Video Sources 3640 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Hanu-Man (2024) Sinhala Subtitles

Hanu-Man (2024) Sinhala Subtitles

The Most Powerful Superhero In The UniverseJan. 11, 2024India159 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Hanu-Man (2024) Sinhala Subtitles) (Hanu-Man (2024) Sinhala Subtitle) (Hanu-Man (2024) Sinhala Sub) (Hanu-Man Sinhala Subtitle) (HanuMan Sinhala Subtitle) (Hanuman Sinhala Subtitle)

සුභ දවසක් හැමෝටම,

පහුගිය කාලේ අධ්‍යාපන වැඩත් එක්ක කාර්යබහුල උනු මම ඔන්න නිවාඩුවක් ලැබුනු සැනින් අළුත්ම තෙලිගු උපසිරසියක් අරගෙන සිනෙරූ පවුලට ගොඩ වැදුනා. ඇත්තම කතාව කිව්වොත් මම මේ උපසිරැස කැම් පිටපතකට හදන්න ලෑස්ති උනත් වැඩත් එක්ක ඒක ඉවර කර ගන්න පුළුවන් උනේ නෑ.. කොහොම හරි HD පිටපත් නිකුත් වෙලත් දවස් කිහිපයක ප්‍රමාදයක් උනාට සමාවෙන්න කියලා කියනවා ! ????

“හනුමාන් දෙවියන්ගේ ආශිර්වාද ලත් හනු-මෑන්” මේක දේව කතාවක්ද සුපිරි වීරයෙක්ගේ කතාවක්ද ? කතාව මොනවගේද කියලා බලන්නම වෙනවා ඉතින්.. ප්‍රශාන්ත් වර්මාගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ හනු- මෑන් ෆිල්ම් එක වෙනස්ම රහකට ප්‍රේක්ෂකයින්ගේ හිත් වලට කා වැදුනා.. අපි සාම්ප්‍රදායිකව දකින දේව කතා.. රාමායණ කතාවෙන් ඔබ්බට ගිහින් ලොකු – කුඩා කාටත් බලන්න පුළුවන් සමාජෙට ගැලපෙන තේමාවක් තෝරගෙන මේ කරපු වැඩේ අතිවිශිෂ්ඨයි කියලා මම කියන්න ඕන. පසුගිය ජනවාරි 12 වෙනිදා සංක්‍රාන්ති උත්සවය මුල් කරගෙන තිරගත කිරීම් ඇරඹි මේ සිනමාපටයට නොසිතූ අයුරින් වැල නොකැඩී ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇදෙන්න ගත්තා.

Hanu Man (2024) - IMDb

ඇත්තටම මම පෞද්ගලිකව දේව කතා වලට කැමැත්තක් දක්වන කෙනෙක්, මේවා විශ්වාස කරන නොකරන එක ඔයාලගේ වැඩක්.. ඒත් මේ හැම කතාවකම තියෙන්නේ.. අයහපත් වැඩ නොකර යහපත් වැඩ කරන්න කියලා එතකොට තමයි නොපෙනෙන දෙවියෝ උනත් උදව්වට එන්නේ..

බජරංගබලී.. හෙවත් පවන් පුත්‍ර හනුමාන්.. අංජනී දේවියගෙයි කේසරී එහෙමත් නැත්නම් පවන් දෙවියන්ගේ පුතා වෙන හනුමාන් උපත ලබන්නෙම සුවිශේෂී කාර්යභාරයක් උදෙසා… ඒ තමයි විශ්නු දෙවියන්ගේ අවතාරයක් වන රාමාට උදව් කරන කෙනෙක් විදියට.. මේ ගැන ඔයාලත් රාමායන කතාව බලලා තියේ නම් දන්නවා. හනුමාන්ගේ රුව වදුරු ස්වරූපයක් ගත්තට හනුමාන්ට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.. ශක්තියක්.. බුද්ධියක්.. (“ශක්ති” කියලා හින්දි ටීවි සීරිස් එකක් තියෙනවා.. ඒකෙන් හනුමාන්ගේ පොඩි කාලේ ගැන බලාගන්න පුළුවන්.. හිරු ටිවි එකෙත් ගියා හැබැයි ඒක)

අතේ ඇගිලි ගානටවත් ෆිල්ම් කරපු නැති නළුවෙක් ෆිල්ම් එකකින් දෙකකින් ලෝකෙම හෙල්ලෙන්න වැඩක් කරනවා කියන්නේ.. ඒ කෙනා දක්ෂයෙක්.. ඔව්.. මං මේ කියන්නේ තේජා සජ්ජා ගැන.. 2021 දි සොම්බි රෙඩ්ඩි කියලා වෙනස් අත්හදා බැලීමක් එක්ක එන එයා ඒ කඩඉමත් සාර්ථකව ජය ගන්නවා.. ඊට පස්සේ 2024 දි ඊටත් නොදෙවෙනි කම්බැක් එකක් හනුමෑන් එකෙන් අපිට දීලා ඒකත් බොක්ස් ඔෆීස් හිට් කරනවා බලාගන්න පුළුවන්.

