Naandhi (2021) Sinhala Subtitles

Naandhi (2021) Sinhala Subtitles

Feb. 19, 2021India122 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Naandhi (2021) Sinhala Sub) ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම.තවත් අපූරු තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අදත් වෙබ් අඩවියට ගොඩ වෙන්නේ.මේ වසර ආරම්භයේ ඉදන් ගත් කල තෙලිඟු සිනමාවට නම් හොඳ ආරම්භයක් ලැබිල තියෙන බව පේනවා කොරෝනා උවදුර තවමත් මුලුමනින්ම පහව ගොස් නැති තත්වයක් තිබුනත්.

Naandhi [ ආරම්භය ]
මේ චිත්‍රපටය සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලේ පසුගිය පෙබරවාරි 19 ඉදන්.සාර්තක විදියට තිරගත වුන ෆිල්ම් එක අවසානයේ බ්ලොක්බස්ටර් සලරුවක් බවට පත් වුනා.ඒ ඉන්දියානු රුපියල් කෝටි 4 ක් පමණ අවම මුදලක් වැය කොට නිෂ්පාදනය කෙරුනත් ඉන්දියානු රුපියල් කෝටි 8 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගැනීමත් එක්ක.
ඉතින් මූලික හේතුවක් තමා ලෝ බජට් ෆිල්ම් එකක් උනත් ෆිල්ම් එකේ අන්තර්ගතය හොඳ මට්ටමක පැවතීම.ඒ වෙනුවෙන්මයි වටිනාකියන 8.7 ක ඉහළ IMDB අගයකුත් , ගූගල් පරිශීලකයන්ගේ ප්‍රතිචාර 97% කුත් මේකට ලැබෙන්නේ.
චිත්‍රපටය අයත් වෙන්නෙ Crime | Thriller කාණ්ඩයට.

චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ Allari Naresh , Varalalshmi සහ Priyadarshi යන නලු නිලියො.ඉතින් ඇත්තටම දක්ශයො තුන් දෙනෙක් කියන එක මෙයාල ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.නරේශ් දක්ෂ නලුවෙක් උනත් ගොඩ වෙලාවට තෝරගන්න ෆිල්ම්වල අව්ල නිසා තමයි අසාර්ථක වුනේ.ඒ හැමදෙයක්ම මේ ෆිල්ම් එකෙන්ම හරිගස්සල තියෙනව වගේම ඔහුගේ උපරිම සාධාරණ චිත්‍රපටය වෙනුවෙන් කරල තියෙනවා.

හරි එහෙනම් මං පොඩ්ඩක් කතාව මතක් කරන්නම්.බන්ඩි සූරිය ප්‍රකාශ් කියන්නෙ දැනට රිමාන්ඩ් භාරයේ ඉන්න සිරකරුවෙක්.මිනී මැරුම් චෝදනාවක් නිසා මෙහෙම ඉන්න මෙයා කලින් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් විදියට රස්සාව කරල හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහොම ඉන්නකොට තමයි සෝශල් මීඩියා පිස්සෙක් පොඩි කේස් එකකට දවස් හතකට මේ හිර ගෙදරට එන්නෙ.කතාවක් බහක් නැතුව ඉන්න සූරිය ප්‍රකාශ්ගේ කතාව එලියට එන්නෙ ඒකත් එක්ක..මේ මුණගැහීමෙන් පස්සෙ කතාවෙ ලොකු පෙරළියක් වෙනව..

චිත්‍රපටය ගැන වැඩිදුර දැනගන්න මධුසංක සහෝදරයා විසින් ලියපු ලිපිය තමයි මේ.

මේ වසරේ ආව ආදයම් අතින් සාර්ථකම තෙලුගු චිත්‍රපටය කුමක්ද. ? ඒ ගැන වාද කිරීම මදකට නතර කරමු. මේ කියන්න හදන එක මේ වසරේ ආදායම් අතින් සාර්ථකම තෙලුගු චිත්‍රපටය නෙවෙයි.

නමුත් මේ වසරේ ආව තෙලුගු චිත්‍රපට වලින් හොඳම චිත්‍රපටය බවට කප් එක ගහන්නට මේ චිත්‍රපටය සමත් වේවි. මේ වසරේ දැනට ආව තෙලුගු චිත්‍රපටය  වලින්. ප්‍රේක්ෂකයාගෙ ඉහලම ප්‍රතිචාර වගේම.හොඳම විචාරක ප්‍රතිචාරත් ලබාගත්ත චිත්‍රපටය මේ.

8.6ක IMDB
98%ක ගූගල්
92%ක BOOKMYSHOW
3.7/5 ක TIMES OF INDIA

වල ඉහලම හොඳම ප්‍රතිචාර ලබපු චිත්‍රපටය. හේතුව චිත්‍රපටයේ ප්‍රධාන නලුවා. එතරම් ප්‍රසිද්ධ නලුවෙක් නෙවි. කඩවසම් නලුවෙකුත් නෙවි. හරියටම කිව්වොත් අපි වගේ සාමාන්‍ය මිනිහෙක් වගේ නලුවෙක් .

