Video Sources 3582 Views

  • Watch trailer
Uppena (2021) Sinhala Subtitles

Uppena (2021) Sinhala Subtitles

Feb. 12, 2021India147 Min.TV-14
Your rating: 0
10 2 votes

Synopsis

(Uppena (2021) Sinhala Sub)
සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය සිනමා රසික ඔබ සැමට..!!

ඔන්න ගොඩ දෙනෙක් අසාවෙන් බලාගෙන හිටපු තවත් සුපිරිම තෙලිඟු චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල තමයි මම අරගෙන ආවේ.කොරෝනා නිසා කල් ගිය තවත් චිත්‍රපටයක් තමයි මේකත්.

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.Uppena කියන්නෙ Drama | Romance කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.2019 ජනවාරි පූජා උත්සවය තියල මැයි මාසය වෙනකොට රූගත කිරීම් ආරම්භ කරපු Uppena 2020 ජනවාරි වෙනකොට රූගත කිරීම් සම්පූර්ණ කලා.ඉතින් 2020 වසරේදි සිනමාශාලාවල තිරගත කිරීමට තිබුනත් කොරෝනා වෛරසය සියලු බලාපොරොත්තු සුන් කර දැමීමට පස්සෙ වසරකටත් අධික කාලයකටත් පස්සෙ 2021 පෙබරවාරි 11 තමයි සිනමාශාලාවල තිරගත කිරීම ආරම්භ කලේ.
නමුත් කොරෝනා අතරතුර ඩිජිටල් මාධ්‍ය හරහා නිකුත් කරන ආරංචියක් පැතිරගියත් ඒ අවසරය චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබුනේ නෑ.නමුත් ඒ ගැන කිසිදු කලකීරීමක් ඉතුරු නොකරම Uppena බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 75ක් සමඟින් කෝටි 100 ද පසුකර යමින් ට්‍රිපල් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් බවට පත් වුනා.චිත්‍රපටය වෙනුවෙන් වියදම් දරා තියෙන්නෙත් ඉන්දියානු රුපියල් කෝටි 22 ක් පමණයි.ඒ වගේම මෙතෙක් 2021 වසරේ තෙලිඟු චිත්‍රපට වෙනුවෙන් ලබාගත් ඉහලම ආදායමත් මෙය වනවා.

චිත්‍රපටය මේ විදියට සාර්තක වෙන්නත් රසික අපි අතට පත් කරන්න මූලික වුන පුද්ගලයො ගැන කතා කරමු.

චිත්‍රපටය අධ්‍යක්ශණය සිදු කලේ Buchchi Banu Sana විසින්.ඒ වගේම Naveen Yerneni , Y. Ravi Shankar සමඟින් Sukumar තුන්කට්ටුවගේ නිෂ්පාදනයෙන්  Mytri Movies Makers බැනරය යටතේ තමයි චිත්‍රපටය රසිකයින් අතර එන්නේ.චිත්‍රපටයේ මහත් අවධානයක් යොමු කෙරෙන සංගීතයට දායකත්වයක් දුන්නෙ Devi Sri Prasad විසින්.

චිත්‍රපටයෙ රංගන දායකත්වය ගැන කතා කරනකොට තෙලිඟු සිනමාවට තරු බිහි කරන මෙගා ෆැමිලියෙන් තෙලිඟු සිනමාවට එන Sai Dharam Tej ගේ සොහොයුරු Panja Vaisshnav Tej තෙලිඟු සිනමාවට ප්‍රධාන නලුවා විදියට පා තබන්නෙ මේ චිත්‍රපටය එක්ක.ඒ වගේම තවමත් අවුරුදු 17 ක් වගේ ලාබාල වයසකින් තෙලිඟු සිනමාවට එන්න වරම් ලබන සුරූපී Kriti Shetty තමයි ප්‍රධාන නිලිය විදියට එකතු වෙන්නෙ.ඊට අමතරව දමිළ සිනමාවේ විශිෂ්ඨ නලුවා Vijay Sethupathi ද මේ සඳහා රංගනයෙන් එක් වෙනවා.ඉතින් දැනටමත් පේනවනේ.නවක නලු නිලියන් යොදාගෙන නිමවුන චිත්‍රපටයක් වෙලත් කොයිතරම් සාර්තක ගමනක් Uppena ඇවිත් තියෙනවද කියලා.
කියවනම් තව අපූරු දේවල් රැසක් තියෙනව චිත්‍රපටය ගැන.ඒත් ඉතින් මං දැන් කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් මේ බේබම්මට ලස්සන නමක් තියෙනව ඇත්තට ෆිල්ම් එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.ඉතින් බේබම්මගෙ තාත්තා රායනම් පවුලේ ගෞරවය ගැන ඔලුව උදුම්මගත්ත කෙනෙක්.ඉතින් බේබම්මත් ආසිට ආදරේ කරන්න ගත්තොත් මේ කුල දෙකක ආදර කතාව මොන අතකට ගලා යයිද..?

krithi shetty

ෆිල්ම් එක බලල ඔයාලම දැනගන්න.එහෙනම් තව විශේෂ ඉල්ලීමක් තියෙනව.චිත්‍රපටය පුරාවට ලස්සන සින්දු ටිකකුත් බලාගන්න පුළුවන් මං ඒවටත් උපසිරැසි දාල තියෙන්නෙ පොඩ්ඩක්වත් ස්කිප් නොකර රසවිඳින්න.

ඒවගේම අද දින දෙවන සංවත්සරය සමරන අපේ සිනෙරූ වෙබ් අඩවියට මගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.මේ වගේ කෙටි කාලෙකදි මෙච්චර ලොකු ගමනක් අපිට එන්න පුළුවන් උනේ ඔයාලගේ ධෛර්යය නිසාමයි.ඉතින් දිගටම රැදෙන්න අපි එක්කම. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

ඔබට ජය !

Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Original title ఉప్పెన
IMDb Rating 6.5 4,093 votes
TMDb Rating 5.643 14 votes

Director

Cast

Krithi Shetty isSangeetha
Sangeetha
Gayatri Jayaraman isRayanam's Wife
Rayanam's Wife
Sai Chand isJalayya
Jalayya
Mamilla Shailaja Priya isRayanam's sister
Rayanam's sister
Pithamagan Mahadevan isRayanam's father
Rayanam's father
Ravi Varma isRayanam's henchman
Rayanam's henchman

Similar titles

Dhoom Dhaam (2025) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Havoc (2025) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Biriyaani (2019) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published