Video Sources 2720 Views

  • සිංහල උපසිරැසි සමග
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles

May. 31, 2024India134 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

ආයුබෝවන් හැමෝටම..

අද මම සිනෙරු එකට ගොඩවෙන්නේ පිට පිටම ගේන හතරවන තෙලිගු උපසිරැසියත් එක්කමයි. මේකත් සුපිරි නොවුනට ආදරය, සෙනෙහස, ඇක්ෂන් එකතු කරපු හොදම ගනයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ❤️😊😍 මේක කලින් දෙන්න හැදුවත් කාර්යබහුලත්වය නිසා පොඩ්ඩක් පරක්කු වුනා.ඒ හින්දා බලන අයගෙන් සමාව ඉල්ලන ගමන් අපි කතාවට යමුකෝ… 🥺🫶

කාර්තිකේයා ගුම්මකොන්ඩා, රාහුල් හරිදාස්, අයිශ්වර්යා මෙනන්, රවී ශංකර් රංගනයෙන් දායක වෙච්ච මේ ෆිල්ම් එකේ නම Bhaje Vaayu Vegam. 2024 මැයි 31 වෙනිදා තිරගත කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ප්‍රශාන්ත් රෙඩ්ඩ්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Radhan(Songs) හා Kapil Kumar(BGM) ගෙන්. නිෂ්පාදනය UV Concepts ආයතනයෙන්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Action/Thriler ගණයට.

ෆිල්ම් එකේ රේටින් ගැන කතා කලොත් IMDB අගය 6.2/10 කුත් ගුගල් පරිශීලක අගය 60% කුත් තියෙනවා. OTT නිකුත් කරන්නේ ජුනි 28 වෙනිදා අපි කවුරුත් දන්න Netflix වලින්.

කතාව ගැන කිව්වොත්

වෙන්කට්ට පොඩි කාලේදී එයාගේ අම්මයි තාත්තයි නැති වෙනවා. පස්සේ එයාව හදා වඩා ගන්නේ භාරණි කියලා මනුස්සයෙක්. මේ මනුස්සයාටත් පුතෙක් ඉන්නවා රාජු කියලා. ඉතින් ඒ දෙන්නම තරුණ කාලෙට ආවට පස්සේ දෙන්නම හයිද්‍රාබාද් වලට එන්නේ තමන්ගේ තිබ්බ හීන වලට යන්න. වෙන්කට් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. රාජු සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නට තමන්ගේ හීන වලට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ සල්ලි නැති නිසා. වෙන්කට් කොච්චර දක්ෂ වුනත් ඉන්දියන් ටීම් එකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. රාජුට ඉංග්‍රීසි දැනුමක් නැති හින්දා එයා සුප්‍රසිද්ධ හෝටලයක වේටර් රස්සාව කරන්නේ. ඔහොම කාලයක් යනකොට භාරණිට අසනීපයක් හැදෙනවා. එයාව සුව කරන්න ලක්ෂ 20ක් ඕනේ කියලා දොස්තර මහතා වෙන්කට්ට කියනවා.වෙන්කට් ක්‍රිකට් තරගවලට ඔට්ටු අල්ලන කෙනෙක්. එයා ඒවායින් දිනනවා. හැමවෙලේම එයා දිනන හින්දා ලොකුවට ඔට්ටු දාන තැනකට ගිහිල්ලා ඔට්ටුවක් දන්නේ රු ලක්ෂ 4කුත් ණයට අරගෙනම. ඔන්න ඔතන ඉදන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ…

වෙන්කට්ගේ ඔට්ටුවට මොකක්ද වුණේ?
පළාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නෙට ඇයි අයියයි මල්ලියි පැටලුනේ?
මත්ද්‍රව්‍ය ජාවාරම හෙලිකරගන්න පුළුවන් වෙයිද?

මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම දැනගන්නකෝ.

ඔයාලගේ අදහස් වගේම අඩුපාඩු කොමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා මොකද අපිට ඔයාලගේ අදහස් වටිනවා .

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Original title భజే వాయు వేగం
IMDb Rating 6.1 394 votes
TMDb Rating 5 2 votes

Similar titles

Vesper (2022) Sinhala Subtitles
Bomb (2025) Sinhala Subtitles
Vembu (2025) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published