Video Sources 9328 Views

  • Watch trailer
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles

New adventure. New rival.Dec. 19, 2024Japan110 Min.PG
Your rating: 0
9.6 7 votes

Synopsis

(Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles) (Sonic the Hedgehog 3 (2024) Sinhala Sub) (Sonic the Hedgehog 3 Sinhala Subtitles) (Sonic the Hedgehog 3 Sinhala Sub) (Sonic the Hedgehog (2024) Sinhala Subtitles) (Sonic the Hedgehog (2024) Sinhala Sub)
 
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.ඒ වගේම කියන්න ඕන උපසිරසි හදන එකේ අද මට විශේෂ දවසක්. මොකද මේ මගේ තුන්වෙනි උපසිරසි කඩයිම, ඒ කියන්නේ 150වෙනි උපසිරසි නිර්මාණය. ඉතින් මේ වෙනකල් උදව් කරපු සයිට් එකේ සහෝදරයෝ වගේම උපසිරසි ඩවුන්ලෝඩ් කරන, කමෙන්ට් කරන හැමෝටමත් ස්තූතියි.

හරි අපි චිත්‍රපටියට යමු දැන්.
සොනික් කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චරිතයක්. මොකද සිරස නාලිකාවෙන් සිංහල හඬ කවලා ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම පුංචි කාලේ මේක බලලා තියෙනවා. සොනික් කියන්නෙ Sega කියන ජපන් පරිඝණක ක්‍රීඩා නිර්මාණය කරන ආයතනය මගින් නිර්මාණය කරපු පරිඝණක ක්‍රීඩාවක්. ඒ පරිඝණක ක්‍රීඩාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටි නිර්මාණය වෙන්නේ.

ඉතිං මේ Sonic the Hedgehog චිත්‍රපටි මාලාවේ 3වෙනි චිත්‍රපටිය. මීට කලින් 2020 සහ 2022 අවුරුදු වලදි අනිත් චිත්‍රපටි නිකුත්වුණා වගේම අනිවාරෙන්ම ඔයාලා බලන්නත් ඇති.

Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු විදිහට Jeff Fowler. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 50ක් වෙනවා වගේම බෙදාහරින්නේ Paramount Pictures ආයතයනය. ඩොලර් මිලියන 122ක වියදමක් දරල නිමවුණ චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් මිලියන 390කට ආසන්න හොඳ ආදායමක් උපයලා තියනවා.

2වෙනි චිත්‍රපටියේ හිටපු චරිත ටික අපිට මේ චිත්‍රපටියේදිත් දකින්න ලැබෙනවා. ඒත් එක්කම තවත් අලුත් චරිත කිහිපයක් දකින්න ලැබෙනවා. Keanu Reeves විසින් නිරූපණය කරන ෂැඩෝ චරිතය මේකෙදී දකින්න ලැබෙනවා.

ෂැඩෝගේ පැමිණීම ගැන අපිට 2වෙනි චිත්‍රපටිය අවසානයේදී ඉඟියක් දෙනවනේ. ඒත් එක්කම රොබොට්නික්ගේ සීයාවත් අපිට දකින්න ලැබෙනවා. සුපුරුදු පරිදි Jim Carrey රොබොට්නික් චරිතය කරනවා. රොබොට්නික්ගේ සීයත් එයාම තමයි.

හරි අපි මුලක ඉදලා කතාව සාරංශ කරගමු පරණ මතක ටික අලුත් කරගන්නත් එක්කම,

Sonic the Hedgehog (2020)
——————————

සොනික් පෘථිවියට එන්නෙ එයාගේ බලය උදුරගන්න හදන සතුරන්ගෙන් බේරෙන්න හිතාගෙන. මෙහෙදී එයාට හොඳ යාලුවෙක් හම්බවෙනවා වගේම ප්‍රභල සතුරෙක් වුණ රොබොට්නික්ව මුණගැහෙනවා. සටන් කරලා අන්තිමට සොනික් රොබොට්නික්ව හතු වලින් පිරිණු හුදෙකලා ලෝකයකට යවනවා.

Sonic the Hedgehog 2 (2022)
——————————

පළවෙනි චිත්‍රපටයේ අවසානයට හොඳ ආරම්භයක් මේ දෙවෙනි කොටසෙන් ගන්නවා. ඒ රොබොට්නික්ව අතරමං කරපු හතු වලින් පිරිණු හුදෙකලා ලෝකයෙන්ම කතාව පටන් අරගෙන. දවස් 243ක් හතු වලින් ජීවිතේ ගැට ගහගෙන හිටපු රොබොට්නික්ගේ නිර්මාණයක ප්‍රතිඑලයක් විදිහට නකල්ස් මුණගැහෙනවා. නකල්ස් එන්නෙත් සොනික්ව විනාශ කරන අරමුණෙන්. නකල්ස් වගේම තවත් ටේල්ස් කියන අලුත් චරිතය සොනික්ට එකතුවෙනවා යාලුවෙක් විදිහට. නකල්ස් සහ රොබොට්නික් දෙන්නා එකතුවෙලා මාස්ටර් එමරල්ඩ් කියන මැණික අයිති කරගන්න සොනික් එක්ක සටන් කරනවා. අන්තිමට රොබොට්නික් තනියම මැණික අයිති කරගන්න ගිහින් නකල්ස් සොනික් එක්ක එකතුවෙලා රොබොට්නික්ව පරාද කරනවා. නකල්ස් සහ ටේල්ස් කියන චරිත සොනික්, ටොම් සහ මැඩී කියන පවුලට එකතුවෙනවා.

Sonic the Hedgehog 3 (2024)
——————————

ඔයාලට මතක ඇති 2වෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නනවා කලු-රතුපාට සොනික් වගේම ඉත්තෑවෙක්. ඒ තමයි ෂැඩෝ. මේ චිත්‍රපටිය පටන්ගන්නේ අන්න එතනින්. ෂැඩෝ කියන්නේ අවුරුදු 50ක් තිස්සේ හිරකරලා තියාගත්ත හුඟාක් බලවත් කෙනෙක්. ඔව් ඒ කියන්නේ සොනික්ටත් කලින් මෙහෙට ආපු කෙනෙක්. කතාවේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. කවුද මේ ෂැඩෝ කියන්නේ කියලා එහෙම. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකෙදී තවත් අලුත් චරිතයක් පෙන්වනවා යාන්ත්‍රික රොබෝ සොනික් හමුදාවක් එක්ක. හුඟක් දුරට ඒ 4වෙනි චිත්‍රපටියේ පටන්ගැන්ම වෙන්න පුලුවන්.

 

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Original title Sonic the Hedgehog 3
IMDb Rating 7.2 25,541 votes
TMDb Rating 7.589 616 votes

Director

Jeff Fowler
Director

Cast

Jim Carrey isIvo Robotnik / Gerald Robotnik
Ivo Robotnik / Gerald Robotnik
Ben Schwartz isSonic (voice)
Sonic (voice)
Keanu Reeves isShadow (voice)
Shadow (voice)
Idris Elba isKnuckles (voice)
Knuckles (voice)
Lee Majdoub isAgent Stone
Agent Stone
Krysten Ritter isDirector Rockwell
Director Rockwell
Adam Pally isWade Whipple
Wade Whipple

Similar titles

Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Cobra (2022) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published