Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles

Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles

The Deep Dark NightFeb. 11, 2022Unknown110 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles) (Vidiyatha Iravondru Vendum (2022) Sinhala Sub)

හරි ඉතින් කොහොමද කට්ටියට.. ආයෙත් ඔන්න ඉතින් තව අලුත්ම දෙමළ ෆිල්ම් එකක් තමයි ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේ ෆිල්ම් එක ” වින්මීන් HD “ කියන චැනල් එක හරහා තමයි මුලින්ම පෙන්නුවේ.. ඒ චැනල් එක හුඟක් අලුත් දෙමළ ෆිල්ම් පෙන්නවා.. ඉතින් ඔන්න ඔය හේතුව නිසා මේක TV රෙකෝඩ් එකක් විදිහට තමයි තියෙන්නේ.. ඒ නිසා ටයිම් ලයින් කිසිම දෙයක් නැහැ.. ඔන්න ඉතින් ඒ නිසා මම ටයිම් ලයින් එහෙම ගහලා සුපුරුදු විදිහට අසාලිවීමක් කරලා තමයි සබ ගෙනාවේ කට්ටියට බලන්න.. TV රෙකෝඩ් කිව්වට චාටර් නැහැ හොඳේ සුපිරි කොලිටි..+

හරි එහෙම නම් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම් දැන්..

මේ ෆිල්ම් එකේ ඉන්න හැමෝම වගේ අලුත් මුහුණු ඉතින්.. හැබැයි දෙතුන් දෙනෙක් ඉන්නවා දන්න කියන අය එහෙම.. ආ එතකොට මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ ” අශෝක් කුමාර් “ එතකොට ප්‍රධාන නිළිය හඳුන්වාදෙන ” හෘතිකා ශ්‍රීනිවාසන් “ එතකොට මේ ෆිල්ම් එකේ රචනය, ගී පද රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ” කරුප්පයියා මුරුගන් ”

දැන් එහෙනම් ෆිල්ම් එකේ කතාව පැත්තට යමු නේද? 

කදීර් එයාගේ ආදරවන්තිය එක්ක දවසක් ගතකරලා එයාව ඇරලවන්න යනගමන් ඉන්නේ.. ඉතින් දෙන්නා ඒ දවස ගැන කතා කර කර එනවා.. ඔන්න ඔහොම එන අතරමගදී කදීර්ගේ කාර් එකට කවුදෝ යට වෙනවා වගේ දැනෙනවා.. ඒත් කදීර් නවත්තන්නේ නැතුව වාහනේ එළවගෙන යනවා.. ඒත් එයාගේ ආදරවන්තිය දීපා එයාට කියනවා මොකක් හරි යට උනා වගේ නේද කියලා.. ඒත් කදීර් ඒක දැන දැනත් එහෙම්ම යන්න යනවා කමක් නැහැ කලබල වෙන්න එපා කියලා.. පස්සේ දීපා කියනවා අපි බැහැලා බලමුද කියලා.. ආයෙත් කදීර් කියනවා නැහැ නැහැ ඕනේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා.. ඉතින් එයාලා එහෙම්ම එයාලගේ ගමන යද්දී දීපාට එයාගේ ගෙදරින් කෝල් කරනවා හෝ ගාලා.. එයා පරක්කු ඇයි කියලා බලන්න.. හැබැයි ගෙදරින් දන්නේ නැහැ එයා කා එක්කද ඉන්නේ කියලා..

ඔන්න ඔහොම යද්දී කදීර් පොඩි වැඩකට කාර් එක කැලෑවක් ඇතුලෙදි නතර කරනවා.. ඒ වෙලාවේ කට්ටියක් හොරෙන් ඇවිත් කාර් එකේ පෙට්‍රෝල් අදිනවා.. ඔන්න ඉතින එතනින් පස්සේ එයාලා පොඩ්ඩක් ඉස්සරහට යද්දීම කාර් එක නතර වෙනවා.. උදව් ඉල්ලුවත් කිසිම කෙනෙක්ගෙන් උදව් ලැබෙන්නේ නැහැ.. ඔහොම යද්දී ඒ පළාතේ සභාපති කෙනෙක් එනවා.. මිනිහගෙන් උදව් ඉල්ලුවම මිනිහට මේ දෙන්නව සැකයි මිනිහා කාර් එක වටේ බයික් එකෙන් රවුමක් දාද්දි දකිනවා එක රෝදෙක ලේ පිරිලා තියෙනවා.. මිනිහා එවෙලෙම පොලිසියට කෝල් කරනවා.. පොලිස්සිය පස්සේ ඇවිත් ප්‍රශ්න කරද්දී එයාලා පිලිගන්නවා කාව හරි යට උනා ඒත් අපි ආයේ බැලුවේ නැහැ කියලා.. පස්සේ ඉතින් පොලිස් ලොක්කා කෙනෙක්ව යවලා බලනවා කාවද හැප්පුනේ කියලා බලලා එන්න කියලා.. බලනකොට ගෑනුකෙනෙක්ව තමයි යට කරලා තියෙන්නේ කියලා ඒ යවපු පොලිස් කාරයා ඇවිත් කියනවා එයා එතනම මැරිලා කියලත්..

ඔන්න ඉතින් ඔතනින් පස්සේ පොලිස් ලොක්කා අපිට ලක්ෂ 5ක් දෙන්න එතකන් යන්න දෙන්නේ නැහැ කියලා කියනවා කදීර්ලට.. පස්සේ පොලිස්සියෙන් එයාලව පරණ ගෙස්ට් හවුස් එකකට අරගෙන යනවා.. ඔන්න ඔතන ඉඳලා තමයි සේරම දේවල් පටන් ගන්නේ.. ඒ ගෙස්ට් හවුස් එකේ කදීර් එක්ක දීපා ඉන්නකොට.. එයාලා යට කරපු ඒ කෙල්ලගේ හොල්මන මෙයාලට කරදර කරන්න පටන් ගන්නවා..

හරි කතාව මේ හොඳටම ඇති කියලා හිතෙනවා කිව්වා.. ඔන්න ඔතන ඉඳලා වෙන සිද්ධි සේරම මේ ෆිල්ම් එක බලලම ඔයාලා දැනගන්නකෝ.. මොකක්ද මේ අත්භූත සිදුවීම කියලා..

කිසිම කම්මැලි කමක් නැතුව ඉවර වෙනකල් බලාගෙනම ඉන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.. ආයේ ඉතින් හොල්මන් ඒවා බලන්න අපේ අය ආසයිනේ හුඟක්..

හරි එහෙනම් මම ගියා ආයේ අලුත් දෙමළ ෆිල්ම් එකක් එක්ක එනකන් අදට මම ගියා බායි!

 

Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Original title விடியாத இரவொன்று வேண்டும்
IMDb Rating 4.5 18 votes

Similar titles

Pon Manickavel (2021) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
The Calendar Killer (2025) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
Ad Vitam
Beast of War (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published