Video Sources 391 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Autograph (2004) Sinhala Subtitles

Autograph (2004) Sinhala Subtitles

Feb. 20, 2004India167 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

පිපෙන මල් පවසන්නේ ජීවිතය යනු සටනක් බවයි…..
 
Autograph (2004) Sinhala Subtitles    
         
  සෙන්තිල් ජීවත් වන්නේ චෙන්නායිහි ය. ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක් වුනු නිසා සෙන්තිල්ගේ ළමා වියත් තරුණ වියත් ගෙවුනේ පියාට ස්ථාන මාරු ලැබෙන තැන් වලට පවුල පිටින්ම සංක්රමණය වීමෙනි. පියා රජයේ සේවකයෙක් නිසාත් සෙන්තිල් පවුලේ එකම දරුවා වූ නිසාත් අඟහිඟ කමින් තොර මධ්යම පාන්තික ජීවිතයකි ඔහු කුඩා කල සිටම ගත කර ඇත්තේ. දැන් සෙන්තිල් තම විවාහයට සූදානම් වෙයි. ඔහුගේ කැමැත්ත ඇත්තේ විවාහ මංගලෝත්සවයට තම පැරණි හිතමිතුරන් සියලු දෙනාම පැමිණ සිටිනු දැකීමටය. ඉතින් ඔහු විවාහ මංගල්යයට ආරාධනා කිරීමට තම මිතුරන් සොයා පාසල් කාලයේ ජීවත් වුනු ගමටත් කොලේජ් ගිය කේරලයටත් යෑමට අදහස් කරයි. ගමන ඇ⁣රඹෙන්නේ චෙන්නායිහි එග්මෝර් ස්ටේශමෙනි.
 
            තම ළමා කාලය ගෙවූ නිවස දකින සෙන්තිල්ගේ හදවත මිහිරි මතකයෙන් පිරීයයි. එය අතීතාවර්ජනයකි. කමලා යනු සෙන්තිල්ගේ පාසල් ජීවිතය සුන්දර කළ ගැහැණු ළමයා ය. කමලාගේ ප්රගති වාර්තාව අත්සන් කිරීම ඇගේ පියා විසින් ප්රතික්ෂේප කළ විට සෙන්තිල් එය අත්සන් කර දෙනු ලබයි. ගුරුතුමාට වංචාව හසු වුනු විට වීරයෙකු මෙන් ඔහු ගුටි කයි. දහය වසරේ විභාගයෙන් පසු කමලා පාසල් අධ්යාපනයට සමුදෙයි. ඔවුන්ගේ ළමා විය ගත වන්නේ ගැහැණු දරුවන්ට වැඩිදුර අධ්යාපනය අවශ්ය නැතැයි සිතූ පරිසරයකය. එනිසා කමලාගේ පියා අදහස් කරනුයේ ඇයට විවාහයක් කර දීමටයි. දහය වසරේ අවසන් දිනය දා පන්තියේ සිසුන් ගුරුතුමා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින විට කමලා පසුපසින් සිටගන්නා සෙන්තිල් ඇයට හොරා ඇයගේ ගෙතූ කොණ්ඩ කරලේ අගට දමා තිබූ බෑන්ඩ් එකද සමග කොණ්ඩ කෑල්ලක් කපා ගනියි. ඒ ඔහුගේ පාසල් ප්රේමයේ මතක සැමරුමයි.
වසර බොහෝ ගණනක් ගතවී දැන් ඔවුන් සියලු දෙනාම වැඩුණු මිනිසුන්ව ඇති සමයක, වසර දාහතරකට පසුව සෙන්තිල් තම පාසලේ හොඳම මිතුරාද සමග කමලාව සොයා යන්නෙ විවාහ ආරාධනාපත ලබා දීමටයි. ඇය තිදරු මවකි; පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවෙක්. ඇගේ සැමියාද කාරුණික මිනිසෙකි. ඔහු සෙන්තිල් සමග සුහදව කතාබහ කරයි. තමාගේ නමද සෙන්තිල් බව කමලාගේ බාල පුතා පවසයි. ඉතින් ඇය ඔහුව අමතක කර නැත. සැමියාට අවංකව, ඔහුට ප්රේම කරමින් ජීවත් වුවද ඇය තම පැටි වියෙහි මිතුරාව අමතක කර නැත.
 
