Video Sources 1239 Views

  • Watch trailer
Collide (2016) Sinhala Subtitles

Collide (2016) Sinhala Subtitles

Jun. 10, 2016Germany98 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

(Collide (2016) Sinhala Subtitles ) හේතු, අපි හැමකෙනෙක්ට ජීවිතයේ පිස්සු විකාර දේවල් කරන්න හේතු තියෙනවා.
නමුත් හේතුව ආදරය නම්, සමහරවිට ඒක එච්චරම පිස්සුවක් නැතිවෙන්න පුලුවන්.

2016 වසරේ ආපු ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයේ චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eran Creevy විසින්. Warm Bodies (2013) චිත්‍රපටයේ හිටිය Nicholas Hoult හා Inferno (2016) හා දැනට තිරගත වන Rogue One: A Star Wars Story (2016) චිත්‍රපටයේ ඉන්න Felicity Jones නම් නිළියත් සුප්‍රසිද්ධ නලුවන් දෙපළක් වන Ben Kingsley හා Anthony Hopkins වත් මෙහි දැකගන්න පුලුවන්.මේක බෙදාහැරලා තියෙන්නේ Open Road Films විසින්.

කතාව ගැන කියනවනම් කේසි ස්ටයින් (Nicholas Hoult ) කියන්නේ ඇමරිකාවේ ඉඳන් ජර්මනියට ගිහින් පොඩි පොඩි මගඩි කරලා සල්ලි හොයන කෙනෙක්.ඇමරිකාවෙත් ඔය වගේ පොඩි පොඩි සීන් කෝන් වලට පැටලිලා තමයි මෙහෙට ඇවිත් ඉන්නේ.ජර්මනයේදී මෙයාට ජුලියට් මාර්න් (Felicity Jones) කියලා ගැහැණු ළමයෙක්ව මුණගැහෙනවා.එයත් පවුලේ ප්‍රශ්න වගයක් හින්දා ජර්මනියට ඇවිත් ඉන්න කෙනෙක්.කොහොමහරි කේසි,ජුලියට් ට ලයින් පාරක් දානවා,පෙම් හමුවකට එන්න කියලා කේසි, ජුලියට් ට ආරාධනා කරත් ඇය ඒක ප්‍රත්ක්ෂේප කරනවා.දැනට ඔය කරන් ඉන්න පොඩි පොඩි මගඩි ටික නවත්තලා වෙන හොඳ අතක් බලාගත්තොත් පෙම් හමුවකට එන්නම් කියලත් ජුලියට්,කේසිට කියනවා.ඔන්න ජුලියට් ට තියෙන ආදරේ හින්දා කේසි ඔක්කොම වැඩ නවත්ත දාලා ඇඟ වෙහෙසලා වැඩ කරන්න පටන් ගන්නවා.ඉතින් ඔන්න ජුලියට් ,කේසි එක්ක පෙම් හමුවකට එනවා.කොහොමහරි දෙන්නත් එක්ක එක වහලක් යට ඉන්නත් පුලුවන් වෙනවා.ඔහොම දෙන්නත් එක්ක සීතලේ එලිමහනේ සතුටින් ඉන්න අතර වාරයේ ජුලියට්ට එකපාරටම සිහි නැතිවෙනවා.පස්සේ තමයි දැනගන්නේ ඇයව හොඳ කරන්න ලොකු මුදලක් ඕන කරනවා කියලා.ජුලියට්,කේසිට ආයේ නරක වැඩ නොකර ඉන්න කියලා කිව්වත් කේසි කියන දේ අහන්නැතුව එයාගේ යාලුවෙක් එක්ක කලින් වැඩ කරපු තැනට ගිහින් ලොකු වැඩකට අත ගහනවා.ඒක නම් එසේ මෙසේ වැඩක් නෙවෙයි.ලොකු ධනවතෙක්ගේ ට්‍රක් එකක් කොල්ලකන වැඩක් තමයි මෙයාලට බාර වෙන්නේ.මේක කොල්ලකන්න ගිහින් කේසි ව ලොකු කරදරේක පැටලෙනවා.මේක හින්දා,කේසි විතරක් නම් මදැයි ජුලියට් ත් ඒ වලේම වැටෙන්න වෙනවා.පෙම් යුවළට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්නකො එහෙනම්..විනාඩි 99ක් පුරාවටම කිසිදු කම්මැලිකමකින් තොරව රසවිඳින්න පුලුවන් චිත්‍රපටයක් කියලත් මතක් කරන්න ඕන.

Collide (2016) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Original title Collide
IMDb Rating 5.6 16,703 votes
TMDb Rating 5.5 517 votes

Similar titles

Armor (2024) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published