Video Sources 821 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Kaantha (2025) Sinhala Subtitles

Kaantha (2025) Sinhala Subtitles

Nov. 13, 2025India163 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Kaantha (2025) Sinhala Subtitles, Kaantha (2025) Sinhala Sub

2025 නොවැම්බර් 14 වෙනිදින තිරගතවුන, කාල පරිච්ඡේද අභිරහස් නාට්‍යය / ත්‍රාසජනක විදියට වර්ගකරල තියෙනවා.

අධ්‍යක්ෂණය: සෙල්වමනි සෙල්වරාජ් (Selvamani Selvaraj)

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ව 1950 දශකයේ දෙමළ සිනමාවේ ස්වර්ණමය යුගය වෙත රැගෙන යනවා . දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රබල චරිත තුනක් වන – දුල්කර් සල්මාන්, රානා දග්ගුබාති, සමුද්‍රකනි ගේ ප්‍රබල රංගනයක්. සිනමා කර්මාන්තයේ වෙල්වට් තිරය පිටුපස සැඟවුණු ආත්ම අභිමානය, කලාව සහ අපරාධය යන මත් කරවන මිශ්‍රණ ගවේෂණයක් . මුලින්ම මේක දමිළ සිනමාවේ ලෙජ්නට් එම්.කේ. ත්‍යාගරාජ භාගවතාර්ගේ චරිතාපදානයක් කියල කිව්වත් , චිත්‍රපට නිෂ්පාදකයින් පැහැදිලි කළේ මේ ඒ කාලයේම සිනමා තරඟකාරීත්වයෙන් ආභාසය ලැබූ ප්‍රබන්ධ කතාවක් බවයි.

කතාව බලමු

1950 දශකයේ මදුරාසිය (වර්තමාන චෙන්නායි) පසුබිම් කරගත් මෙම කතාව, ගෞරවනීය හා විනයගරුක චිත්‍රපට නිෂ්පාදකයෙකු වන මහත්තයා (සමුද්‍රකනි ) සහ ඔහු විසින් මෙහෙයවනු ලබන ආකර්ශනීය නැගී එන තරුවක් වන ටී.කේ. මහාදේවන් (දුල්කර් සල්මාන්) අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවය තමයි මේ කතාව.

මහාදේවන් ඔහුගේ තරුගුනයෙන් උදම්වීම නිසා නැවතුන චිත්‍රපටයක් නැවත රුගතකිරීම ආරම්භ කිරීම හා ඒ හා අධ්‍යක්ෂකවන ඔහුගේ ගුරුවරයා එක්ක පැනනගින ප්‍රශ්න කුතුහලය එක්ක නිර්මාණය කරපු චිත්‍රපටයක් තමයි කාන්තා..

නළු නිළි සහ චරිත 

දුල්කර් සල්මාන් – ටී.කේ. මහාදේවන් (TKM): නිහතමානී නළුවෙකුගේ සිට සුපිරි තරුවක් දක්වා ගමන් කරන ඔහුගේ ගමන උඩඟුකමෙන් හා අභිලාෂයෙන් පිරී ඇති සංකීර්ණ ප්‍රධාන චරිතයක්

සමුත්තරකනි මහත්තයා : චිත්‍රපටකරණයේ පැරණි සහ නව තරු රැල්ල අතර ගැටෙන, තැන්පත්, ප්‍රතිපත්තිගරුක අධ්‍යක්ෂකවරයා සහ උපදේශකයා.

භාග්‍යශ්‍රී බෝර්සේ  – කුමාරි / රාජ කුමාරි: ප්‍රධාන කාන්තා චරිතය සහ මහාදේවන්ගේ පෙම්වතිය, ගුරු ගෝල ආත්ම අභිමානයේ ගැටුම මැදට හසු තරුණිය. ඉරණම ?

රානා දග්ගුබාති පරීක්ෂක දේවරාජ් (ෆීනික්ස්): රාගත කිරීම් අවසාන භාගයේ සිදුවන අපරාධයක් විමර්ශනය කිරීමට පැමිණෙන තීක්ෂණ පොලිස් නිලධාරියෙකි.

මේ ප්‍රධාන චරිත තුන. මේ තුන්දෙනා එක්ක

රවීන්ද්‍ර විජේ (Ravindra Vijay)
ගායත්‍රී (Gayathrie) – (මහාදේවන්ගේ බිරිඳ දේවි)
නිෂාල්ගල් රවී (Nizhalgal Ravi)
භගවති පෙරුමාල් (Bagavathi Perumal)

අධ්‍යක්ෂණය හා කතාව සෙල්වමනි සෙල්වරාජ්
කැමරාකරණය ඩානි සැන්චෙස්-ලෝපෙස් (Dani Sanchez-Lopez) (මහානති) මේ චිත්‍රපටයේ වැඩකරුනම් මේ කැමරාකරු තමයි. විශිෂ්ට කැමරාකරණයක්. විශේෂයෙන්ම කාලය ( ෆ්ලෑෂ් බැක්) සදහා යොදාගෙන ඇති කළුසුදු උපක්‍රමය.
සංගීතය
ගීත: ජානු චන්දර් විසින් රචනා කරන තියෙන්නේ “පනිමලරේ” (Panimalare) සහ “රේජ් ඔෆ් කාන්තා” (Rage of Kaantha) වැනි ගීත ඒවායේ පැරණි-නවීන මිශ්‍රණය

පසුබිම් සංගීතය: ත්‍රාසජනක අංග සඳහා තීව්‍රතාවය එක් කරමින් ජේක්ස් බෙජෝයි විසින් සංගීතවත් කර ඇත.

නිෂ්පාදන

මෙම චිත්‍රපටය දුල්කර් සල්මාන්ගේ වේෆෙරර් ෆිල්ම්ස් (Wayfarer Films) සහ රානා දගුබාතිගේ ස්පිරිට් මීඩියා (Spirit Media) හි හවුල් නිෂ්පාදනයක්.

 

Kaantha (2025) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Original title காந்தா
IMDb Rating 8.5 5,909 votes
TMDb Rating 6.75 4 votes

Similar titles

Vel (2007) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Hedda (2025) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Solitarium (2025) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published