Video Sources 1437 Views

  • Watch trailer
Raya and the Last Dragon (2021) Sinhala Subtitles

Raya and the Last Dragon (2021) Sinhala Subtitles

A quest to save her world.Mar. 03, 2021USA107 Min.PG
Your rating: 0
7.5 2 votes

Synopsis

(Raya and the Last Dragon (2021) Sinhala Sub) හැමෝටම සුබ දවසක්! හැමදාමත් වගේ අදත් මේ අරගෙන තවත් ලස්සන චිත්‍රපටියක සිංහල උපසිඇසියක්. මේ මාසෙ 05 වෙනිදා Disney+ හරහා විකාශය වුණු සුපිරි ඇනිමේ චිත්‍රපටියක් වෙන “Raya and the Last Dragon 2021” චිත්‍රපටිය තමයි මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන එන්නෙ. මේක කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම පහළට ගිහින් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරලා උපසිරැසිය බාගෙන යන්න කිසිම තරහක් නෑ 

මේ අරගෙන එන උපසිරැසිය ඔයාලට නිකම්ම නිකන් උපසිරැසියක් වුණාට මට හුඟක් විශේෂ උපසිරැසියක්. මොකද කිව්වොත් මේක මගේ 100 වෙනි උපසිරැසි ගැන්වීම. 100 ක් නම් මොකක්ද නේද? ? එහෙම තමයි හැමෝම හිතන්නෙ. උපසිරැසි කරන අය ඇරුණම අනිත් හැමෝම හිතන්නෙ මේ වැඩේ මාර ලේසියි කියලා ? ඒ විතරක් නෙවෙයි සම(හරක්) හිතාගෙන ඉන්නවා උපසිරැසි කරලා මේ විදිහට වෙබ් අඩවියට දැම්මම එයාලට සල්ලි හම්බවෙනවා කියලා. එහෙම කිසිම විදිහක දෙයක් උපසිරැසි කරන කෙනෙකුට ලැබෙන්නෙ නෑ. උපසිරැසි කරන කොයි කවුරුත් ඒවා කරන්නෙ ආසාවට වගේම හිතේ සතුටට… කොටින්ම කිව්වොත් දාර ඉත්තෑවෙක් ඉන්න අය තමයි පැය ගාණක් එක තැනක ඉඳගෙන මොනිටරේ දිහා බලාගෙන උපසිරැසියක් කරන්නෙ. ඒකෙ එයාලට ලැබෙන්නෙ සතුට විතරක් මිසක් වෙන මොකුත් ලැබෙන්නෙ නෑ. ඒවා කිව්වට වැඩක් නෑ, ඒක තේරෙන්නෙ උපසිරැසියක් කරලම බලන්න ඕන. මම කියනවට නිකන් ඉන්න දවසක උපසිරැසියක් කරලා බලන්න ඔයාලටම ඒක තේරෙයි ?

මම මුලින්ම උපසිරැසි කරන්න පටන් ගත්තෙ “Arthdal Chronicles” කියන කොරියානු කතා මාලාවෙන්. මුල ඉඳලම ඉතින් සිනෙරූ එකේ තමා ඉන්නෙ ? ඒකෙනම් වෙනසක් වෙන්නෙ නෑ, මොකද කිව්වොත් ඔය කෝකටත් වඩා එකමුතුවෙන් ඉන්න සුපිරි ටීම් එකක් අපිට ඉන්නවා. “සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල” කියලා කියන්නෙත් නිකන් නෙවෙයිනෙ. මුලින්ම කරපු උපසිරැසි දිහා දැන් බලකොට නම් ඒවගෙ හුඟක් අඩුපාඩු තියෙනවා කියලා තේරෙනවා. ඒත් ඉතින් ඒ අඩුපාඩු හදාගෙන අද වෙනකොට හොඳ ගුණාත්මක උපසිරැසියක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න පුළුවන් වුණා. මේ විදිහට අරගෙන එන උපසිරැසියක් ගාණෙ මීළඟ උපසිරැසිය කරන්න හයියක් වුණේ පහළින් වැටෙන කනෙන්ට් එක වගේම ලබාදුන්න උපසිරැසිය ඩවුන්ලෝඩ් සංඛ්යාව. සමහර අයනම් හැමදාමත් කමෙන්ට් එකක් දාලා යනවා. ඒවගේම කමෙන්ට් නොදා යන අයත් හුඟක් ඉන්නවා ඒ දෙගොල්ලම ආදරෙන් මතක් කරනවා. එහෙනම් මගේ කතාව කිව්වා ඇති දැන් මේ කතාව ගැන පොඩ්ඩක් බලමු.

