Naai Sekar (2022) Sinhala Subtitles

Naai Sekar (2022) Sinhala Subtitles

Jan. 14, 2022India133 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

ඉතින් ඔන්න මේ සැරේ මම ආවේ කාලෙකට පස්සේ ආපු අලුත් දෙමල කොමඩි ෆිල්ම් එකක් අරගෙන.. මේක අපේ කොමඩි නළු “සතිෂ් ” ගේ මුල්ම ප්‍රධාන නළුවා විදිහට රඟපාන ෆිල්ම් එක මම හරි නම්.. මේ ෆිල්ම් ඒකෙ ඔරිගිනල් ආවා උනත් සබ් එකක් තිබ්බේ නැහැ.. තිබ්බ සබ් එක වීඩියෝ කොපියටම අල්ලලා තිබ්බේ.. ඒ නිසා මට මේකේ ටයිම් ලයින් මුල ඉඳලා හදලා තමයි සබ කරගෙන යන්න උනේ.. ඉතින් පට්ට ලයින් ගොඩක් තියෙනවා..

සබ් කරන අය නම් දන්නවා මහන්සිය.. ඔයාලා වෙනුවෙන් සහ අපේ සයිට් එක වෙනුවෙන් ඕවා නම් මොනාද කියලා මම ඉතින් වැඩේ අමාරුවෙන් හරි ඉවර කරා.. එහෙනම් ඒ විස්තර ටිකත් කියන ගමන් එහෙම නම් යමු නේද කතාව පැත්තට.. ආ අමතක උනා මේකේ ප්‍රධාන නිළියගේ පලවෙනි ෆිල්ම් එක මේක.. ” පවිත්‍රා ලක්ෂ්මි ” එයා විජේ ටීවි එකේ ” කුක් විත් කෝමාලි ” එකෙන් ප්‍රසිද්ද උන කෙනෙක්.. ඔයාලා නම් බලලා නැතුව ඇති ඒ වැඩ සටහන මම නම් ඉතින් ටැමිල් එක්කමනේ.. මම නම් ඔය හැම එකක්ම බලනවා වෙලාවක් තියෙනකොට.. තව මේ ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙනකොට ප්‍රශ්න හුඟක් ආවා.. මොකද නායි ශේකර් කියන නම වඩිවේලුගේ ෆිල්ම් එහෙකත් තියෙනවා..

” නායි ශේකර් රිටර්න්ස් ” කියලා ඒ නම දාලා තියෙන්නේ.. ඒ ප්‍රශ්නේ ඉතින් හිමින් විසඳුනා සතිෂ් පවා එක වීඩියෝ එකක  කිව්වා නායි ශේකර් කිව්ව ගමන්ම අපි කාටත් මතක් වෙන්නේ ” වඩිවේලු ” සර්ව තමයි කියලා.. ( ඒ නම දෙමල සිනමාවේ විකට රජු වඩිවේලුගේ නමක් තමයි.. දෙමල ෆිල්ම් බලන අය දන්නවා ඇති ) මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය “ක්‍රිෂෝර් රාජ්කුමාර් ” ( එයා තමයි ශේකර්ගේ යාලුවට රඟපාන්නෙත් ” ප්‍රකාශ් ” ( තඩි කොල්ලා.. ) එයත් පට්ට දක්ෂයෙක් තමයි.. ( මම මේ ෆිල්ම් එකේ සිංදු ඔක්කොමත් කරලා තියෙන්නේ ඈ ඒවත් බලන්න..) තව මේ සැරෙත් ඉතින් කවර් ෆොටෝ එක හැදුවේ මම සුපුරුදු විදිහටම.. හොඳ ඇති කියලා හිතනවා..!!  

හරි කතාව පැත්තට යමු..

ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්..  පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු විද්යාඥයවරයෙක් මෙයා සත්තුන්ව සම්බන්ධ කරගෙන පරීක්ෂණ වගයක් කරගෙන ඉන්නවා.. ( ඒ මොනවද කියලත් ඔයාලම බලන්නකෝ.. වැඩි විස්තරයක් කියන්නේ නැහැ මම.. ) ඒ විද්යාඥයාගේ එක පරීක්ෂණයක් නිසා ලොකු කරදර ගොඩකට අපේ ශේකර්ට මුහුණ දෙන්න වෙනවා..

මෙතනින් එහාට සිද්දවෙන දේවල් ඔයාලම බලන්න.. වැඩිය විස්තර කිව්වොත් කුතුහලයක් නැති වෙනවා.. කිසිම අවුලක් නැතුව ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.. අනිවා අරගෙන හැමෝම එක්ක බලන්න.. මේකේ සමහර තැන් තියෙනවා අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට ආතල්.. එහෙනම් මම ගියා.. තව මේ වගේ අලුත්ම දෙමල ෆිල්ම් අරගෙන එන්නම් අපේ සිනෙරූ එකත් එක්ක ඉන්න හැමෝටම බලන්න.. බායි.. බායි..

– ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් –

කාණ්ඩය  :  Comedy
අධ්‍යක්ෂණය  : Kishore Rajkumar
නිෂ්පාදනය :  Kalpathi S. Aghoram , Kalpathi S. Ganesh , Kalpathi S. Suresh { AGS Entertainment }
රංගන ශිල්පීන් : Sathish , Pavithra Lakshmi , George Maryan , Sankar Ganesh , Livingston , Manobala , Kishore Rajkumar
ධාවන කාලය     :  2h 10m
තිරගත කල දිනය :  13 January 2022
 IMDB අගය  :  5.8/10

Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Original title நாய் சேகர்
IMDb Rating 4.8 499 votes
TMDb Rating 6 2 votes

Director

S Suresh
Director

Cast

Similar titles

The Family Star (2024) Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
Freakier Friday (2025) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
Secret Magic Control Agency (2021) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published