෙනම් අපි දැන් මාර්වල් සිනමා විශ්වය තුළට පොඩ්ඩක් ගිහින් මේ සිනමාපටයෙදි ඔයාලට ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන්න පුලුවන් දේවල් ටිකක් ගැන තොරතුරු ටිකක් කතා කරමු..

ඉතින් කැප්ටන් ඇමරිකා කියද්දි අපි හැමෝටම මතක් වෙන චරිතය තමයි ස්ටීව් රොජර්ස්ව.. මොකද ඇවෙන්ජර්ස් තුළදි අපි කැප්ටන් ඇමරිකා විදියට දැක්කේ ස්ටීව් රොජර්ස්ව (Chris Evans) .. ඒ වගේම සෑම් විල්සන්ව (Anthony Mackie) දැක්කේ ෆැල්කන් විදියට.. ඉතින් ඔයාලට ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකේ අවසානය මතකනම් ස්ටීව් තමන්ගේ අතීතය වෙනස් කරගන්නවා මතක ඇතිනේ.. ඒ වගේම අවසානයට තමන්ගේ පළිහ සෑම් විල්සන්ට දෙනවා.. ඉතින් තමන්ගේ යාලුවා බකී වගේ හොඳ සෝලජර් කෙනෙක් ඉද්දිත් ස්ටීව් තමන්ගේ පළිහ සෑම්ට දෙන්නේ ස්ටීව්ට හොඳ මනුස්සයෙක් ඊළඟ කැප්ටන් ඇමරිකා බවට පත් කරන්න ඕන නිසා.. ඒ වගේම මේ Captain America: Brave New World චිත්‍රපටයට කලින් ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකට පස්සේ ආව The Falcon and the Winter Soldier (2021) ටීවි සීරිස් එකේදි තමයි අපිට මුලින්ම සෑම් විල්සන් කැප්ටන් ඇමරිකා විදියට එනවා දැක ගන්න ලැබෙන්නේ.. ඉතින් ඔය කරුණු ටික තමයි සෑම් විල්සන්ගේ කැප්ටන් ඇමරිකා චරිතය පිළිබඳ පෙන්වලා දෙන්න තියෙන්නේ..

Hot take: I think this is Captain America's best suit in the MCU. : r/Marvel

ස්ටීව් රොජර්ස්ගේ (Chris Evans) කැප්ටන් ඇමරිකා චරිතය

Captain America: Brave New World tickets are out, are you going to watch it?

සෑම් විල්සන්ගේ (Anthony Mackie) කැප්ටන් ඇමරිකා චරිතය

දැන් අපි බලමු මේ සිනමාපටය තුළ දකින්න ලැබෙන තවත් ප්‍රධානම චරිතයක් වෙන ජනාධිපති රෝස්..එහෙමත් නැත්තන් තැඩියස් රෝස්.. මාර්වල් පිස්සන්නට සමීප වෙන විදියට කියනවනම් ජෙනරල් රෝස් නැත්තන් තන්ඩර්බෝල්ට් රෝස් ගැන.. ඉතින් අපිට මාර්වල් චිත්‍රපටි කිහිපයකදිම මේ ජෙනරල් රෝස්ව මුණ ගැහිලා තියනවා.. හැබැයි ඒ හැම චිත්‍රපටයකම රෝස්ගේ චරිතයට පණ පෙව්වේ විලියම් හර්ඩ්.. නමුත් 2022 වසරේදි විලියම් හර්ඩ් අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමුගන්නවා.. ඒ නිසා මේ චිත්‍රපටයෙදි රෝස්ගේ චරිතයට පණ පොවන්නේ Harrison Ford.. ඉතින් මේ රෝස් කියන්නේ කැප්ටන් ඇමරිකා වගේ Suprer Soldier කෙනෙක්ව නිර්මාණය කරන ව්‍යාපෘතියක ප්‍රධානියා විදියට හිටපු ජෙනරල් කෙනෙක්..ඔයාලා 2008 නිකුත් වුණ Hulk මූවි එක බැලුවනම් ඒකෙදි මේ ජෙනරල් රෝස් Hulk ව නවත්තන්න උත්සාහ කරනවා මතක ඇති.. ඉතින් ඒකෙදි හල්ක්ව නවත්තන්න බෘස් බැනර්ගේ ලේ එකතු කරපු සීරම් එකක් ඉන්ජෙක්ට් කරලා එමිල් කියන පුද්ගලයව යොදාගෙන ඇබෝමිනේෂන් විදියට වෙනස් කරනවා.. ඉතින් මේ ඇබෝමිනේෂන් කියන්නේ රෝස් හල්ක්ව නවත්තන්න හදපු වෙපන් එකක් කිව්වොත් හරි.. ඒ පරීක්ෂණය සිද්ධ කරේ සැමුවෙල් ස්ටර්න්ස් කියන ⁣ආචාර්යවරයා තමයි.. ඔයාලට මතකනම් හල්ක් මූවි එකෙදි පෙන්නනවා මේ පරීක්ෂණයේ අතුරුඵලයක් විදියට සැමුවෙල් ස්ටර්න්ස්වත් විකෘති වෙනවා..ඉතින් සැමුවෙල් ස්ටර්න්ස්වත් අපිට මේ Captain America: Brave New World චිත්‍රපටයෙදි ප්‍රධාන සතුරා විදියට දැකගන්න පුලුවන්..

marvel - Where is General Ross now in the MCU? - Science Fiction & Fantasy Stack Exchange

විලියම් හර්ඩ් ජෙනරල් රෝස් ලෙස

Captain America: Brave New World Director Julius Onah Explains Red Hulk's Fate In The MCU

Harrison Ford ජනාධිපති රෝස් ලෙස

What's Samuel Sterns aka The Leader up to? : r/MCUTheories

සැමුවෙල් ස්ටර්න්ස්

Could The Abomination be an Avengers Villain?