අනිත් පැත්තෙන් අම්රිතා අයියර්, කලින් ෆිල්ම් කීපෙකම රංගනයෙන් දායක වෙලා තිබුනත් අම්රිතා ඉන්ඩ්‍රස්ට්‍රි එකට කම්බැක් එකක් දෙන්නේ තලපති විජේගේ බිගිල් ෆිල්ම් එකෙන්.. එතනිනුත් පස්සේ ඇය රෙඩ්.. ලිෆ්ට්.. ෆිල්ම් වලට පස්සේ ඔන්න කිං ඛාන්ගේ ජවාන් ෆිල්ම් එකෙනුත් අපිට මෙයාව දැකගන්න පුළුවන් උනා. ඒක එයාගේ ටැලන්ට් එක තමයි

ඒවගේම වරලක්ෂ්මි සරත් කුමාර් කියන්නෙත් දැන් වෙනම අයිකන් එකක් කියලා හදුන්වන්න පුළුවන් කෙනෙක්. මේ ෆිල්ම් එකෙත් අංජම්මා කියන භූමිකාවෙන් ආදරය හංගගෙන ඉන්න නපුරු අක්කා කෙනෙක්ගේ චරිතයක් කරනවා බලාගන්න පුළුවන්.. ඇත්තටම මමත් ඒ අක්කගෙයි මල්ලිගෙයි සහෝදර ප්‍රේමය දැකලා සංවේදී උනා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Teja Sajja – [හනුමන්තු]
Varalaxmi Sarathkumar – [අංජම්මා]
Amritha Aiyer – [මීනක්ෂි]
Vinay Rai – [මයිකල්]
Vennela Kishore – [සිරි වෙන්නෙලා]

Chiranjeevi speech at "HanuMan" Pre-release event

අංජනන්ද්‍රි වල මිනිස්සු රවට්ටලා හොරකම් කරන පුරුද්දක් තිබුනු හනුමන්තුට මීනාක්ෂි ගැන පුංචි කාලෙදිම ඇති උනු ආදරයක් තිබුනා.. කැලෑවකින් වටවෙලා තිබුනු අංජනන්ද්‍රි වලට මංකොල්ලකාරයෝ එන්නෙ නැති උනාට.. අහම්බෙන් වගේ මංකොල්ලකාරයින්ට හසුවෙන මීනක්ෂි බේරගන්න ගිහින් හනුමන්තු දරුණු තුවාල ලැබ වතුරට වැටෙනවා.. ඒ අවස්ථාවෙදි එයා වෙනුවෙන්ම බලන් හිටපු දෙයක් එයාගේ අතට පත් වෙනවා. ඒ තමයි මනිබාබු.. මේ මනිබාබු නිසා හනුමන්තුගේ ජීවිතේ එතැන් පටන් සම්පූර්ණෙන්ම වෙනස් වෙනවා බලාගන්න පුළුවන්.

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

ඒවගේම කියන්න ඕන කාලරාමු සින්ක් කරන්න ශාන් සසංග සහෝදරයා උදව් කරා වගේම මේ වෙනුවෙන් තිරය පිටුපස ඉදන් උදව් කරපු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Original title హను-మాన్
IMDb Rating 8.2 19,527 votes
TMDb Rating 6.556 9 votes

Director

Cast

Teja Sajja isHanumanthu / Hanu-Man
Hanumanthu / Hanu-Man
Vinay Rai isMichael / Mega-Man
Michael / Mega-Man
Amritha Aiyer isMeenakshi
Meenakshi
Vennela Kishore isDr.Siri Vennela
Dr.Siri Vennela
Deepak Shetty isGajapathi
Gajapathi
Samuthirakani isVibhishana
Vibhishana
Satya isGunneswara Rao
Gunneswara Rao
Rohini Reddy isMeenakshi's Friend
Meenakshi's Friend

Similar titles

2018 (2023) Sinhala Subtitles
Fake Bodyguard (2021) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Nartanasala (2018) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Saindhav (2024) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published