Video Sources 1177 Views

  • Watch trailer
Xtreme (2021) Sinhala Subtitles

Xtreme (2021) Sinhala Subtitles

Running away is not an option. Revenge is his only plan.Jun. 04, 2021Spain111 Min.TV-MA
Your rating: 0
7 1 vote

Synopsis

(Xtreme (2021) Sinhala Subtitles) මැක්ස් තවත් ජෝන්වික් කෙනෙක්ද ? නැත්නම් ඊටත් එහා ගිය කෙනෙක්ද ? මටනම් හිතුනේ ඊටත් එහා ගිය කෙනෙක් කියල. ඔයලට මොනවද හිතෙන්නේ කියල බලල කියන්න.මේක ජුනි 04 වෙනිදා Netflix හරහා රිලිස්වුන එකක්. IMDb 5.9 අගයක් ලබාගෙන තියෙනවා. මගේ අනුවනම් මේ අගය මදි කියන එකයි. ඒක ඔයාල බැලුවම තේරෙයි. ෆිල්ම් එක තිරයෙ ඇදෙන කාලයනම් ටිකක් වැඩියි වගේ තේරෙයි ඒ පැයක් හා විනාඩි 51 ක් නිසා. නමුත් මූවි එක බලන කෙනෙකුට ඒක දැනෙන එකක් නෑ. ඔබට දැනෙන්නේ ජේසන් ස්ටැතම් හා වෑන් ඩෑම් එකතුවෙලා තැනුන කෙනෙක්ගේ මූවි එකක් බලනවා වගේ.

මොකක්ද කියන්න ඕනේ මේ මූවි එක ගැන. මේ වසරේ නෑ… මෑතකදීම මා දුටු සාර්ථක සටන් ජවනිකා සමග හොද තිර රචනයක් සෙට්වුන සිනමාවක්. සටන් කිව්වම මොන වගේ සටන්ද කියන ප්රශ්නයක් එනවා. හොලිවුඩ් නම් ප්රසිද්ධ වෙඩි තියාගන්නවටයි පිහියෙන් අනින ඒවට, කොරියන් චීනනම් ඉතින් ප්රසිද්ධ කඩු හරබයට. වියට්නාම් කිව්වම ඉතින් කික් බොක්සින් වගේ මිශ්ර මාෂල් ආට්ස්වලට. එතකොට මේ ස්පැනිෂ් මොකටද ප්රසිද්ධ ? ඒ අය ප්රසිද්ධ වුනේ ත්රිලර් සස්පෙන්ස් මූවිස්වලට. නමුත් මේ පාර කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඉහත කියපු රටවල්වල්වට ආවේණික ප්රසිද්ධ සටන් සිනමාවම එක්තැන් කරල එක්ස්ට්රීම් කියල සිනමාපටයක් සටන් සිනමාවට ලැදි රසිකයන්ට දීල තියෙනවා. සටන් ජවනිකාවලට කැමති රසිකයන් අනිවාර්යයෙන් නැරැඹීය යුතු සිනමාවක් ලෙස ඉහලින්ම රෙකමාදු කරනවා.

මේක නිෂ්පාදනය කරල තියෙන්නේ Hitman 2 නිෂ්පාදක Daniel Benmayor විසින්. ප්රධාන චරිත මෙහෙයවන්නේ Maximo ලෙස Teo García ද Lucero ලෙස Óscar Jaenada මේ දෙදෙනාම සටන්කලාවේ ප්රවීන නලුවන් දෙදෙනෙක් වෙනවා. Teo García අපට මතක් කරල දෙන්නේ ප්රවීන නලු වෑන් ඩෑම්වයි.

සංගීතය හා කැමරාකරණය ඉතාම ඉහල තත්වයෙන් තියෙනවා. ඒ කැමරාකරණය Daniel Aranyó විසින්ද සංගීතය Julio de la Rosa විසින් දායකත්වය සපයා ඇත.දැන් අපි කතාව ටිකක් බලමු. මැක්ස් කියන්නේ කල්ලියක මිනි මරුවෙක් මැරයෙක් විදියට වැඩකරන්නේ. ලොක්කා එයාට හා එයාගේ මැරයන් කිහීප දෙනෙක්ට සලකන්නේ තමන්ගෙම දරුවන්ට වගේ. එයාගේම දරුවෙක් වෙන්නේ Lucero. මේ Lucero කියන්නේ ජපානේ Yakuza කෙනෙක්. යකුසා කියන්නේ ජපානෙ මහා භයානක පාතාල සංවිධානයක සාමාජිකයෙක්. මොවුන් මහා භයානක දරුණුතම මිනිමරුවන් වගේම සටන් කලාවේ අගතැන්පත්. ඉතින් මේ ලොක්කා Lucero වයි මැක්ස්වයි යවනවා ගනුදෙනුවක් පියවන්න කියල. ගනුදෙනුව පියවනවා වෙනුවට එතැන මේ දෙන්නා කරන්නෙ සමුල ඝාතනයක්. මැක්ස් මේකට වැඩි කැමැත්තක් නෑ. ඒ වගෙම තාත්තා කැමතිවෙන්නේත් නෑ. ඔන්න මේ Yakuza මොනවගේ තීරණයක් ගනීද ? බලන්නම ඕනෙ දැනගන්න.
 
“මිනිමැරීමෙන් ප්රශ්න විසඳන්න හා ජයගන්න පුලුවන් නම් මේ ලෝකය ලේ විලක් වනු නො අනුමානය”

ලිපියේ අයිතිය Peter Barthelot සහෝදරයා සතුයි

Xtreme (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Original title Xtremo
IMDb Rating 5.8 4,649 votes
TMDb Rating 6.5 210 votes

Similar titles

The Sabarmati Report (2024) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
The Crow (2024) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles
Kaduva (2022) Sinhala Subtitles
The Smile Man (2024) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
Raja Vikramarka (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published