Video Sources 1441 Views

  • Watch trailer
Operation Alamelamma (2017) Sinhala Subtitles

Operation Alamelamma (2017) Sinhala Subtitles

Jul. 21, 2017India138 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Operation Alamelamma 2017 Sinhala Sub) ඔන්න ගොඩ කාලෙකට පස්සේ කන්නඩ ෆිල්ම් එකකට උපසිරැසිත් අරගෙනම ආවා..අද අරගෙන ආවේ මීට අවුරුදු කීපෙකට කලින් නිකුත් වුණ ෆිල්ම් එකක්..ඒ තමයි 2017 වර්ෂයේ තිරගත වුණු “ Operation Alamelamma ” කියන කන්නඩ ෆිල්ම් එක…මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Thriller/comedy  කියන කාණ්ඩයට තමයි..ෆිල්ම් එකේ රේටින්ග්ස් පැත්ත ගැන බැලුවොත් මේ ෆිල්ම් එකට IMDb Rating 8/10 ක් වගේ හොද අගයක් ලැබිලා තියනවා..මීට අමතරව ගූගල් පරිශීලක මනාප 94% ක් ලැබිලා තියනවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Simple Suni මහතා වන අතර නිෂ්පාදකයන් විදියට කටයුතු කරන්නේ Simple Suni සමගින් Amrej Suryavanshi දෙපළයි..

මේ ෆිලිම් එකේ ප්‍රධාන චරිතයන් වලට පණ පොවන්නේ Kavaludari (2019) කන්නඩ සිනමාපටය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වුණ Rishy සහ මේ දවස් වල ගොඩ දෙනෙක් ඩිජිටල් රිලීස් වෙනකන් බලන් ඉන්න Chakra (2021) චිත්‍රපටයෙනුත් අප අතරට එන ගොඩ දෙනෙක් අදුනන ජනප්‍රිය නිළියක් වන Shraddha Srinath යන නලු නිලි දෙපළ තමයි..

මීට අමතරව Aruna Balraj,Pranaya Murthy,Vijeth Gowda, Rajesh Nataranga,Dheeraj Shetty, Pramod Jaya වගේ නලු නිළි කැළැක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා..

කතාව පැත්තටත් ටිකක් හැරිලා බැලුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ Purmy… Purmy කියන්නේ කාත් කවුරුවත් නැති කෙනෙක්..ඒත් ගොඩක් සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්..කොහොම වුණත් Purmy ගොඩක් ආස දෙයක් තියනවා..ඒ තමයි බ්‍රෑන්ඩඩ් අයිටම්..ඉතින් Purmy මේ කතාව ඇතුලේ වෙන තරමක් අකර තැබ්බ වෙන්නේ මේ බ්‍රෑන්ඩඩ් බඩු නිසාම තමයි…කොහොම හරි මේ අතරේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන කෙනඩිගේ පුතා වුණු ජෝන්ව හිටි හැටියෙම කවුරු හරි කෙනෙක් පැහැර ගන්න..ඉතින් මේ අහක යන කුණු ගොඩ කැරකිලා ඇවිත් පාත් වෙන්නෙත් අපේ Purmy ගේ ඔලුව උඩටමයි..ඒකත් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ බ්‍රෑන්ඩඩ් බඩු වලට Purmy ගේ තිබ්බ ආසාව නිසාම තමයි..කොමහරි අපේ Purmy ට හිත ගියපු කෙල්ලෙක් ඉන්නවා..ඒ තමයි අනන්යා..අනන්යා කියන්නේ ගුරුවරියක්..අනන්යව Purmy ට මුණගැහෙන්නෙත් අහම්බෙන්..හැබැයි ටික කාලෙකින් දෙන්න හොද යාලුවෝ වෙනවා..මේ ෆිල්ම් එක ගැන කෙටියෙන් දෙයක් කිව්වොත් කුතුහලය+ආදරය+විරහව+සිහහව = ඔපරේෂන් අලමේලම්මා (2017) කතාව ගැන මීට වඩා කියන්න බලාපොරොත්තුවක් නෑ..ඔයාලම බලන්න අන්තිමට ජෝන්ව පැහැර ගැනීම කරේ කවුද ? Purmy ගෙයි අනන්යගෙයි ආදරේටයි මොකද වෙන්නේ කියලා..කොහොම හරි කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක එන්ජෝයි කරන්න පුලුවන් හොද ෆිලිම් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ..ඒක ඔයාලම ෆිල්ම් එක බලලා තීරණය කරන්න…

තවත් පොඩි විශේෂ කරුණක් කියන්න තියනවා..මොකද මේක ෆිල්ම්  එකට අදාළ E Sub එකක් නෙට් එකේ හොායාගන්න නෑ…තියන එකම සබ් එක බෙංගාලි භාෂාවෙන් සිදු කරපු උපසිරැසියක්..E Sub එකක් කියලා තිබුණත් තියෙන්නේ ඒ බෙංගාලි සබ් එකේ ට්‍රාන්ස්ලේට් එකක්..ඉතින් ඒ බෙංගාලි සබ් එක ට්‍රාන්ස්ලේට් කරාම එන අමුතු අමුතු වචන ඔයාලටත් ගූගල් ට්‍රාන්ස්ලේට් කරොත් බලාගන්න පුලුවන් වෙයි…ඒ නිසා ඒ සේරම අත් ඇරලා දාලා මේ වැඩේ මම කරන්න හිතුවා..ඉතින් මොනවා වුණත් සබ් එක කරන එක නවත්තන්න හිත දුන්නැති නිසා මගේ පලවෙනි සෘජු පරිවර්තනය විදියට මේ ෆිලිම් එකට ටයිම් ලයින් හදලා මම මේ උපසිරැසිය කරා..ඉතින් මගේ පළවෙනි සෘජු පරිවර්තනය නිසා සුලු සුලු අත් වැරදි තියෙන්න පුලුවන්..එහෙම අත් වැරදි තියනවනම් ඒවට සමාවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ..කොහොම හරි අන්තිමට මට පුලුවන් උපරිමෙන් ඔයාලගේ රසවින්දය වෙනුවෙන් මේ උපසිරැසිය අරගෙන ඇවිත් තියනවා…එහෙනම් ගිහින් එන්නම්..ආපහු දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..එහෙනම් කොල්ලා අපි ගියා..හැමෝටම,

බුදු සරණයි..දෙවි පිහිටයි..

Original title Operation Alamelamma
IMDb Rating 7.9 1,103 votes
TMDb Rating 8.3 6 votes

Director

Suni
Director

Cast

Rishi isPurmy
Purmy
Rajesh Nataranga isPolice Inspector
Police Inspector

Similar titles

The Ghost (2022) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
G20
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Madgaon Express (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published