Video Sources 1637 Views

  • Watch trailer
The Power (2021) Sinhala Subtitles

The Power (2021) Sinhala Subtitles

Jan. 14, 2021India154 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(The Power (2021) Sinhala Sub) Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍ර‍පටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ප්‍ර‍ධාන චරිත ලෙස Vidyut Jammwal හා Shruti Haasan වගේම මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන Mahesh Manjrekar රංඟනයෙන් දායක වෙනවා… Vidyut ගේ චිත්‍ර‍පටි කිහිපයක්ම ගිය අවුරුද්දෙත් නිකුත් උනා වගේම මේ අවුරුද්දෙත් එන්න තියනවා. ගොඩක් අය ඔහුගේ චිත්‍ර‍පටි බලන්නේම සටන් ජවනිකා නිසාමයි. මේ චිත්‍ර‍පටියේ කතාව කොහොම උනත් හොද සටන් ජවනිකා කිහිපයක් නම් දැක බලාගන්න පුලුවන් ඔහුගෙන්..

කතාව ගැන කිව්වොත් කාල් දාස් ඨාකුර් කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙක්… ඔහුගේ ව්‍යාපාර වල හොද නරක දෙකම අඩු වැඩි වශයෙන් තියනවා. මොහුට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. රාම්දාස් ඨාකුර්,රත්නා ඨාකුර් හා පොඩි පුතා දේවි දාස් ඨාකුර් (Vidyut Jammwal)… දේවි දාස් ඨාකුර් තාත්තාගේ මේ ව්‍යාපාර වලට අත නොගහා පිටරට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්. කොහොම හරි නිවාඩුවක් ලැබුන වෙලේ ඔහු ඉන්දියාවට එනවා පවුලේ අය එක්ක කාලය ගත කරන්න. මොහුගේ පෙම්වතිය තමයි පරී (Shruti) කියන්නේ. පරී කියන්නේ කාලි දාස් ඨාකුර්ගේ දකුණු අත වගේ ඉන්න අන්වර්ගේ දුව.

ඨාකුර් පවුලේ රාම්දාස් ඨාකුර්ව විවාහකරගෙන ඉන්න ශයිලා නම්, දේවි දාස් ගෙයි පරිගෙයි මේ තියන සම්බන්ධයට වැඩි කැමැත්තක් නැහැ. කොහොම හරි ඒ අතර තමයි ඩිකොස්තා හා ෆකීරා කියන පුද්ගලයන් දෙන්නා.. කාලිදාස් ඨාකුර්ට කුඩු ජවාරම් කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන්නේ. නමුත් ඔහු ඒ යෝජනාව ප්‍ර‍තික්ෂේප කරනවා. මෙයින් මේ දෙන්නා යම් තරමක අමනාප කමක් ඨාකුර් පවුලත් එක්ක ඇති කරගන්නවා. මේ අතර ශයිලා විසින් දේවිගේ හා පරීගේ සම්බන්ධය කඩන්න පවුලේ අයගේ ඔළුවට නොයෙක් විශබිජ දානවා. ශයිලාගේ මේ වැඩේට ඇයගේ මල්ලි රන්ජිත් පවා හවුල් වෙනවා.

රන්ජිත් තමයි ඨාකුර් පවුලේ පොඩි දුව රත්නාව කසාද බැදලා ඉන්නේ. ඔහුට ඕනි මේ පවුලේ බිස්නස් වල වැඩි බාරකාරිත්වය අරගන්න. කොහොම හරි ඩිකොස්තා හා ෆකිරා කියන පුද්ගලයන් එක්ක ඇති උන අමනාපකම උඩු දුවන්න ගන්නෙත් ඒ අතරේ… එතැනින් එහාට සිදුවෙන්නේ ඨාකුර් පවුල කිසිසේත්ම හිතපු නැති දේවල් ගොඩක්… ඒක දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය අරගෙන බැලුවොත්… එහෙනම් අදට සමුගන්නවා හැමෝටම සුභ දවසක්

The Power (2021) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Original title द पावर
IMDb Rating 5.4 2,062 votes
TMDb Rating 6.7 10 votes

Director

Cast

Vidyut Jammwal isDevi Das Kalidas Thakur
Devi Das Kalidas Thakur
Shruti Haasan isPari (Praveen)
Pari (Praveen)
Mahesh Manjrekar isKalidas Haridas Thakur
Kalidas Haridas Thakur
Jisshu Sengupta isRamdas Kalidas Thakur
Ramdas Kalidas Thakur
Yuvika Chaudhary isShaila Ramdas Thakur
Shaila Ramdas Thakur
Sachin Khedekar isVishambhar Rana
Vishambhar Rana

Similar titles

Masterpiece (2015) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Chote Nawab (2024) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Indoo Ki Jawani (2020) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published