             සෙන්තිල්ගේ පාසල් කාලය ගෙවෙන්නේ අසූව දශකයේ අග භාගයේත් අනූව දශකයේ මුල භාගයේත් අතර කාලයක බව නිගමනය කිරීමට පුලුවන. තාක්ෂණයෙන් දූෂණය නොවුනු කාල වකවානුවක නව යොවුන් විය ගෙවූ මිනිසුන්ගේත් ගැහැණුන්ගේත් සිතුම් පැතුම් වල පැවති නිර්මල සහ අවංක ස්වභාවයයි එම සම්පූර්ණ සිද්ධිය තුළින්ම මතු කර දක්වනුයේ. වැදගත්ම කාරණාව නම් සෙන්තිල්ට සිටියේ ක්රෂ් එකක් නොව සිත් ගත් ගැහැණු ළමයෙක් වීම ය, පාසල් ප්රේමයක් වීම ය. උදාහරණයක් කියන්නම්, පාසලේ පැවති විවිධ ප්රසංගයකදී කාන්තා චරිතයක් රඟදැක්වීමට සිදුවන සෙන්තිල් ඒ සඳහා සාරියකුත් හැට්ටයකුත් ඉල්ලා ගන්නේ කමලාගෙනි. ඒ මදිවාට එය ඔහුට ඇන්දවීමට සිදු වන්නේද කමලාටමය. එහි තිබුණේ අවුරුදු පහලවක දාසයක ගැහැණු පිරිමි ළමයින් අතර ඇතිවන අනෝන්යය ආදරයක්, ආකර්ශනයක් සහ සහයෝගිතා හැඟීමක් මිස ‘ක්රශ්’ හැඟීමක් නොවේ.
 
             සතුටට කාරණය නම් මෙම සිදුවීම් නරඹන විට නිරායාසයෙන්ම මගේ ළමා කාලයත් පාසල් කාලයත් මතක් වීම ය. දෙදහස් දහයට පෙර සාමාන්ය මිශ්ර පාසලක පාසල් ජීවිතය ගත කළ ඕනෑම අයෙකුට මෙය නරඹන විට තම පාසල් ජීවිතය නිරායාසයෙන්ම සිහිපත් වනු නොඅනුමාන ය. තන්නීර් මාතන් දිනගල් වැනි නූතන පාසල් ළමයින්ගේ තාක්ෂණික ජීවිත අළලා නිර්මාණය කෙරෙන චිත්රපට කිසිදු හරයක් හෝ ගැඹුරක් ඇති නිර්මාණ ලෙස අපට හැඟී නොයන්නේද ඒ අතීත කාමය නිසාම වන්නට ඇත. ⁣සෙන්තිල් කොලේජ් අධ්යාපනය ලබන්නේ කේරළයේදී ය. කේරළයට සංක්රමණය වුනු සෙන්තිල්ට මුහුණ පෑමට සිදු වන්නේ විශාල ගැටලුවකටය. ඔහුම පවසන පරිදි ” අලුත් භාෂාවක්, අලුත් සිරිත් විරිත්, අලුත් සංස්කෘතියක්” එහි ඇති අතර මලයාලම් භාෂා දැනුමත් නැති වීම බරපතලම ගැටලුවක් ලෙස ඔහුට දැනෙයි. මලයාලම් කොලු රැලේ ගැහැට වලින් සෙන්තිල් බේරා ගන්නේ සිතාරයක්ද රැගෙන කොලීජියට එන රූමත් තරුණියකි. ඇය පදිංචිව සිටින්නේද ඔහු සිටින නිවස ආසන්නයේ ය. ඇය නමින් ලතිකා වෙයි. සෙන්තිල්-ලතිකා ප්රෙම කතාවට එතරම් අායුෂ නොමැති විය. ලතිකාගේ ප්රේමය නිසා සෙන්තිල් රණ්ඩුවකටද පැටලෙයි. ඒ ලතිකා වෙනුවෙන් නොව තම දෙමාපියන් වෙනුවෙනි. ලතිකාගේ පියා විසින් එවන ලද මැරයින් සෙන්තිල් පදිංචිව සිටි නිවසේ බඩු මුට්ටු විනාස කර දමා ඔවුන්ට පිටවී යන ලෙස තර්ජන කරති. පිටස්තර දමිළයෙකුට තම දියණියට විවාහ කර දීමට අකමැති වන ලතිකාගේ පියා විසින් ඇයව ධනවත් ව්යාපාරිකයෙකුට විවාහ කර දෙයි. පහරකා තුවාල ලැබූ පුතා සහ තම බඩු මුට්ටු පොදි බැඳගත් ⁣මව සහ පියා එයින් පිටවෙති. දෛවෝපගත ලෙස ඔවුන් ගමන් කරනා ඔරුව ඉදිරියට පැමිණෙන්නේ ලතිකා සහ ඇගේ මනාලයා රැගත් නෑදෑ පිරිවර කැටුව එන ඔරුවයි. කලකට පසුව ලතිකා සොයා යන සෙන්තිල් දකින්නේ ඇය දැන් වැන්දඹුවක් බවයි. ඔහු තමා තුළ ඇය කෙරෙහි පවතින ප්රේමය පැවසීමට උත්සාහ දරන නමුත් ලතිකා ඔහුව වලකමින් කල යුතු දේ ගැන නිවැරදිව ඔහුට මග පෙන්වයි.
කේරළයෙන් කොයම්බතූර් වෙත පැමිණ පසුව රැකියාවක් සොයා චෙන්නයි වෙන එන සෙන්තිල්ට දිව්යා මුණ ගැසෙයි. ඔවුහු සමීප මිතුරන් බවට පත් වෙති. දිව්යා කෙරෙහි ඇදීගිය සිතින් යුතුව සිටි නමුත් දිව්යාද විවාහ වීමට වෙනත් පුද්ගලයෙකු තෝරා ගනියි. අවසානයේදී සෙන්තිල් මේ විවාහ වන්නේ ඔහුගේ දෙමාපියන් විසින් යෝජනා කළ තරුණියක් ය.
 
