Video Sources 1786 Views

  • Watch trailer
The in Between (2022) Sinhala Subtitles

The in Between (2022) Sinhala Subtitles

Love never dies.Feb. 11, 2022USA116 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

The In Between (2022) නැත්නම්, අන්තර්භවය. මේ අවුරුද්දේ පෙබරවාරි මුල නිකුත්කෙරුණු විද්‍යා ප්‍රබන්ධ ආදර කතාවක්. මේ දෙක එකට ගැලපෙනවාද කියලානේ හිතන්නේ. ඒත් මේ කතාව ලස්සනට එකතු කරලා, හොඳට නිර්මාණය කරලා තියෙනවා. මේක ඇමරිකානු සංස්කෘතියේ ආදර කතාවක් නිසා, යම් මට්ටමක සරාගී දර්ශණ ඇතුලත් වෙලා තියෙනවා. ඒ බව දැනගෙන, මේ චිත්‍රපටිය නරඹන ලෙස ඉල්ලනවා. මේ වෙනකොට ලබාගෙන තියෙන රේටිං ප්‍රමාණය IMDB 5.8, RottenTomatoes 56%, Movie Insider 5/5, Google Users 83% වගේ වුනා. Arie Posin කියන ඊශ්‍රායෙල් ජාතික චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයා තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Paramount Players විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, Paramount+ විසින් ඇමරිකාවේ බෙදාහැරුණා. රඟපෑමෙන් එකතුවෙන ප්‍රධාන නිලිය අපිට හොඳට හුරු පුරුදු කෙනෙක්. 2010 දී තිරගතවුනු Ramona and Beezus චිත්‍රපටියේ කුඩා නිළිය, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඇය Joey King (ටෙසා). ඇය සමඟින් Kyle Allen (ස්කයිලර්), Celeste O’Connor (ෂැනන්), Kim Dickens (විකී) සහ John Ortiz (මෙල්) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වෙනවා.

කතාව ගැනත් කෙටියෙන්ම කියන්නම්. චිත්‍රපටිය ආරම්භ වන්නේම භයානක රිය අනතුරක දර්ශණයකින්. එයට මුහුණ දෙන ටෙසා අවදිවන්නේ රෝහලකදී. අනතුරින් ඇයගේ පෙම්වතා මියගිහින්. ටෙසාට ඉදිරියේදී දැනෙනවා, ඇයගේ පෙම්වතා, ස්කයිලර්, ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරන බවක්. මේ නිසා ඇය විවිධ මාර්ග වලින් උත්සාහ කරනවා, ස්කයිලර් සමඟ නැවත සම්බන්ධ වී, අවසාන වතාවටත් සමුදෙන්න. ටෙසාගේ මේ උත්සාහය සාර්ථක වෙයිද? අන්තර්භවය කොහෙද? මොකක්ද? මේ ගැන දැනගන්න, මේ උපසිරැසි සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!

The in Between (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
Original title The In Between
IMDb Rating 5.9 8,707 votes
TMDb Rating 7.332 582 votes

Similar titles

Gulu Gulu (2022) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published