අවුරුදු 500 කට කලින් කුමන්ඩ්රා කියලා දේශයක් තියෙනවා. මුල් කාලෙදි මේ දෙශයේ මිනිස්සු හුඟක් සමගියෙන් එකමුතුව ජීවත් වුණා. ඒ වගේම තමයි මේ දේශයේ විවිධ මායා බලයන්ගෙන් සමන්විත මකුරු එක්ක තමයි මිනිස්සු ජීවත් වුණේ. මේ කුමන්ඩ්‍රා දේශය මකරෙකුගෙ හැඩේට තමයි තියෙන්නේ. මේක නිර්මාණය වුණු විදිහ ගැන එහෙම නම් සඳහනක් නෑ. පහළ මම දාලා තියන පොටෝ එකේ කුමන්ඩ්‍රා දේශය වගේම යම් සිදුවීමකින් පස්සෙ ඒ දේශය බෙදුන භූමි පහත් පැහැදිලි කරකා දීලා තියෙනවා

මුල් කුමන්ඩ්‍රා දේශය සහ සිදුවීමෙන් පසුව වෙන් වූ භූමි පහ

ඒ විදිහට සාමයෙන් සමගියෙන් ජීවත්වෙලා ඉන්නකොට එක පාරටම ඩෲන් කියලා ජීවීන් වගයක් මේ දේශයට එනවා. මෙන්න මේ ජීවීන් ආවට පස්සෙ එයාලා අළු සහ ගල් විතරක් ඉතුරුවෙන්න අනිත් හැම ජීවී දෙයක්ම ආහාරයට ගන්න පටන් ගත්තා. මිනිස්සුත් ඇතුළුව. ආහාරයට ගන්නවා කිව්වට මේකෙදි වෙන්නෙ ඒ ජීවීන් ස්පර්ශ කරන හැම ජීවී දෙයක්ම ගල් පිළිම බවට පත්වෙනවා ?? මේ විදිහට ඩෲන්ලා එක මනුස්සයෙක්ට මේ දේ කරහම ඩෲන්ලා දෙගුණ වෙනවා. එයාලා වසංගතයක් වගේ හුඟක් ඉක්මන්ට පැතිරුණා. මේ ඩෲන්ලට එරෙහිව මකුරු පුළුවන් උපරිමයෙන් මිනිස් වර්ගයාව බේරගන්න සටන් කරා. ඒත් ඒක ප්‍රමාණවත් වුණේ නෑ. හැබැයි අන්තිමේදි “සිසුඩාටු” කියන බලවත් මකරා අන්තිමට ඉතුරුවෙලා හිටපු මකරුන්ගෙ බලය අරගෙන “මකර මැණිකක්” නිර්මාණය කරලා ඩෲන්ලගෙ ලෝකය බේරගන්නවා. හැබැයි එතනින් පස්සෙ මේ “කුමන්ඩ්‍රා දේශය” කොටස් පහකට බෙදෙනවා. බෙදෙනවා කියන්නෙ මිනිස්සුන්ගෙ තියන බල තණ්හාව බෙදාගන්නවා.