Autograph (2004) Sinhala Subtitles    
 
Cheran විසින් 2004 වසරේ අධ්යක්ෂණය කරල ලද ඔටෝග්රාෆ් චිත්රපටිය 52 වන ජාතික සිනමා සම්මාන උලෙළේදී සම්මාන තුනකට හිමිකම් කීමට සමත් විය. ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී හොඳම දමිළ චිත්රපටිය ඇතුලු තවත් සම්මාන තුනක් දිනාගත්තේය. එසේම මෙහි සෙන්තිල් ලෙස රඟපාන්නේද අධ්යක්ෂකවරයාම වේ. භාරද්වාජ් සහ KS චිත්රා ගයන ජනප්රිය දමිළ ගීයක් වන Ovvoru Pookalume ගීය මෙම චිත්රපටියේ ගීතයක් වන අතර එය ගැයුම වෙනුවෙන් K.S චිත්රා මහත්මිය ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. දෘශ්යය ආබාධිත සංගීත ශිල්පීන් පිරිසක් විසින් සංගීතය සපයන එම ගීතයද දමිළ චිත්රපටි සංගීතය තුළ නොමැකෙන සලකුණකි. ගීතය රචනා කර ඇත්තේ Pa. Ranjith විසින් වන අතර මුළු ගීතය පුරාම මිනිසුන් වෙත දිරියක් ලබා දෙන ඒ විශිෂ්ඨ පදරචනය වෙනුවෙන් ඔහුද ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. චිත්රපටියක් ලෙස ගත් කළ එය අති විශිෂ්ඨ ය. සුමට ය. මිහිරි ය. මෘදුව ගලා හැලෙන දියදහරක් මෙන් ගලා යයි. කිසිදු අඩුවක් නොමැති චිත්රපටියකි. සංගීත අධ්යක්ෂණය අග්රගණ්ය මට්ටමෙන් සිදුකර ඇත්තේ ප්රවීන සංගීක අධ්යක්ෂකවරයෙක් වන භාරද්වාජ් විසින් ය. චිත්රපටියත් සංගීතයත් ගහට පොත්ත මෙන් බැඳී පවතී. එකකින් එකක් වෙන් කළ නොහැක.
 
සිදුවීම් ගලා යෑම ඉතා සුමටය. වරක හාස්යයටත් තවත් වරෙක වේදනාවටත් හුවමාරු වෙමින් ප්රේක්ෂකයාවද චිත්රපටිය සමග ඒකාත්මික කර ගෙන ඇත. මිනිසෙකුගේ ජීවිතයේ ගලායෑම ප්රේමයටම පමණක් ලඝු කර නැත. එය මාපියන් දරුවන් අතර බැඳීම වැනි ප්රේමය හා සමගාමී අනිකුත් අංශ වෙතද විහිදී යයි. උදාහරණයක් ලෙස ලතිකාගේ පියා එවන ලද මැරයන්ට සෙන්තිල් පහර දෙනුයේ ප්රේමය පැරදීමේ වේදනාවෙන්ම නොවේ. තම පියාට සහ මවට හිරිහැර කල කෝපයෙන්ද යුතුවය ඔහු පහර දෙන්නේ.
ප්රේමයද කොටස් කර අර්ථ දක්වා ගන්නා අයවලුන් මෙම සිනමා පටය නැරඹිය යුතුය. මා මේ තුලින් 96 චිත්රපටියේ රාම් සහ ජානු දුටුවෙමි. නමුත් මා දුටු රාම් 96 රාම් මෙන් සන්යාසි ජීවිතයක් ගත නොකරයි. ඔහු දැන් ජීවිත අත්දැකීම් වලින් පරිණත මිනිසෙකි.
සෙන්තිල්ගේ විවාහ ආරාධනා පත අතට ගෙන බලන කමලාගේ මුහුණ ඔබ දැකිය යුතු ය. මෘදු මාතෘ ප්රේමයක්ද මුසුවුනු සුහද හැඟීමක් මිස කෝපයක්, කළකිරීමක් හෝ වේදනාවක ලකුණක් හෝ ඇය වෙතින් දකින්ට නැත. මේ චිත්රපටිය තුළ මම කාර්තික් සහ ජෙසීවද දුටුවෙමි. තම පියාගේ කැමැත්ට පිටුපෑ නොහී ඔහු විසින් තෝරන ලද පුද්ගලයකු සමග විවාහ වුනු ජෙසී දෙසද එය දරාගත නොහැක්ව තැවෙන කාර්තික් දෙසද බලා සිටියෙමි.
 