අල්ලාරි නරේශ් .

කලක් තෙලුගු සිනමාවේ හොඳ ප්‍රතිචාර දිනපු නලුවෙක් . නමුත් තරු පවුලක නලුවෙක් නොවන නිසාමද මන්දා. ඔහු තෙලුගු සිනමාවේ සැඟවී ගියා. නමුත් 2019දි නැවත ඔහුව කරලියට ගෙන ආවේම තෙලුගු සිනමාවේ සුපිරි තරුව මහේශ්  බාබු විසින්. මහේශ්ගේ මහාර්ශි තුල. ප්‍රධාන චරිතයක් සඳහා. ඔහුව තෝරාගන්නට මහේශ් අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තෝරාගැනීමට අල්ලාරි නරේශ් හොදම සාධාරණයක් කරනවා. ඉන්පසු නැවතත් අල්ලාරි නරේශ් කියන චරිතය තෙලුගු සිනමාවේ බැබලෙනවා.

ඉතිං නන්දි. අල්ලාරි නරේශ්ගේ ජීවිතේ හොඳම චිත්‍රපටය කීවොත් නිවැරැදි .

අල්ලාරි නරේශ් කියන රංගන ශිල්පියා ලඟ ඇති සමහර රංගන ශෛලීන් තෙලුගු සිනමාවේ වෙන කිසිම නලුවෙක් ලඟ නැති තරම්. නානි කොතරම් දක්ශයෙක් ද. අල්ලාරි නරේශ් නානි ලඟින්ම තියන්න පුළුවන් දක්ශම නලුවෙක්. සාමාන්‍යයෙන් විකට චිත්‍රපට වල වැඩිපුර රඟපෑ ඔහු. ඕනම චරිතයක් කල හැකි බව නැවත වරක් ඔප්පු කොට හමාරයි . CRIME DRAMA වර්ගයේ සංවේදි කතා තේමාවක් තුල දිවෙන නන්දි. මගේ වචනයෙන් කිව්වොත්. මටනම් පට්ට පතුරු ෆිල්ම් එකක්.

ජර්සි චිත්‍රපටයට කොයිතරම් මම කැමතිද. නන්දි චිත්‍රපටයටත් ඒ තරමටම කැමති.

කතාව ගැන කිසිවක් කියන්න යන්නේ නෑ . නමුත් එක දෙයක් කියන්නං. මේ කතාව නරඹා ඇසට කඳුලක් නැගෙනවා නොඅනුමානයි. ඒ තරමට සංවේදි වගේම. හොඳම කතාවක් කාටත් බලාගන්න පුළුවන් . මේ වගේ කතාවක්. මීට පෙර ඔබ තෙලුගු සිනමාවේ බලලත් නැතිව ඇති.

ස ම්ප්‍රදායික තෙලුගු රාමුව කුඩු වෙන්නම සුනුවිසුනු කරපු සුපිරි වෙඩිල්ල නාන්දි.නරඹනවාද නැද්ද කියන තීරණය ඔබ සතුයි. සිනමාවේ නියම රහ හොයනවනම් අනිවාර්යයෙන් නැරඹිය යුතු කතාවක්.තෙලුගු සිනමාවේ රාමුව බින්දා කිව්වහම. මලයාලම් සිනමාවේ රාමුවෙන් මේක බලන්නට එපා. මේක.වෙනස්ම රාමුවකින් බලන්න.අල්ලාරි නරේශ්ට නොදෙවනි සුපිරි රංගනය වරලක්ශ්මි සරත් කුමාර්  යෙදෙනවා.

ඉතිං නාන්දි බලලා අදහස් දක්වන්න .ඉතින් මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක අනිවාරෙන්ම අරගෙන බලන්න තවත් සුපිරිම තෙලිඟු ෆිල්ම් එකක් කියන්න පුළුවන් මේක.
ආයිම එන්නම් සබ් එකකුත් එක්ක.

හැම ජයග්‍රහණයටම සටනක් තියෙනවා..
හැම සටනකටම පලමු පියවරක් තියෙනවා..
ඒකයි අපේ ජයග්‍රහණයට…
ආරම්භ …

ඔබට ජය !

Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Original title నాంది
IMDb Rating 7.9 4,621 votes
TMDb Rating 7.2 6 votes

Director

Cast

Allari Naresh isSurya Prakash
Surya Prakash
Praveen isSantosh
Santosh
Devi Prasad isSurya's Father
Surya's Father
Srikanth Iyengar isLawyer Satya Prakash
Lawyer Satya Prakash
Pramodini Pammi isSurya's Mother
Surya's Mother
Navami Gayak isMeenakshi
Meenakshi
Vinay Varma isNagendar
Nagendar

Similar titles

Tallulah (2016) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Saudi Vellaka (2022) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Grahanam (2021) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published