ඒ බෙදාගන්න කොටස් පහ තමයි “Heart, Talon, Tail, Spine සහ Fang” කියන නම් වලින් හඳුන්වන්නෙ. මේ නම්වල තේරුම් එන්නෙ මකරගෙ විවිධ තැන්වල පිහිටීම අනූව මේ භූමි පිහිටලා තියන නිසා. ‍මේ බෙදාගැනීමෙන් පස්සෙ අර “මකර මැණික” හාර්ට් කියන දේශයේ ප්‍රධානියා සඟවගෙන ආරක්ෂා කරනවා. ඔන්න ඔතනදි අන්තිම භූමි හතරෙ ප්‍රධානීන් හිතන්නෙ මේ මැණික නිසා සරුසාරබව ලැබෙනවා කියලා. ඒ නිසා ඒ මැණික අරගන්න තමයි හැම භූමි ප්‍රධානියෙක්ම වගේ බලාගෙන ඉන්න. ඒත් ඉතින් ඒ මැණික නිසා තමයි අර ඩෲන්ලා කියන සත්තුන්ගෙන් මිනිස්සු බේරිලා ඉන්නෙ. දවස යම් සිදුවීමක් නිසා මේ මකර මැණික බිම වැටිලා කෑලි පහකට කැඩෙනවා. ඒ වෙලාවෙදි ආයෙමත් අර ඩෲන්ලා කියන ජීවීන් මේ දේශයට එන්න පටන් ගන්නවා. මැණිකෙ කෑලි පහ භූමීන් පහේ ප්‍රධානීන් අරගෙන යනවා.

Heart/හාර්ට් කියන්නෙ මකරගෙ හදවත තියන තැන පිහිටලා තියන භූමිය. Spine/ස්පයින් කියන්නෙ මකරගෙ කොඳු ඇටපෙළ පිහිටලා තියන තැන තියන භූමිය

ඔන්න ඔය වගේ අනිත් ඒවටත් ඔහොම තේරුම් තියෙනවා. මම පහළ ඒ පොටෝ එකක් දාන්නම් ඒ ඒ භූමිවල මේ වෙනකොට ඉන්න ප්‍රධානීන්ගෙ ජායාරූප තියන එකක්. එතකොට ඔයාලට තව ලේසි වෙයි. 

භූමි පහේ ප්‍රධානීන් පස්දෙනා

මම උඩ කියපු සිදුවීමෙන් පස්සෙ ඒ දේශය ආයෙත් එකමුතු කරන්න “රායා” දරණ උත්සහය තමයි මේ චිත්‍රපටියෙදි අපිට බලාගන්න තියෙන්නෙ. රායට ආයෙත් මේ කුමන්ඩ්‍රා දේශය ඩෲන්ලගෙන් බේරගන්න ඕනි නම් ආයෙත් අර මැණිකෙ කෑලි එකතු කරලා ඒක හදන්න ඕන. හැබැයි ඒක කරන්න මකරෙකුත් ඕන. මෙයා ඒක කොහොම කරයිද? ඒක කරන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලම චිත්‍රපටිය බලලා දැනගන්න. ? මේ චිත්‍රපටියෙ අනිත් තොරතුරු පැත්තට ගියොත් IMDb 7.1 ක අගයක් වගේම Rotten Tomatoes හී 96% ක අගයකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. ඒ වගේම 78% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා ?? ඇත්තටන කිව්වොත් Disney ලා කාලෙකින් කරපු සුපිරි චිත්‍රපටියක් තමයි මේක. මාරම විදිහට Enjoy කරන්න පුළුවන්. පොඩි කොමඩි ගතියකුත් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ෆයිට් එහෙමත් සුපිරියට තියෙනවා.

එහෙනම් මේ සුපිරිය ඇනිමේ එකත් බලලම ඉන්න. තවත් උපසිරැසියකින් මුණගැහහෙමු.

Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Original title Raya and the Last Dragon
IMDb Rating 7.3 157,455 votes
TMDb Rating 7.93 5,952 votes

Director

Don Hall
Director

Cast

Kelly Marie Tran isRaya (voice)
Raya (voice)
Awkwafina isSisu (voice)
Sisu (voice)
Izaac Wang isBoun (voice)
Boun (voice)
Gemma Chan isNamaari (voice)
Namaari (voice)
Daniel Dae Kim isBenja (voice)
Benja (voice)
Benedict Wong isTong (voice)
Tong (voice)
Jona Xiao isYoung Namaari (voice)
Young Namaari (voice)
Sandra Oh isVirana (voice)
Virana (voice)
Thalia Tran isLittle Noi (voice)
Little Noi (voice)
Lucille Soong isDang Hu (voice)
Dang Hu (voice)

Similar titles

Radhe (2021) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
Chaos Walking (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published