ලතිකා විසින් මිතුරකු අත සෙන්තිල්ට පටිගත කරන ලද හඬ පටයක් එවයි. ඔබ එය ඇසිය යුතුය. දොළොස් වසරකට පසුව ලතිකා දැක හඬා වැලපෙන සෙන්තිල් ඔබ දැකිය යුතුය. බීමතින් මහ මග වැටී සිටි තම පුත්රයාව නිවසට ගෙනවුත් නහවා පිරිසිදු කරන මවගේත් පියාගේත් මුහුණු ඔබ දැකිය යුතුය. වේදනාවෙන් දැවුණු තැවුනු එවැනි මුහුණු ඇති කිරීමට කිසිදු දිනක හේතු කාරකයක් නොවීමට එම සිදුවීම චිත්රපටිය නරඹන තරුණයින්ට දිරියක් ලබාදෙයි. සිනමාව නම් මෙයයි. මිනිසුන්ගේ ජීව දර්ශනය පෘථුල කරවන සිනමාව නම් මෙයමයි. අත්දැකීම් බහුල පරිණත දැක්මක් සහිත පුද්ගලයෙකුට තවත් දහස් ගණනකගේ ජීවන දර්ශනයට දැක්මක් ලබාදිය හැකි බවට තවත් උදාහරණ අවශ්යය නැත. තරුණ දිවියක පැවතිය යුත්තේ ප්රේමය පමණක්ම නොවන බවත් ප්රේමය වෙනුවෙන් සිදු වන හැල හැප්පීම් බිද වැටීම් පමණක් නොවන බවත් පසක් කරවයි.
 
ජීවිතයේ විවිධ අවධීන් වලදී හමුවන ප්රේමය ගැන කියන චිත්රපටි අතරින් ඒ සියල්ල අභිබවා Autograph චිත්රපටිය මුල් තැන රැඳෙනු ඇත. සෙන්තිල්ට ප්රේම කල කාන්තාවන් ඉතා සෘජුව ඔහුව ප්රතික්ෂේප කරති. බොරු රඟපෑම්, අතීතය අමතක බවට කෙරෙන මවාපෑම් එහි නොමැත. ප්රායෝගික ලෝකයේ සැබවින්ම සිදුවන්නේද එයමයි. තිරපිටපත තුළ එම චරිත ගොඩනගා ඇති ශක්තිමත් භාවයද එමගින් මනාව පැහැදිලි වෙයි. අවසානයේදී සෙන්තිල්ගේ විවාහ මංගල්යයට පැමිණ සිටින වැන්දඹුවක වූ ලතිකාගේ හෝ දිව්යාගේ හෝ කමලාගේ මුහුණු වල සන්තෝෂයක් මිස කණගාටුවක සේයාවක් හෝ නොමැත. ඔවුන් සෙන්තිල්ට සැබැවින්ම ප්රේම කර ඇත.
Autograph චිත්රපටිය නැරඹීමට හේතු භූත වූයේ වචන දහසකින් කිවයුතු කතාවක් අන්තර්ගත සරල meme එකක් නිසාවෙනි. එම සිතුවිල්ලට පෙට්රල් දමා ගිණි තැබූ, නිරන්තරයෙන්ම පැරණි සම්භාව්ය දමිළ සිනමාපට නැරඹීමට උනන්දු කරවන Jegan ට විශේෂ ස්තූතිය🙏
 
ලිපි සැකසුම :
Autograph (2004) Sinhala Subtitles
Original title ஆட்டோகிராஃப்
IMDb Rating 7.8 1,300 votes
TMDb Rating 7.5 11 votes

Director

Cheran
Director

Cast

Cheran isSenthil
Senthil
Gopika isLathika
Lathika
Sneha isDivya
Divya
Mallika isKamala
Kamala
Kaniha isThenmozhi
Thenmozhi
Rajesh isSenthil's father
Senthil's father
Ilavarasu isNarayanan teacher
Narayanan teacher
Pandi isOolamookkan Subramani
Oolamookkan Subramani
Thiruppaachi Benjamin isOolamookkan Subramani
Oolamookkan Subramani

Similar titles

Madgaon Express (2024) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published