(Xtreme (2021) Sinhala Subtitles) මැක්ස් තවත් ජෝන්වික් කෙනෙක්ද ? නැත්නම් ඊටත් එහා ගිය කෙනෙක්ද ? මටනම් හිතුනේ ඊටත් එහා ගිය කෙනෙක් කියල. ඔයලට මොනවද හිතෙන්නේ කියල බලල කියන්න.මේක ජුනි 04 වෙනිදා Netflix හරහා රිලිස්වුන එකක්. IMDb 5.9 අගයක් ලබාගෙන තියෙනවා. මගේ අනුවනම් මේ අගය මදි කියන එකයි. ඒක ඔයාල බැලුවම තේරෙයි. ෆිල්ම් එක තිරයෙ ඇදෙන කාලයනම් ටිකක් වැඩියි වගේ තේරෙයි ඒ පැයක් හා විනාඩි 51 ක් නිසා. නමුත් මූවි එක බලන කෙනෙකුට ඒක දැනෙන එකක් නෑ. ඔබට දැනෙන්නේ ජේසන් ස්ටැතම් හා වෑන් ඩෑම් එකතුවෙලා තැනුන කෙනෙක්ගේ මූවි එකක් බලනවා වගේ.
මොකක්ද කියන්න ඕනේ මේ මූවි එක ගැන. මේ වසරේ නෑ… මෑතකදීම මා දුටු සාර්ථක සටන් ජවනිකා සමග හොද තිර රචනයක් සෙට්වුන සිනමාවක්. සටන් කිව්වම මොන වගේ සටන්ද කියන ප්රශ්නයක් එනවා. හොලිවුඩ් නම් ප්රසිද්ධ වෙඩි තියාගන්නවටයි පිහියෙන් අනින ඒවට, කොරියන් චීනනම් ඉතින් ප්රසිද්ධ කඩු හරබයට. වියට්නාම් කිව්වම ඉතින් කික් බොක්සින් වගේ මිශ්ර මාෂල් ආට්ස්වලට. එතකොට මේ ස්පැනිෂ් මොකටද ප්රසිද්ධ ? ඒ අය ප්රසිද්ධ වුනේ ත්රිලර් සස්පෙන්ස් මූවිස්වලට. නමුත් මේ පාර කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඉහත කියපු රටවල්වල්වට ආවේණික ප්රසිද්ධ සටන් සිනමාවම එක්තැන් කරල එක්ස්ට්රීම් කියල සිනමාපටයක් සටන් සිනමාවට ලැදි රසිකයන්ට දීල තියෙනවා. සටන් ජවනිකාවලට කැමති රසිකයන් අනිවාර්යයෙන් නැරැඹීය යුතු සිනමාවක් ලෙස ඉහලින්ම රෙකමාදු කරනවා.
මේක නිෂ්පාදනය කරල තියෙන්නේ Hitman 2 නිෂ්පාදක Daniel Benmayor විසින්. ප්රධාන චරිත මෙහෙයවන්නේ Maximo ලෙස Teo García ද Lucero ලෙස Óscar Jaenada මේ දෙදෙනාම සටන්කලාවේ ප්රවීන නලුවන් දෙදෙනෙක් වෙනවා. Teo García අපට මතක් කරල දෙන්නේ ප්රවීන නලු වෑන් ඩෑම්වයි.
ලිපියේ අයිතිය Peter Barthelot සහෝදරයා සතුයි