Video Sources 5 Loading player..

  • සිංහල උපසිරැසි සමග
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles

Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles

Apr. 21, 2023India144 Min.Not Rated
         
Your rating: 0
6 2 votes

Synopsis

(Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles) (Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitle) (Kisi Ka Bhai Kisi Ki Jaan Sinhala Subtitle) (Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Sub)

Kisi Ka Bhai Kisi Ki Jaan 

“කෙනෙක්ට සහෝදරයෙක් , කෙනෙක්ට පෙම්වතෙක්”

One Week to Box Office Roar of Kisi Ka Bhai Kisi Ki Jaan

සුභ දවසක් හැමෝටම ,

හින්දි සිනමාවේ පතාක යෝධයෝ ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි තවත් එක නමක් තමයි සල්මාන් ඛාන් කියන්නේ.. නිකමට හිතලා බලන්න රීමෙක් එකක් කරලත් ඒක හිට් කර ගන්නවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙවෙයි. පසුගිය අප්‍රේල් 21 වෙනිදා තිරගත කිරීම් ඇරඹි මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 20කට ආසන්න කාලයක් දිව යනවා. ඒවගේම ෆිල්ම් එකෙන් ලැබුණු ආදායම ඉන්දියානු රු. කෝටි 200කට ආසන්නව ලැබිලා තියෙනවා කියලා අන්තර්ජාලයේ පල කරලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕන මේ චිත්‍රපටය 2014 තිරගත උනු “වීරම්” ෆිල්ම් එකේ කතාව තමයි පාදක කරගෙන තියෙන්නේ..

කොහොමහරි රිස්ක් එකක් අරගෙන කරපු වැඩේ ප්‍රේක්ෂකයන්ටත් වෙනස්ම අත් දැකීමක් උනා. හින්දි-තෙළිගු සම්මිශ්‍රණයක් එකතු කරගෙන කරපු මේ වැඩේ ගැන පහළටම දාලා කතා කරන්නත් බෑ ඉතිම්.. ආ.. තව හින්දි ෆිල්ම් එකක් කිව්වම වරදින්නෙම නැති දෙයක් තමයි සිංදු , ආයි ඔයාලට මදි නොකියන්නම හොද රසවින්දනයක් ගන්න පුළුවන් සිංදු අටක්ම ෆිල්ම් එකේ තියෙනවා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Salman Khan – [භයිජාන්]
Pooja Hegde – [භාග්‍යා ගුන්ඩාමෙනෙනි]
Venkatesh – [අන්නයියා] / [රෞඩි අණ්ණා]
Jagapathi Babu – [නාගේෂ්වර්]
Vijender Singh – [මහාවීර්]
Siddharth Nigam – [ලව්]
Raghav Juyal – [ඉෂ්ක්]
Jassie Gill – [මෝ]
Shehnaaz Gill – [සුකෝන්]
Palak Tiwari – [මුස්කාන්]
Vinali Bhatnagar – [චාහාත්]

භයිජාන් කියන්නෙ සහෝදරයෝ තුන්දෙනෙක් ගේ වැඩිමල් සහෝදරයා , සරලවම කිව්වොත් එයාගේ මුළු ජීවිතේම උනේ එයාගේ පොඩි මල්ලිලා තුන්දෙනා. භයිජාන් එයාගේ රස්සාව , ආදරය වගේ හැමදේම කැප කරලා එයාගේ මල්ලිලා තුන්දෙනා උස්-මහත් කරලා හොද තැනකට ගෙනාවා. අයියා මල්ලිලා වෙනුවෙන් එයාගේ ආදරේ කැප කරාට මල්ලිලා නම් එහෙම කරේ නෑ.. එයාල භයිජාන්ට හොරෙන්ම ආදර සම්බන්දතා පටන් අරන් තිබුනේ කිසි කෙනෙක්ට නොදැනිමයි. ඉතින් මේ මල්ලිලා තුන්දෙනාට ඕන උනා අයියටත් කසාදයක් කරලා දීලම පස්සේ එයාලා කසාද බදින්න. ඒ අතරම පුරාවස්තු සං‍රක්ෂණ නිලධාරිනියක් විදියට භාග්‍යා කියලා කෙනෙක් දිල්ලි වලට එනවා.

ඉස්සරහට මොකද වෙන්නේ.. ,මම නම් කියන්නෙ නෑ.. ඔයාලම කතාව බලල ඉන්නකෝ..

කරුමෙටම උන දෙයක් තමයි මාස තුනකටත් ආසන්න කාලයක් තියන් ඉදලා Zee5 වෙතින් OTT රිලීස් කරපු මේ ෆිල්ම් එකේ මුලින්ම ආපු පිටපත් වල Esub නැති ප්‍රශ්නයක් ආවා. අන්තිමට හොයලා හොයලා හොයාගනිපු එක මුල ඉදන් කොටලා මේ විදියට දවස් 5කින් වගේ ගේන්න පුළුවන් උනා. තිරය පිටුපස ඉදන් ෆුල් සප් එක දුන්නු අපේ ඉදුවර නිසල් සහෝදරයාවත් මේ වෙලාවේ මතක් කරන්නම ඕන.

එහෙනම් ගිහින් එන්නම් , තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

 

Original title किसी का भाई... किसी की जान
IMDb Rating 6.5 37,248 votes
TMDb Rating 5.9 8 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published