Guard: Revenge For Love (2025) Sinhala Subtitles

Guard: Revenge For Love (2025) Sinhala Subtitles

Revenge for LoveFeb. 28, 2025India118 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Guard: Revenge For Love (2025) Sinhala Subtitles) (Guard: Revenge For Love (2025) Sinhala Subtitle) (Guard: Revenge For Love (2025) Sinhala Sub)

මේක වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල එක්තරා ගොඩනැගිල්ලක් වෙන M ගොඩනැගිල්ලේදි. සුශාන්ත් කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාත්‍රී මුර සංචාරයේ නිරත වෙන කෙනෙක්. මෙයා සෑම් කියන ඩොක්ටර් එක්කත් හාදකමක් හදාගත්තු කෙනෙක්. එක්තරා රැයකදී සෑම් සහ සුශාන්ත් දෙන්නම යනවා ඒ බිල්ඩින් එකට. ඒ සුශාන්ත් වැඩ කරන තැන බලන්න ඕනේ කියන සෑම්ගේ ඉල්ලීමකට. මේකේ ප්‍රතිපලයක් විදිහට එක්තරා ආත්මයක් සෑම්ගේ ඇගට ඇවිල්ලා ආවේශ වෙනවා. ඒක වෙන්නේ එක්තරා කෙනෙක්ගේ මාලයක් පැළදගත්තු හින්දා. මෙතනින් තමයි මේ ආත්මයේ පළිගැනීමේ කතාව පටන් ගන්නේ. එතනින් එහාට වෙන්නේ මේ ආත්මයේ සැගවුණු රහස් ටික සුශාන්ත් හොයාගන්න විදිහ වගේම එයාගේ පලිගැනීම කොහොමද වෙන්නේ කියන එක.

සාමාන්‍යයෙන් පිටරටක තනි චිත්‍රපටයක් රූ ගත කරන්නේ ගොඩක්ම අඩුවෙන්. එහෙමත් නැත්නම් සතියක් හරි මාසයක් හරි තමයි රූගත කිරීම් කරන්නේ. එහෙත් චිත්‍රපටයක් තනිකරම රූගත කරන අවස්ථාත් නැතුවාම නෙවෙයි. මේකත් ඒ වගේ අවස්ථාවක්.

මේ චිත්‍රපටයේ නම ‘Guard: Revenge For Love’. 2025 පෙබරවාරි 28 වෙනිදා තිරගත වුනු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජගා පෙද්දීගෙන්. රචනය අධ්‍යක්ෂකතුමා සහ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවෙක් වෙන විරාජ් රෙඩ්ඩි චීලම්ගෙන්. නිෂ්පාදනය අනසුයා රෙඩ්ඩිගෙන්. සංගීත අධ්‍යක්ෂණය ප්‍රානේ කලේරු සහ සිද්ධාර්ත් එස් අදාසිවුනිගෙන්. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් ගණයට. මේකේ තිර කාලය පැය 1යි විනාඩි 58යි.

කාස්ට් එක ගැන කියන්න ගියොත් මේ අය මුල්ම වතාවටයි රගපාන්නේ.. විරාජ් රෙඩ්ඩි චීලම්, සන්දීප් රෙඩ්ඩි චිලම්, ශිල්පා බාලක්‍රිෂ්නන්, මිමි ලෙනොර්ඩ්, මුරලි පරිශේ, කමල් ක්‍රිෂ්ණා වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 5.6/10ක්, ගූගල් පරිශීලක අගය 43%ක් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා ජූලි 22 වෙනිදා මුදා හැරෙනවා.

මේක ටිකක් පරණ වුනත් මේක ගේන්න හිතුවේ හොරර් එකක් නිසාමයි. නැත්නම් මේකත් ප්‍රේක්ෂකයින්ට මග හැරෙනවා.

ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි..

Guard: Revenge For Love (2025) Sinhala Subtitles
Guard: Revenge For Love (2025) Sinhala Subtitles
Original title గార్డ్
IMDb Rating 5.6 2,579 votes

Similar titles

Old (2021) Sinhala Subtitles
Thimmarusu (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Dust Bunny (2025) Sinhala Subtitles
Boss Level (2020) Sinhala Subtitles
Cobra (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
12A Railway Colony (2025) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published