ඇබෝමිනේෂන්

මේ Captain America: Brave New World චිත්‍රපටයෙදි අපි හැමෝම දකින විශේෂම කෙනා තමයි Red Hulk.. ඉතින් මේ Red Hulk කියන්නෙත් අපි උඩින් කතා කරපු ජෙනරල් රෝස්මයි.. ඉතින් මේ ජෙනරල් රෝස් කොහොමද Red Hulk වුණේ කියලා සමහරක්ට ප්‍රශ්නයක් ඇතිනේ.. ඒ නිසා මම කෙටියෙන් මාර්වල් කොමික් ආශ්‍රයෙන් ඒක පැහැදිලි කරන්නම්.. මාර්වල් කොමික් වලට අනුව හල්ක් සුපර් හීරෝස්ලගෙන් පළිගන්න වර්ල්ඩ් බ්‍රේකර් විදියට පෘතුවියට ආවම මෝඩොක් වගේම අපි කලින් කතා කරපු සැමුවෙල් ස්ටර්න්ස් එහෙමත් නැත්තන් කොමික් වලට අදාළව ලීඩර් එකතු වෙලා සැටලයිට් පාවිච්චි කරලා හල්ක්ගේ ශක්තිය උරාගෙන රෝස්ට ඒ ශක්තිය ලබා දෙනවා.. එහෙම තමයි කොමික් වලදි රෙඩ් හල්ක්ව නිර්මාණය වෙන්නේ.. ඒත් මේ චිත්‍රපටයෙදි අපිට දැකගන්න පුලුවන් පලවෙනි වතාවට මේ ජෙනරල් රෝස්ගේ ඇත්ත ස්වරූපය ලෝකය දැකගන්නවා කියලා..

Red Hulk: The Marvel Hero's Origin & Powers, Explained

3 Things to know about Red Hulk in Captain America: Brave New World

රෙඩ් හල්ක්

ඊළඟ විශේෂ දේ තමයි මේ චිත්‍රපටය තුළ නිතරම කතා වෙන දෙයක් තමයි සෙලෙස්ටියල් කියන දූපත.. ඉතින් මේක ඇත්තටම දූපතක් නෙවෙයි.. මේ තමයි 2021 වසරේ නිකුත් වුණ Eternals මූවි එකේදි ඉන්දියන් සාගරේදි මියගිය සෙලෙස්ටියල් ටියමට්ගේ ශරීරය.. ඉතින් මේ ශරීරය උපයෝගි කරගෙන මේ කාලය වෙද්දි ලෝක බලවතුන් ඇඩමැන්ටියම් කියන ශක්තිමත් මූලද්‍රව්‍යක් ලබා ගන්නවා අපිට මේ චිත්‍රපටයෙදි දැකගන්න පුලුවන්..

Apa Peran Bangkai Tiamut di Captain America: Brave New World

ඉන්දියන් සාගරේදි මියගිය සෙලෙස්ටියල් ටියමට්

ඉතින් මම ඔය ඉහත සඳහන් කරපු දේවල් තමයි චිත්‍රපටය නරඹද්දි ඔයාලට ප්‍රශ්නාර්ථ මතුකරන්න පුලුවන් කියලා හිතන තැන්..

එහෙනම් ඉතින් හැමෝටම චිත්‍රපටය සිංහල උපසිරැසියත් සමඟ රසවිඳින්න ආරාධනා කරමින් අදට මම සමුගන්නවා..ඒ වගේම ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා..🙏

හැමෝටම ජය වේවා..!!

[iNTERNAL WEB පිටපත් සඳහා උපසිරැසි නිකුත් කර ඇත.]

Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Original title Captain America: Brave New World
IMDb Rating 6 68,855 votes
TMDb Rating 6.2 986 votes

Director

Julius Onah
Director

Cast

Anthony Mackie isSam Wilson / Captain America
Sam Wilson / Captain America
Harrison Ford isPresident Thaddeus Ross
President Thaddeus Ross
Danny Ramirez isJoaquin Torres
Joaquin Torres
Shira Haas isRuth Bat-Seraph
Ruth Bat-Seraph
Tim Blake Nelson isSamuel Sterns
Samuel Sterns
Carl Lumbly isIsaiah Bradley
Isaiah Bradley
Liv Tyler isBetty Ross
Betty Ross
Xosha Roquemore isLeila Taylor
Leila Taylor

Similar titles

Sardar Udham (2021) Sinhala Subtitles
Valiant One (2025) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
Despicable Me 4 (2024) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Rider

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published