Video Sources 3722 Views

  • සිංහල උපසිරැසි සමග
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

Pichaikkaran 2 (2023) Sinhala Subtitles

May. 19, 2023India148 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න අද අපේ පීටර් අයියා එක්ක සෙට් වෙලා ලස්සන tamil සලරුවක් ඔයාලට අරන් ආව 😍

මේක අර සම්ප්‍රධායික විදිහේ “හතුරෙක් ඉන්නව, අපේ වීරයට කෙල්ලෙක් ඉන්නව, වීරය හතුරා එක්ක මුළු ෆිල්ම එක පුරාවටම ගේම ඉල්ලනව” වගේ, ජාතියේ ෆිල්ම් එකක් නෙවෙයි කියල මුලින්ම කියනවා ඔන්න…
ෆිල්ම් එකක් බලල ඉවර වෙනකොට ඇහැට කදුලක් එනවා කියන්නේ සාමන්‍යයෙන් කලාතුරකින් සිද්ද වෙන දෙයක්… ඔන්න ඒ ජාතියේ ඉතාමත් සංවේදී වගේම ලස්සන සහ දුප්පත් මිනිහා වෙනුවෙන් කතා කරන, මග හැරගන්නේ නැතුව ඔයාලා බැලිය යුතුම ෆිල්ම් එකක් තමයි මේ අරන් ඇවිල්ල තියෙන්නේ..

මේ ෆිල්ම් එකේ නම දැකපු ගමන්ම ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ 2016 ආව Pichaikkaran කියන tamil ෆිල්ම් එකනේ.. ඔව් මේක ඒ ෆිලුමේ දිගුවක් තමයි..ඒත් අනිවාර්යෙන්ම කියන්න ඕන පලවෙනි ෆිල්ම් එකේ කතාව එක්ක මේකෙ කිසිම සම්බන්දයක් නෑ.. චරිත සියල්ලම එක සමාන උනාට කතා දෙකක්.. ඒ නිසා පලවෙනි එක නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක්‌ නැතුව මේක බලන්න පුළුවන්..

මේකෙ ප්‍රධාන චරිතේ සහ අධ්‍යක්ෂණය
අපි කවුරුත් දන්න Vijay Antony.. Pichaikkaran පලවෙනි චිත්‍රපටයේ කතාව හා අධ්‍යක්ෂණය sasi කියන අධ්‍යක්ෂකවරයා සිදුකරත්, මෙහි කතාව හා අධ්‍යක්ෂණය යන දෙකම විජේ විසින්ම සිදු කිරීම හා නිෂ්පාදනයද විජේගේ බිරිද විසින්ම සිදුකිරීම
විශේෂත්වයක්.. ගොඩක්‌ ලොකු සුපර් ස්ටාර් කෙනෙක් නොවුනත්, එක දිගට ෆිල්ම් ගොඩක් නොකලත්, කරන වැඩේ ගින්දර ටිකට කරන සුපිරි නළුවෙක් 🥰 මොකද මේ චිත්‍රපටිය අවසානෙදි ඔයාලටම ඒක තේරෙයි..

එතකොට මේක රිලීස් වුනේ 19 May 2023 වගේම මේක අයත් වෙන්නෙ science fiction action කියන Category එකට මිනිත්තු 148 ක්‌ පුරාවටම කොටු වෙලා බලන්න පුළුවන් පිස්සු හැදෙන, ගොඩක් ලස්සන සංවේදී චිත්‍රපටියක් කිව්වොත් මං නිවැරදියී…

Cast
Vijay Antony සත්‍යා සහ විජේ ගුරුමූර්ති ලෙසින්
Kavya Thapar හේමා ලෙසින්
Dev Gill අරවින්ද් ලෙසින්
John Vijay ඉලංගෝ ලෙසින්
Hareesh Peradi ඩොක්ටර් ශිවා ලෙසින්
Yogi Babu මැඩී ලෙසිනුත්…

කතාව පැත්තට ගියොත්

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ.. දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..

සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..

මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..

මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා 🥰♥️

අදට ගිහින් එන්නම්..

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Original title பிச்சைக்காரன் 2
IMDb Rating 7.1 623 votes
TMDb Rating 3 1 votes

Similar titles

Tees Maar Khan (2022) Sinhala Subtitles
Ellam Sheriyakum (2022) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Pig (2021) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Agents (2024) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published